Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




එසකියෙල් 20:11 - Sinhala Revised Old Version

11 මාගේ පනත් ඔවුන්ට දී, මාගේ විනිශ්චයන් ඔවුන්ට දැන්වීමි; මනුෂ්‍යයෙක් ඒවා පවත්වන්නේ නම් ඔහු එයින් ජීවත්වන්නේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

11 මාගේ ආඥා ඔවුන්ට දී මාගේ පණත් ඔවුන්ට දැන්වීමි. එසේ කෙළේ, ඒවා අනුගමනය කිරීමෙන් මිනිසුන්ට ජීවනය ලැබෙන පිණිස ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

11 මාගේ ආඥා ඔවුන්ට දී මාගේ පනත් ඔවුන්ට දැන්වීමි. එසේ කෙළේ, ඒවා අනුගමනය කිරීමෙන් මිනිසුන්ට ජීවනය ලැබෙන පිණිස ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




එසකියෙල් 20:11
18 හුවමාරු යොමු  

මක්නිසාද ව්‍යවස්ථාවෙන් වූ ධර්මිෂ්ඨකම ගැන නම්: මේ දේ කරන තැනැත්තා එයින් ජීවත්වන්නේයයි මෝසෙස් ලියා තිබේ.


අද මා විසින් නුඹලා ඉදිරිපිට තබන මේ මුළු ව්‍යවස්ථාව මෙන් ධර්මිෂ්ඨවූ පනත් හා විනිශ්චයන් ඇත්තේ වෙන කොයි මහත් ජාතියකටද?


එබැවින් නුඹලා මාගේ පනත් සහ විනිශ්චයයන් පවත්වන්න. මනුෂ්‍යයෙක් ඒවා පවත්වන්නේ නම් ඔහු එයින් ජීවත්වන්නේය. මම ස්වාමීන්වහන්සේය.


ව්‍යවස්ථාව වනාහි ඇදහිල්ලෙන් නොවේ; නුමුත්: ඒ දේ කරන තැනැත්තේ එයින් ජීවත්වන්නේය.


උන්වහන්සේ: නුඹ උත්තරදුන්නා හරිය. එසේ කරන්න, එවිට නුඹ ජීවත්වන්නෙහියයි ඔහුට කීසේක. නුමුත් ඔහු නිදොස්වෙන්ට කැමතිව:


නුමුත් ඉශ්‍රායෙල් වංශය කාන්තාරයේදී මට විරුද්ධව කැරළිගසා, මාගේ පනත් ප්‍රකාර නොහැසිර, මාගේ විනිශ්චයන් එපාකළෝය; මනුෂ්‍යයෙක් ඒවා පවත්වන්නේ නම් ඔහු එයින් ජීවත්වන්නේය; ඔව්හු මාගේ සබත් බොහෝසෙයින් කෙලසුවෝය. එවිට ඔවුන් නැතිකරදැමීමට කාන්තාරයේදී මාගේ කෝපය ඔවුන් පිටට වගුරුවන්ට සිතුවෙමි.


සියලු ආකාරයෙන් බොහෝය. පළමුවෙන්ම, දෙවියන්වහන්සේගේ වාක්‍ය ඔවුන්ට භාරදෙනලද්දේය.


නුමුත් දරුවෝ මට විරුද්ධව කැරළිගසා, මාගේ පනත් ප්‍රකාර නොහැසිර, මනුෂ්‍යයෙක් ජීවත්වෙන පිණිස ඔහු විසින් පවත්වන්ට ඕනෑවූ මාගේ විනිශ්චයන් ඉෂ්ටකරන ලෙස ඒවා නොපවත්වා, මාගේ සබත් කෙලෙසුවෝය. එවිට මම කාන්තාරයේදී මාගේ කෝපය ඔවුන් පිටට වගුරුවා මාගේ උදහස ඔවුන් කෙරෙහි ඉෂ්ටකරන්ට සිතුවෙමි.


ඉතින් ඉශ්‍රායෙල්වරුනි, නුඹලා ජීවත්ව සිට නුඹලාගේ පියවරුන්ගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ නුඹලාට දෙන දේශයට ඇතුල්වී ඒක හිමිකරගන්නා පිණිස පවත්වන්ට මා විසින් නුඹලාට උගන්වන පනත්වලටද විනිශ්චයවලටද ඇහුම්කන්දෙන්න.


උකස නැවත දී කොල්ලකාගත් දේ ආපසු දුන්නොත්, අධර්මිෂ්ඨකම් නොකර ජීවන-පනත් ප්‍රකාර හැසුරුණොත්, ඔහු නොනැසී ජීවත්වන්නේමය.


බලව, නුඹලා හිමිකරගන්ට ඇතුල්වන දේශයේදී නුඹලා විසින් පවත්වන පිණිස මාගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ මට අණකළ ලෙසම පනත්ද විනිශ්චයන්ද නුඹලාට ඉගැන්වීමි.


මා විසින් ජීවනය හා මරණයද ආශීර්වාදය හා ශාපයද නුඹලා ඉදිරියෙහි තැබූ බවට අද නුඹලාට විරුද්ධව සාක්ෂි පිණිස අහසටත් පොළොවටත් හඬගසමි. එබැවින් නුඹත් නුඹේ වංශයත් ජීවත්ව සිටින පිණිස ජීවනය තෝරාගෙන,


මක්නිසාද නපුරු ස්ත්‍රියගෙන්ද අන් තැනැත්තියෙකුගේ දිවේ ඉච්චාවෙන්ද නුඹ ආරක්ෂාකරන පිණිස


මාගේ පනත් ප්‍රකාර හැසිර, මාගේ විනිශ්චයන් පවත්වා, සැබෑලෙස හැසිරේ නම්, ඔහු ධර්මිෂ්ඨය, ඔහු සැබවින් ජීවත්වන්නේයයි ස්වාමිවූ දෙවියන්වහන්සේ කියනසේක.


ඔහු කළාවූ ඔහුගේ කිසිම පාපයක් ඔහුට විරුද්ධව සිහිකරනු නොලබන්නේය. ඔහු යුක්තියද ධර්මිෂ්ඨකමද කෙළේය; ඔහු සැබවින්ම ජීවත්වන්නේය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්