Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




එසකියෙල් 20:36 - Sinhala Revised Old Version

36 මිසර දේශයේ කාන්තාරයේදී මම නුඹලාගේ පියවරුන් සමඟ විනිශ්චයට පැමුණුණාක්මෙන් නුඹලා සමඟත් විනිශ්චයට පැමිණෙන්නෙමියි ස්වාමිවූ දෙවියන්වහන්සේ කියනසේක.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

36 මිසර දේශයේ පාළුකරයේ දී මම නුඹලාගේ පියවරුන් විනිශ්චය කළාක් මෙන් නුඹලා ද විනිශ්චයට පමුණුවන්නෙමි”යි මහෝත්තම දෙවි ස්වාමීන් වහන්සේ වදාරන සේක.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

36 මිසර දේශයේ පාළුකරයේ දී මම නුඹලාගේ පියවරුන් විනිශ්චය කළාක් මෙන් නුඹලා ද විනිශ්චයට පමුණුවන්නෙමි”යි මහෝත්තම දෙවි ස්වාමීන් වහන්සේ වදාරන සේක.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




එසකියෙල් 20:36
17 හුවමාරු යොමු  

නුමුත් දරුවෝ මට විරුද්ධව කැරළිගසා, මාගේ පනත් ප්‍රකාර නොහැසිර, මනුෂ්‍යයෙක් ජීවත්වෙන පිණිස ඔහු විසින් පවත්වන්ට ඕනෑවූ මාගේ විනිශ්චයන් ඉෂ්ටකරන ලෙස ඒවා නොපවත්වා, මාගේ සබත් කෙලෙසුවෝය. එවිට මම කාන්තාරයේදී මාගේ කෝපය ඔවුන් පිටට වගුරුවා මාගේ උදහස ඔවුන් කෙරෙහි ඉෂ්ටකරන්ට සිතුවෙමි.


නුමුත් ඉශ්‍රායෙල් වංශය කාන්තාරයේදී මට විරුද්ධව කැරළිගසා, මාගේ පනත් ප්‍රකාර නොහැසිර, මාගේ විනිශ්චයන් එපාකළෝය; මනුෂ්‍යයෙක් ඒවා පවත්වන්නේ නම් ඔහු එයින් ජීවත්වන්නේය; ඔව්හු මාගේ සබත් බොහෝසෙයින් කෙලසුවෝය. එවිට ඔවුන් නැතිකරදැමීමට කාන්තාරයේදී මාගේ කෝපය ඔවුන් පිටට වගුරුවන්ට සිතුවෙමි.


කාන්තාර දේශයකදීද පාළුවූ භයංකරවූ වනයේදීද ඔහු උන්වහන්සේට සම්බවිය; උන්වහන්සේ ඔහු වටකරගෙන, ඔහු රැක බලාගෙන, තමන් ඇසේ කළුරුවාව මෙන් ඔහු රක්ෂාකළ සේක.


ස්වාමීන්වහන්සේ තමන් සෙනඟගේ වැඩිමහල්ලන්ද ඔවුන්ගේ අධිපතීන්ද විනිශ්චයකිරීමට පැමිණෙනසේක. මිදිවත්ත කාදැමුවේ නුඹලාය; අසරණයන්ගෙන් ගත් කොල්ලය නුඹලාගේ ගෙවල තිබේ.


එබැවින් නුඹලා සමඟ මම තවමත් කාරණා ගෙනහැර දක්වමි, නුඹලාගේ දරුවන්ගේ දරුවන් සමඟත් කාරණා ගෙනහැර දක්වන්නෙමියි ස්වාමීන්වහන්සේ කියනසේක.


මහත් ශබ්දයක් පොළොවේ කෙළවර දක්වා පැමිණෙන්නේය; මක්නිසාද ස්වාමීන්වහන්සේට ජාතීන් සමඟ නඩුවක් තිබේ, උන්වහන්සේ මාංසමයවූ සියල්ලන් සමඟ විනිශ්චයට පැමිණෙනසේක; දුෂ්ටයන් වනාහි කඩුවට පාවා දෙනසේකැයි ස්වාමීන්වහන්සේ කියනසේක.


මාගේ දැල ඔහු පිට හෙළන්නෙමි, ඔහු මාගේ මලපතට අසුවන්නේය, මම ඔහු බබිලෝනියට පමුණුවා, මට විරුද්ධව කර තිබෙන ඔහුගේ ද්‍රෝහිකම ගැන එහිදී ඔහු සමඟ විනිශ්චයට පැමිණෙන්නෙමි.


ජනයන් නැමති කාන්තාරයට නුඹලා ගෙනැවිත්, එහිදී මුහුණට මුහුණලා නුඹලා සමඟ විනිශ්චයට පැමිණෙන්නෙමි.


පොළොවේ සියලු වංශවලින් නුඹලා පමණක් ඇඳිනගත්තෙමි. එබැවින් නුඹලාගේ සියලු අයුතුකම් නිසා නුඹලාට දඬුවම්කරන්නෙමි.


මාගේ බැටළුවෙනි, නුඹලාට ස්වාමිවූ දෙවියන්වහන්සේ මෙසේ කියනසේක: මම සිව්පාවුන් සහ සිව්පාවුන්ද එනම් බැටළුවන් සහ එළුවන්ද අතරේ විනිශ්චය කරමි.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්