Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




එසකියෙල් 20:38 - Sinhala Revised Old Version

38 තවද මට විරුද්ධව කැරළිගසන්නන්ද ද්‍රෝහිකම්කරන්නන්ද මම නුඹලාගෙන් වෙන්කොට ඔවුන් පොරොත්තුව සිටින දේශයෙන් පිටකරන්නෙමි, නුමුත් ඔව්හු ඉශ්‍රායෙල් රටට ඇතුල් නොවන්නෝය. මෙසේ මා ස්වාමීන්වහන්සේ බව නුඹලා දැනගන්නහුය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

38 තවද, මට විරුද්ධ ව කැරලි ගසන්නන් ද ද්‍රෝහිකම් කරන්නන් ද මම නුඹලාගෙන් වෙන් කොට ඔවුන් පදිංචි වී සිටින දේශයෙන් පිට කරන්නෙමි. එහෙත්, ඔව්හු ඉශ්රායෙල් රටට ඇතුළු නොවන්නෝ ය. මෙසේ මා සමිඳාණන් වහන්සේ බව නුඹලා දැනගන්නහු ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

38 තවද, මට විරුද්ධ ව කැරලි ගසන්නන් ද ද්‍රෝහිකම් කරන්නන් ද මම නුඹලාගෙන් වෙන් කොට ඔවුන් පදිංචි වී සිටින දේශයෙන් පිට කරන්නෙමි. එහෙත්, ඔව්හු ඉශ්රායෙල් රටට ඇතුළු නොවන්නෝ ය. මෙසේ මා සමිඳාණන් වහන්සේ බව නුඹලා දැනගන්නහු ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




එසකියෙල් 20:38
26 හුවමාරු යොමු  

මාගේ අතද නිෂ්ඵල දේ දකින්නාවූ බොරු දිවස් කියන්නාවූ අනාගතවක්තෘවරුන්ට විරුද්ධවන්නේය. ඔව්හු මාගේ සෙනඟගේ සභාවේ නොසිටින්නෝය. ඉශ්‍රායෙල් වංශයේ ලේකම් පොතේ ලියනු නොලබන්නෝය, ඉශ්‍රායෙල් රටට ඇතුල් නොවන්නෝය; මෙසේ මා ස්වාමිවූ දෙවියන්වහන්සේ බව නුඹලා දැනගන්නහුය.


එබැවින්: ඔව්හු මා දෙන නිවාඩුවට නොපැමිණෙන්නෝයයි මාගේ උදහසින් දිවුළෙමි.


උන්වහන්සේ රිදී උණුකර පිරිසිදුකරන කෙනෙක් මෙන් සිට, ලෙවී පුත්‍රයන් ධර්මිෂ්ඨකමෙන් ස්වාමීන්වහන්සේට පූජා ඔප්පුකරන්නන්ව සිටින පිණිස ඔවුන් පිරිසිදුකර, රන් රිදී මෙන් ඔවුන් පවිත්‍රකරනසේක.


නුඹලා අතරෙහි මැරුම්කෑවුන් වැටෙනවා ඇත, මෙසේ මා ස්වාමීන්වහන්සේ බව නුඹලා දැනගන්නවා ඇත.


මිසර දේශයෙහි පොරොත්තුව සිටින්ට ගිය ඉතිරි යූදාවරුන් යූදා දේශයෙහි විසීමට හැරීඑන්ට ආශාවෙන් සිටින්නේවී නුමුත්, ඔවුන්ගෙන් කිසිවෙක් ගැළවී ඉතිරි නොවන්නේය; සැඟවී යන අය මිස වෙන කිසිවෙක් හැරී නොඑන්නේයයි කීය.


ඔවුන් නුඹලාගේ සල්ලාලකමේ ඵල නුඹලා පිටට පමුණුවනවා ඇත, නුඹලාගේ පිළිමවල පාපද නුඹලා දරා, මා ස්වාමිවූ දෙවියන්වහන්සේ බව දැනගන්නවා ඇතැයි කීසේක.


මාගේ මුහුණද ඔවුන්ට විරුද්ධව තබන්නෙමි; ඔවුන් ගින්නෙන් නික්ම ගිය නුමුත් ගින්න ඔවුන් නාස්තිකරනවා ඇත; මා විසින් ඔවුන්ට විරුද්ධව මාගේ මුහුණ තබන විට මා ස්වාමීන්වහන්සේ බව නුඹලා දැනගන්නහුය.


නුමුත් තමුන්ගේ අශික්ෂිතකම්ද තමුන්ගේ පිළිකුල්කම්ද කෙරෙහි තිබෙන ආශාව ලෙස සිත ඇදීයන්නාවූ අයගේ හිස් පිටට ඔවුන්ගේ මාර්ගය පමුණුවන්නෙමියි ස්වාමිවූ දෙවියන්වහන්සේ කියනසේකැයි කීය.


ස්වාමීන්වහන්සේ යුක්තිය ඉෂ්ටකොට තමන්ම දැක්වූසේක; දුෂ්ටයා තමා අතින් කළ ක්‍රියායෙහිම අසුවී සිටියි.


ඉඳින් ස්වාමීන්වහන්සේ මිසරදේශයෙන් සෙනඟක් ගළවා, ඉන්පසු විශ්වාස නොකළවුන් විනාශකළසේක යන මේ සියල්ල එක වරක්ම නුඹලා දැනගන සිටින නුමුත්, මම නුඹලාට එය සිහිකරවන්ට කැමැත්තෙමි.


එබැවින් සමහරුන් ඊට ඇතුල්වන්ට ඕනෑ බැවිනුත් ඒ ශුභාරංචිය පළමුකොට ඇසූ අය අකීකරුකම නිසා ඇතුල් නූණ බැවිනුත්,


මක්නිසාද අදහාගත් අපි ඒ විශ්‍රාමස්ථානයට ඇතුල්වෙමුව; ඒ ප්‍රකාරයට: මාගේ උදහසින් දිවුළ ලෙස ඔව්හු මාගේ විශ්‍රාමස්ථානයට ඇතුල් නොවන්නෝයයි උන්වහන්සේ කියා තිබේ. එසේවුවත් ලෝකය මැවීමේ සිට වැඩ නිමවී තිබුණේය.


එසේවී නුමුත් ඔවුන්ගෙන් වැඩිදෙනාට දෙවියන්වහන්සේ ප්‍රසන්න නොවූසේක. එබැවින් ඔව්හු කාන්තාරයෙහි හෙළාදමනු ලැබුවෝය.


උන්වහන්සේගේ කුල්ල තමන්වහන්සේගේ අතේය, උන්වහන්සේ තමන් කමත හොඳ හැටි පවිත්‍රකරනසේක; තමන් ධාන්‍ය අටුවට රැස්කොට, බොල් නොනිවෙන ගින්නෙන් දවනසේකැයි කීවේය.


තවද මා දුන්නාවූ, කිරිද මීපැණිද ගලායන්නාවූ, සියලු දේශවලට වඩා උතුම්වූ දේශයට ඔවුන් නොපමුණුවමියි කියා කාන්තාරයේදී ඔවුන්ට මාගේ අත එසෙවුවෙමි.


මෙසේ කළේ ඔවුන් මාගේ විනිශ්චයන් එපාකොට, මාගේ පනත් ප්‍රකාර නොහැසිර, මාගේ සබත් කෙලෙසූ නිසාය. මක්නිසාද ඔවුන්ගේ සිත් ඔවුන්ගේ දේවරූප පස්සේ ගියෝය.


මම ජනයන් අතරෙන් නුඹලා පිටතට පමුණුවා, නුඹලා විසිරී සිටින දේශවලින් බලවත් අතකින්ද දිගුකළ හස්තයකින්ද කෝපය වැගිරවීමෙන්ද නුඹලා රැස්කරන්නෙමි.


බලව, මම නෙහෙලාමිය ෂෙමායාටත් ඔහුගේ වංශයටත් දඬුවම්කරන්නෙමි; ඔහු ස්වාමීන්වහන්සේට විරුද්ධව කැරළිකාර වචන කථාකළ බැවින් මේ සෙනඟ අතරේ වාසයකිරීමට මනුෂ්‍යයෙක් ඔහුට නොවන්නේය, මා විසින් මාගේ සෙනඟට කරන යහපත ඔහු දකින්නෙක් නැත කියා ස්වාමීන්වහන්සේ කියනසේකැයි කියා අරින්නැයි කීවේය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්