Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




එසකියෙල් 20:16 - Sinhala Revised Old Version

16 මෙසේ කළේ ඔවුන් මාගේ විනිශ්චයන් එපාකොට, මාගේ පනත් ප්‍රකාර නොහැසිර, මාගේ සබත් කෙලෙසූ නිසාය. මක්නිසාද ඔවුන්ගේ සිත් ඔවුන්ගේ දේවරූප පස්සේ ගියෝය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

16 මෙසේ කෙළේ, ඔවුන් මාගේ පණත් එපා කොට, මාගේ ආඥා ප්‍රකාර නොහැසිර, මාගේ සබත් කෙලෙසූ නිසා ය. මක්නිසා ද, ඔවුන්ගේ සිත් ඔවුන්ගේ දේව රූප දෙසට ඇදී ගියේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

16 මෙසේ කෙළේ, ඔවුන් මාගේ පනත් එපා කොට, මාගේ ආඥා ප්‍රකාර නොහැසිර, මාගේ සබත් කෙලෙසූ නිසා ය. මක්නිසා ද, ඔවුන්ගේ සිත් ඔවුන්ගේ දේව රූප දෙසට ඇදී ගියේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




එසකියෙල් 20:16
11 හුවමාරු යොමු  

නුඹලා දාවල්ල බලා ස්වාමීන්වහන්සේගේ සියලු ආඥා සිහිකොට ඒවා කරන පිණිසත්, නුඹලා පුරුදු ලෙස අනාචාරකම් කරමින් නුඹලාගේ සිත්ද ඇස්ද අනුව නොයන පිණිසත්,


නුමුත් ඔව්හු මට ඇහුම්කන්දෙන්ට කැමැති නොවී, මට විරුද්ධව කැරළිගැසුවෝය; ඔවුන් තම තමුන්ගේ ඇස්වලට ප්‍රියවූ අශික්ෂිතකම් පහකර දැමුවේවත් මිසරයේ දේවරූප අත්හැරියේවත් නැත. එවිට මම මිසර දේශයේදී මාගේ කෝපය ඔවුන් පිටට වගුරුවා, මාගේ උදහස ඔවුන් කෙරෙහි ඉෂ්ටකරන්ට සිතුවෙමි.


ඈ මිසරයේදී පටන්ගත් ඇගේ වේශ්‍යාකම් අත්හැරියේ නැත; මක්නිසාද ඇගේ යෞවන වයසේදී ඔව්හු ඈ සමඟ සයනයකළෝය, මොව්හුද ඇගේ කන්‍යා වයසේ තනපුඩු මිරිකා ඔවුන්ගේ වේශ්‍යාකම ඈ පිට වැගිරෙවුවෝය.


ඒ තැනැත්තියෝ තමුන්ගේ දෙවිවරුන්ගේ යාගවලට සෙනඟ කැඳෙවුවෝය. සෙනඟ කා ඔවුන්ගේ දෙවිවරුන් ඉදිරියේ වැඳ වැටුණෝය.


නුමුත් තමුන්ගේ අශික්ෂිතකම්ද තමුන්ගේ පිළිකුල්කම්ද කෙරෙහි තිබෙන ආශාව ලෙස සිත ඇදීයන්නාවූ අයගේ හිස් පිටට ඔවුන්ගේ මාර්ගය පමුණුවන්නෙමියි ස්වාමිවූ දෙවියන්වහන්සේ කියනසේකැයි කීය.


තවද මට විරුද්ධව කැරළිගසන්නන්ද ද්‍රෝහිකම්කරන්නන්ද මම නුඹලාගෙන් වෙන්කොට ඔවුන් පොරොත්තුව සිටින දේශයෙන් පිටකරන්නෙමි, නුමුත් ඔව්හු ඉශ්‍රායෙල් රටට ඇතුල් නොවන්නෝය. මෙසේ මා ස්වාමීන්වහන්සේ බව නුඹලා දැනගන්නහුය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්