Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




එසකියෙල් 20:19 - Sinhala Revised Old Version

19 මම නුඹලාගේ දෙවිවූ ස්වාමීන්වහන්සේය; මාගේ පනත් ප්‍රකාර හැසිර, මාගේ විනිශ්චයන් පවත්වා, ඒවා කරන්න.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

19 මම නුඹලාගේ දෙවි ස්වාමීන් වහන්සේ ය; මාගේ ආඥා ප්‍රකාර හැසිර, මාගේ පණත් අනුගමනය කර ඒවා පිළිපදින්න;

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

19 මම නුඹලාගේ දෙවි ස්වාමීන් වහන්සේ ය; මාගේ ආඥා ප්‍රකාර හැසිර, මාගේ පනත් අනුගමනය කර ඒවා පිළිපදින්න;

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




එසකියෙල් 20:19
27 හුවමාරු යොමු  

මාගේ ආත්මය නුඹලා තුළ තබා, නුඹලා මාගේ පනත් ප්‍රකාර හැසිර මාගේ විනිශ්චයන් පවත්වමින් ඒවා කරන්ට සලස්වන්නෙමි.


එබැවින් නුඹලාගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ නුඹලාට අණකළ ලෙස කරන්ට බලාගන්න. දකුණටවත් වමටවත් නොහැරෙන්න.


මාගේ සේවකයාවූ දාවිත් ඔවුන් කෙරෙහි රජවන්නේය; ඔවුන් සියල්ලන්ටම එක එඬේරෙක් වන්නේය. ඔව්හු මාගේ විනිශ්චයන් ලෙස හැසිර, මාගේ පනත් පවත්වා, ඒවා කරන්නෝය.


ඔවුන්ගේ මාංසයෙන් ගල් සිත පහකොට මාංසමයවූ සිතක් ඔවුන්ට දෙන්නෙමි. මෙසේ ඔව්හු මාගේ සෙනඟ වන්නෝය, මමද ඔවුන්ගේ දෙවියන්වහන්සේ වන්නෙමි.


උන්වහන්සේ ජාතීන්ගේ දේශයන් ඔවුන්ට දුන්සේක; ඔව්හු මනුෂ්‍ය වර්ගයන්ගේ උත්සාහයේ ලාභය අයිතිකරගත්තෝය. ස්වාමීන්ට ප්‍රශංසාකරව්.


නුඹේ පියවරුන්ගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ නුඹට හිමිකරගැනීමට දෙන දේශයේදී නුඹලා භූමිය මතුපිට ජීවත්වෙන සියලුම දවස්වල නුඹලා විසින් රක්ෂාකරන පිණිස බලාගන්ට ඕනෑවූ පනත්ද විනිශ්චයවල්ද මේවාය.


එබැවින් නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේට ප්‍රේමකරමින් උන්වහන්සේගේ නියමයන්ද පනත්ද විනිශ්චයන්ද ආඥාද නිතර පවත්වන්න.


නුඹලා ජීවත්ව බෝවෙන පිණිසද ස්වාමීන්වහන්සේ නුඹලාගේ පියවරුන්ට දිවුළ දේශයට ඇතුල්ව ඒක හිමිකරගන්නා පිණිසද අද මා විසින් නුඹට අණකරන මුළු ආඥාව රක්ෂාකරන්ට බලාගන්න.


මෝසෙස් සියලු ඉශ්‍රායෙල්වරුන් කැඳවා ඔවුන්ට කථාකොට: එම්බා ඉශ්‍රායෙල්වරුනි, අද නුඹලා අසාගන සිටියදී මා කියන පනත්ද විනිශ්චයවල්ද අසන්න; නුඹලා ඒවා ඉගෙනගෙන ඒවා කරන්ට බලාගන්න.


ඉතින් ඉශ්‍රායෙල්වරුනි, නුඹලා ජීවත්ව සිට නුඹලාගේ පියවරුන්ගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ නුඹලාට දෙන දේශයට ඇතුල්වී ඒක හිමිකරගන්නා පිණිස පවත්වන්ට මා විසින් නුඹලාට උගන්වන පනත්වලටද විනිශ්චයවලටද ඇහුම්කන්දෙන්න.


නුඹලා මාගේ සෙනඟ කොට පිළිගෙන නුඹලාට දෙවිකෙනෙක් වන්නෙමි. මෙසේ මම මිසරවරුන්ගේ බරවලින් නුඹලා පිටතට ගෙනෙන නුඹලාගේ දෙවිවූ යෙහෝවඃවහන්සේ බව නුඹලා දැනගන්නහුය.


නුඹලා හිමිකරගන්ට යන දේශයෙහි නුඹලා ජීවත්ව සිටින පිණිසත් නුඹලාට ශුභ සිද්ධවන පිණිසත් නුඹලාගේ දවස් වැඩිකරගන්න පිණිසත් නුඹලාගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ නුඹලාට අණකර තිබෙන මුළු මාර්ගයෙහි හැසිරෙන්න.


නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේට භයව නුඹේ ජීවිතයේ සියලු දවස්වල නුඹද නුඹේ පුත්‍රයාද නුඹේ පුත්‍රයාගේ පුත්‍රයාද මා විසින් නුඹට අණකරන උන්වහන්සේගේ සියලු පනත් සහ ආඥා පවත්වන පිණිසත් නුඹේ දවස් වැඩිවෙන පිණිසත්,


නුඹලා හිමි කරගන්ට එතරව යන්නාවූ දේශයේදී පැවැත්වීමට නුඹලාට උගන්වන හැටියට මට අණකළ ආඥාවද පනත්ද විනිශ්චයවල්ද මේවාය.


නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේ නුඹ යටහත්කර, නුඹ සෝදිසිකර, උන්වහන්සේගේ ආඥා නුඹ රක්ෂාකරනවාද නැද්දැයි නුඹේ සිතේ තිබෙන දෙය දැනගන්නා පිණිස මේ සතළිස් අවුරුද්දේ කාන්තාරයෙහි නුඹ ගෙනගිය මුළු මාර්ගය සිහිකරන්න.


නුඹලා මාගේ විනිශ්චයයන් ඉෂ්ටකර මාගේ පනත් පවත්වා ඒවායේ හැටියට හැසිරෙන්න. මම නුඹලාගේ දෙවිවූ ස්වාමීන්වහන්සේය.


අප විසින් ඔබගේ නියෝග උත්සාහයෙන් පවත්වන පිණිස ඔබ ඒවා අපට අණකළසේක.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්