Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




එසකියෙල් 17:21 - Sinhala Revised Old Version

21 ඔහුගේ සියලු සමුදාවලින් පලායන සියල්ලන් කඩුවෙන් වැටෙනවා ඇත, ඉතිරිවෙන අය සියලු දිශාවලට විසුරුවනු ලබනවා ඇත. නුඹලාද ස්වාමීන්වහන්සේ වන මා එසේ කී බව දැනගන්නහුය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

21 ඔහුගේ සියලු හමුදාවලින් පලා යන සියල්ලන් කඩු පහරින් වැටෙනු ඇත. ඉතිරි වන අය සියලු දිශාවලට විසුරුවනු ලබනු ඇත. නුඹලා ද සමිඳාණන් වහන්සේ වන මා එසේ කී බව දැනගන්නහු ය.”

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

21 ඔහුගේ සියලු හමුදාවලින් පලා යන සියල්ලන් කඩු පහරින් වැටෙනු ඇත. ඉතිරි වන අය සියලු දිශාවලට විසුරුවනු ලබනු ඇත. නුඹලා ද සමිඳාණන් වහන්සේ වන මා එසේ කී බව දැනගන්නහු ය.”

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




එසකියෙල් 17:21
17 හුවමාරු යොමු  

සෙනඟගෙන් නුවර ඉතුරුව සිටිය අයද සැඟවී ගොස් බබිලෝනියේ රජුගේ පක්ෂයටවූ අයද සමූහයාගෙන් අනික් අයද රැකවලුන්ගේ අධිපතිවූ නෙබුසරදාන් තෙමේ අල්ලාගෙන ගියේය.


එහෙත් කල්දිවරුන්ගේ සේනාව රජු පස්සේ එළවාගන ගොස් යෙරිකෝවේ සමභූමිවලදී ඔහු කිට්ටුකර ආවෝය. ඔහුගේ මුළු සේනාවද ඔහු වෙතින් විසිර ගියාය.


ඔහුට උපකාරකරන පිණිස ඔහු වටකර සිටින සියල්ලන්ද ඔහුගේ සියලුම සමුදාවල්ද මම සියලු හුළං දෙසට විසුරුවා ඔවුන් පසුපස්සේ කඩුව දිගුකරන්නෙමි.


නුඹෙන් තුනෙන් කොටසක් වසංගතයෙන් මියන්නේය, ඔව්හු සාගතයෙන් නුඹ තුළ නැතිවන්නෝය; තුනෙන් කොටසක් නුඹ අවටින් කඩුවෙන් වැටෙනවා ඇත; තුනෙන් කොටසක්ද මම දස දෙස විසුරුවාදමා, ඔවුන් පසුපස්සෙන් කඩුවක් දිගුකරන්නෙමි.


ස්වාමීන්වහන්සේ පූජාසනය ළඟ සිටිනවා දුටිමි. උන්වහන්සේ කථාකොට: උළුවහු සෙලවෙන හැටියට පේකඩවලට ගසා, ඒවා ඔවුන් සියල්ලන්ගේ හිස් පිට කඩාදමන්න; ඔවුන්ගෙන් ඉතිරිවෙන්නන් කඩුවෙන් මරන්නෙමි. ඔවුන්ගෙන් කිසිවෙක් පලා නොයන්නේය, ඔවුන්ගෙන් කිසිවෙක් නොගැළවෙන්නේය.


මාගේ මුහුණද ඔවුන්ට විරුද්ධව තබන්නෙමි; ඔවුන් ගින්නෙන් නික්ම ගිය නුමුත් ගින්න ඔවුන් නාස්තිකරනවා ඇත; මා විසින් ඔවුන්ට විරුද්ධව මාගේ මුහුණ තබන විට මා ස්වාමීන්වහන්සේ බව නුඹලා දැනගන්නහුය.


නුඹලා තවත් නිෂ්ඵල දර්ශන නොදකින්නහුය, දිවස් කීම් නොකියන්නහුය. මමද මාගේ සෙනඟ නුඹලාගේ අතින් මුදන්නෙමි; මෙසේ මා ස්වාමීන්වහන්සේ බව නුඹලා දැනගන්නහුයයි කීය.


මෙසේ නුඹලා පදම් නොකළ බදාම ගෑවාවූ තාප්පය මම කඩාදමා, එහි අත්තිවාරම පෙනෙන හැටියට එය බිම හෙලන්නෙමි. ඒක වැටෙනවා ඇත, නුඹලාද ඊට යටවී නාස්තිවෙනවා ඇත; මෙසේ මා ස්වාමීන්වහන්සේ බව නුඹලා දැනගන්නහුය.


මා ස්වාමීන්වහන්සේ බව ඔව්හු දැනගන්නෝය. ඔවුන්ට මේ විපත්තිය පමුණුවන්නෙමියි කියා මා විසින් නිෂ්ඵල ලෙස කීවා නොවේයයි කීය.


නුඹලා අතරෙහි මැරුම්කෑවුන් වැටෙනවා ඇත, මෙසේ මා ස්වාමීන්වහන්සේ බව නුඹලා දැනගන්නවා ඇත.


එබැවින් නුඹ තුළ පියවරු පුත්‍රයන්ද පුත්‍රයෝ තමුන්ගේ පියවරුන්ද කන්නාහ; මම නුඹ තුළ විනිශ්චයන් ඉෂ්ටකොට, නුඹේ ඉතිරි සියල්ලන් දස දෙස විසුරුවාදමන්නෙමි.


නුමුත් කල්දිවරුන්ගේ සේනාව රජු පස්සේ එළවාගන ගොස්, යෙරිකෝවේ සමභූමිවලදී ශෙදෙකියාට ළංව, ඔහු අල්ලාගත්තේය; ඔහුගේ මුළු සේනාව ඔහු වෙතින් විසිර ගියේය.


භීතිය ඉදිරියෙන් පලායන්නා වළේ වැටේ; වළෙන් ගොඩට එන්නා මලපතේ අසුවේ. මක්නිසාද ඈට, එනම් මෝවබ්ට, දඬුවම්කරන අවුරුද්ද පමුණුවන්නෙමියි ස්වාමීන්වහන්සේ කියනසේක.


ස්වාමීන්වහන්ස, ඔබගේ හස්තය ඔසවා තිබෙන නුමුත් ඔව්හු නොදකිති. එහෙත් සෙනඟ උදෙසා ඇති ඔබගේ ජ්වලිතය දැක ඔව්හු ලජ්ජාවන්නෝය; එසේය, ගින්න ඔබගේ සතුරන් දවා දමන්නේය.


ඉන් තුනෙන් පංගුවක් වටලෑමේ දවස් සම්පූර්ණවූ කල්හි නුවර මැද ගින්නෙන් දවන්න; තුනෙන් පංගුවක් රැගෙන වටකරින් ඒවාට කඩුවෙන් ගසන්න; තුනෙන් පංගුවක් හුළඟට විසුරුවාදමන්න, මමද ඒවා පසුපස්සෙන් කඩුවක් දිගුකරන්නෙමි.


මෙසේ මාගේ උදහස ඉෂ්ටවන්නේය, ඔවුන් කෙරෙහි මාගේ කෝපය සංසිඳුවා පළිගන්නෙමි. මා විසින් මාගේ කෝපය ඔවුන් කෙරෙහි ඉෂ්ටකරන විට ස්වාමිවූ මම මාගේ ජ්වලිතකමෙන් කථාකළ බව ඔවුන් දැනගන්නවා ඇත.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්