Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




එසකියෙල් 18:16 - Sinhala Revised Old Version

16 කිසිවෙකුට පීඩා නොකොට, උකසක් නොගෙන, කිසිවෙකුගෙන් කොල්ල නොකා, බඩගිනි ඇත්තාට තමාගේ කෑම දී, වස්ත්‍ර නැති අයට වස්ත්‍රයක් අන්දවා,

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

16 කිසිවෙකුට පීඩා කරන්නේ නැත; ඔහු ණයට ගත් තැනැත්තාගේ උකස ආපසු දෙන්නේ ය; සොරකම් කරන්නේ නැත; සාගින්නෙන් පෙළෙන්නාට තමාගේ කෑම දෙන්නේ ය; වස්ත්‍ර නැති අයට වස්ත්‍ර දෙන්නේ ය;

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

16 කිසිවෙකුට පීඩා කරන්නේ නැත; ඔහු ණයට ගත් තැනැත්තාගේ උකස ආපසු දෙන්නේ ය; සොරකම් කරන්නේ නැත; සාගින්නෙන් පෙළෙන්නාට තමාගේ කෑම දෙන්නේ ය; වස්ත්‍ර නැති අයට වස්ත්‍ර දෙන්නේ ය;

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




එසකියෙල් 18:16
18 හුවමාරු යොමු  

කිසිවෙකුට පීඩා නොකොට, ණය ගැන ගත් උකස නැවත දුන්නේ නම්, කිසිවෙකුගෙන් කොල්ල නොකා, බඩගිනි ඇත්තාට තමාගේ කෑම දී, වස්ත්‍ර නැති අයට වස්ත්‍ර ඇන්දෙවුවේ නම්,


නුමුත් නුඹ කෑමක් පිළියෙළකරන කල, දිළිඳුන්ද අබ්බාගාතයන්ද කොරුන්ද අන්ධයන්ද කැඳවන්න.


එසේවී නුමුත් ඇතුළේ තිබෙන ඒ දෙයින් දන් දෙන්න; එවිට සියල්ලම නුඹලාට පවිත්‍රවේ.


ඇගේ හස්තය අසරණයා දෙසට විහිදන්නීය; එසේය, ඇගේ අත් දිළින්දා වෙතට දිගුකරන්නීය;


නුඹේ සතුරාට බඩගිනි නම් ඔහුට කන්ට දෙන්න, පිපාසා නම් බොන්ට වතුර දෙන්න.


කරුණා ඇසක් ඇත්තාට ආශීර්වාද ලැබේ; මක්නිසාද ඔහු තමාගේ කෑමෙන් දිළින්දාට දෙන්නේය.


දිළින්දා සලකන්නා ආශීර්වාදලද්දේය. විපත්ති දවසේදී ස්වාමීන්වහන්සේ ඔහු මුදනසේක.


යමෙක් වස්ත්‍ර නැතිකමින් නසින බවත් දිළින්දාට වැස්මක් නැති බවත් මා දුටු විට,


ක්ලාන්ත අයට නුඹ බොන්ට වතුර නුදුන්නෙහිය, බඩගිනි අයට කෑම නොදී සිටියෙහිය.


මක්නිසාද මම බඩගිනිව සිටියෙමි, නුඹලා මට කන්ට දුන්නහුය. පිපාසිතව සිටියෙමි, නුඹලා මට බොන්ට දුන්නහුය. ආගන්තුකව සිටියෙමි, නුඹලා මා පිළිගත්තහුය;


වස්ත්‍ර නැතුව සිටියෙමි, නුඹලා මට ඇඳුම් දුන්නහුය. රෝගාතුරව සිටියෙමි, නුඹලා මා බලන්ට ආවහුය. හිරගෙයි සිටියෙමි, නුඹලා මා වෙතට ආවහුයයි කියනසේක.


මක්නිසාද නුඹ කාරණයක් නැතුව නුඹේ සහෝදරයාගෙන් උකස් ගත්තෙහිය, ඇඳුම් නැත්තන්ගෙන් වස්ත්‍රය උදුරා ගත්තෙහිය,


(පියා නැත්තා මාගේ බාල වයසේ පටන් පිය කෙනෙකු ළඟ මෙන් මා ළඟ ඇතිකළාවූද මාගේ මවු කුස පටන් වැන්දඹුවට ආධාරවුණාවූද මම)


මට ආශීර්වාදකරන හැටියට ඔහුගේ ඉඟටිය මාගේ බැටළු ලොම්වලින් උණුහුම් නොවී නම්,


අසරණයාටද දිළින්දාටද පීඩාකොට, කොල්ලකන්නෙක් වේ නම්, උකස නැවත නොදී සිට, තමාගේ ඇස් දේවරූපවලට ඔසවා,


එලෙස නොකර සිටී නම්, කඳු පිට නොකා, ඉශ්‍රායෙල් වංශයේ දේවරූපවලට තමාගේ ඇස් නොඔසවා, අන් කෙනෙකුගේ භාර්යාව අපවිත්‍ර නොකොට සිටී නම්,


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්