Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




එසකියෙල් 18:10 - Sinhala Revised Old Version

10 නුමුත් ඔහුට උපදින පුත්‍රයෙක් බලාත්කාරකරන්නෙක්ව, ලේ වගුරුවන්නෙක්ව, මෙකී දේවලින් කොයි එකක් නුමුත් කරන්නෙක්ව,

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

10 “මේ මිනිසාට සැහැසිකම් කරන, මිනීමරුවකු වන, මේ නියමයන්ට පිටුපාන පුත්‍රයෙකු සිටින්නට පුළුවන. පියා කිසි අයුතුකමක් නොකළ නමුත්,

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

10 “මේ මිනිසාට සැහැසිකම් කරන, මිනීමරුවකු වන, මේ නියමයන්ට පිටුපාන පුත්‍රයෙකු සිටින්නට පුළුවන. පියා කිසි අයුතුකමක් නොකළ නමුත්,

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




එසකියෙල් 18:10
11 හුවමාරු යොමු  

මනුෂ්‍යයෙකුට මැරෙන ලෙස පහරදෙන තැනැත්තේ ඒකාන්තයෙන් මරනු ලබන්නේය.


තමාගේ සහෝදරයා මැරුවාවූද නපුරාගෙන් වූද කායින් මෙන් නොවෙමු. කුමක්හෙයින් ඔහුව මැරුවේද? තමාගේ ක්‍රියා නපුරුව, තමාගේ සහෝදරයාගේ ක්‍රියා ධර්මිෂ්ඨව තිබුණු නිසාය.


එවිට ඔව්හු නැවත මොරගසමින්: මොහු නොව බරබ්බස්යයි කීවෝය. බරබ්බස් වනාහි සොරෙක් විය.


මරනු ලබන්ට සුදුසු වරදකාරයෙක්ව සිටින මිනීමරන්නාගේ ප්‍රාණය උදෙසා මිදීමේ මුදලක් භාරනොගන්න. මක්නිසාද ඔහු සැබවින් මරනු ලැබිය යුතුය.


නුඹේ අසල්වාසියාට හිංසා නොකරන්න, ඔහුගෙන් කොල්ල නොකන්න. කුලීකාරයාගේ කුලී පසුවදා උදය වනතුරු රෑ මුළුල්ලේ නුඹ වෙත නොතිබිය යුතුය.


උමං කණින අතර සොරා අසුවී පහර ලැබීමෙන් මළොත් ඔහු ගැන මිනීමැරීමේ වරදක් නොවන්නේය.


මාගේ පනත් ප්‍රකාර හැසිර, මාගේ විනිශ්චයන් පවත්වා, සැබෑලෙස හැසිරේ නම්, ඔහු ධර්මිෂ්ඨය, ඔහු සැබවින් ජීවත්වන්නේයයි ස්වාමිවූ දෙවියන්වහන්සේ කියනසේක.


ඒ කිසි යුතුකමක් නොකරන්නෙක්ව සිටී නම්, කඳු පිට කා, අන් කෙනෙකුගේ භාර්යාව අපවිත්‍රකොට,


එප්‍රායිම් විසින් තද ලෙසම කෝප උපදවා තිබේ. එබැවින් ඔහුගේ ස්වාමීන්වහන්සේ ඔහුගේ ලේ ඔහු පිටට පැමිණෙන්ට ඉඩ ඇර, ඔහුගේ නින්දිතකම ඔහු පිටට පමුණුවනවා ඇත.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්