Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




එසකියෙල් 14:22 - Sinhala Revised Old Version

22 එහෙත් එහි පුත්‍රයන්ද දූවරුන්ද ස්වල්ප දෙනෙක් ඉතිරිවී පිටතට පමුණුවනු ලබන්නෝය. ඔව්හු නුඹලා ළඟට පිටත්ව එන්නෝය, නුඹලා ඔවුන්ගේ මාර්ගයද ඔවුන්ගේ ක්‍රියාද දැක, මා විසින් යෙරුසලම පිටට පැමිණෙවු විපත්තිය, එනම් මා විසින් ඒ පිටට පැමිණෙවු සියල්ල ගැන සැනසෙනවා ඇත.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

22 එහෙත්, එහි පුත්‍රයෝ ද දූවරු ද ස්වල්ප දෙනෙකු ඉතිරි වුණොත් ඔව්හු පිටතට පමුණුවනු ලබන්නෝ ය. ඔවුන් නුඹලා වෙත පැමිණෙන විට ඔවුන් දෙස බලන්න. නුඹලා ඔවුන්ගේ හැසිරීම ද ඔවුන්ගේ ක්‍රියා ද සලකා බලන්න. එවිට මා ජෙරුසලමට කළ සියලු හානි ද ඒ පිට පැමිණෙවූ සියලු විපත්ති ද යුක්ති සහගත බව නුඹලාට පෙනෙනු ඇත.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

22 එහෙත්, එහි පුත්‍රයෝ ද දූවරු ද ස්වල්ප දෙනෙකු ඉතිරි වුණොත් ඔව්හු පිටතට පමුණුවනු ලබන්නෝ ය. ඔවුන් නුඹලා වෙත පැමිණෙන විට ඔවුන් දෙස බලන්න. නුඹලා ඔවුන්ගේ හැසිරීම ද ඔවුන්ගේ ක්‍රියා ද සලකා බලන්න. එවිට මා ජෙරුසලමට කළ සියලු හානි ද ඒ පිට පැමිණෙවූ සියලු විපත්ති ද යුක්ති සහගත බව නුඹලාට පෙනෙනු ඇත.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




එසකියෙල් 14:22
27 හුවමාරු යොමු  

එහෙත් මම ඔවුන්ගෙන් ස්වල්ප දෙනෙකු කඩුවෙන්ද සාගතයෙන්ද වසංගතයෙන්ද ගළවා ඉතිරිකරන්නෙමි; මෙසේ කරන්නේ ඔවුන් පැමිණෙන දේශවල ජාතීන් අතරේදී ඔවුන් තමුන්ගේ සියලු පිළිකුල්කම් ප්‍රකාශකරන පිණිසය; මා ස්වාමීන්වහන්සේ බව ඔවුන් දැනගන්නවා ඇතැයි කීවේය.


එහිදී නුඹලාගේ සියලු මාර්ගද නුඹලාම අපවිත්‍රකරගත්තාවූ නුඹලාගේ සියලු ක්‍රියාද නුඹලා සිහිකොට, නුඹලා කළාවූ නුඹලාගේ සියලුම නපුරුකම් නිසා නුඹලාටම පිළිකුල්කරන්නහුය.


යාකොබ්ගේ ඉතිරිවූ අය බොහෝ ජනයන් අතරෙහි ස්වාමීන්වහන්සේගෙන් පැමිණෙන පිනි මෙන්ද මනුෂ්‍යයා ගැන ප්‍රමාද නොවී, මනුෂ්‍ය පුත්‍රයන් ගැන පමා නොවී, පලා ජාති පිටට බසින වැහිබින්දු මෙන්ද සිටිනවා ඇත.


නුඹලාද නුඹලාගේ නපුරු මාර්ග සහ නුඹලාගේ අයහපත් ක්‍රියා සිහිකොට, නුඹලාගේ අයුතුකම්ද නුඹලාගේ පිළිකුල්කම්ද නිසා නුඹලාටම පිළිකුල්කරන්නහුය.


මාගේ ගිවිසුම නුඹ සමඟ පිහිටුවන්නෙමි; එවිට මා ස්වාමීන්වහන්සේ බව නුඹ දැනගන්නෙහියයි ස්වාමිවූ දෙවියන්වහන්සේ කියනසේකැයි කීය.


මෙසේ කරන්නේ ඔවුන් නුඹෙන් සැනසෙන හැටියට නුඹ කළ සියල්ල නිසා, නුඹේ ලජ්ජාව නුඹ දරා, නින්දාවට පැමිණෙන පිණිසය.


මක්නිසාද නුඹ ගළවන්ට මම නුඹ සමඟ සිටිමියි ස්වාමීන්වහන්සේ කියනසේක. මා විසින් නුඹ විසුරුවාදැමූ තැන්වල සියලු ජාතීන් තීන්දුවටම නැතිකරන නුමුත්, නුඹ තීන්දුවටම නැතිනොකර, නිසි ප්‍රමාණයෙන් නුඹට දඬුවම්කරන්නෙමි, නුමුත් නුඹට අච්චුනොකර නොසිටින්නෙමි.


තවද: අපේ දෙවිවූ ස්වාමීන්වහන්සේ මේ සියල්ල අපට කළේ මක්නිසාදැයි නුඹලා අසන කල–නුඹලා මා අත්හැර නුඹලාගේම දේශයේදී අන්‍ය දෙවිවරුන්ට සේවයකළාක්මෙන්ම නුඹලාට අයිති නැති දේශයකදී නුඹලා අන්‍යයන්ට සේවයකරන්නහුයයි ඔවුන්ට කියන්න.


මක්නිසාද ස්වාමීන්වහන්සේ මෙසේ කියනසේක: මුළු දේශය පාළුවක් වන්නේය; නුමුත් තීන්දුවටම මම ඒක විනාශ නොකරන්නෙමි.


මක්නිසාද ඔලීව ගසක් සොලවන්නාක් මෙන්ද මිදිපල කඩා නිමවූ කල ඉතිරි මිදිපල නෙළාගන්නාක්මෙන්ද පොළොව මැද ජනයන් අතරේ සිදුවන්නේය.


පසුව දසයෙන් කොටසක් එහි ඉතුරුවුණත් ඒක නැවත නාස්තිකරනු ලබන්නේය. එහෙත් ඒලොන් ගසක්ද අලෝන ගසක්ද කපාදැමූ කල එහි පණ තිබෙන්නාක්මෙන්ම ශුද්ධවූ වංශය ඔවුන්ගේ ප්‍රාණයයයි කීසේක.


කඩුවෙන් ගැළවුණු අය ඔහු බබිලෝනියට ගෙනගියේය; ඔව්හු පාර්සිවරුන්ගේ රජකම්කිරීම දක්වා ඔහුටත් ඔහුගේ පුත්‍රයන්ටත් දාසයෝව සිටියෝය.


නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේ දයාවන්ත දෙවිකෙනෙක් බැවින් උන්වහන්සේ නුඹ අත්නොහරිනසේක, නුඹ විනාශනොකරනසේක, උන්වහන්සේ නුඹේ පියවරුන් සමඟ දිවුළාවූ ගිවිසුම මතකනැති නොකරනසේක.


ස්වාමීන්වහන්සේ ඒ දවස් ලුහුඬු නොකළසේක් නම් කිසිකෙනෙක් ගැළවෙන්නේ නැත. නුමුත් උන්වහන්සේ තමන් තෝරාගත්තවුන් උදෙසා ඒ දවස් ලුහුඬුකළසේක.


එහෙත් ඔවුන් අතරෙන් ගැළවෙන අය ගැළවී ගොස්, සියල්ලෝ එකිනෙකා තම තමාගේ අයුතුකම නිසා මිටියාවත්වල පරෙවියන් මෙන් කෙඳිරිගාමින් කඳුවල සිටින්නෝය.


මිනීවළට බසින්නන් සමඟ මා විසින් ඔහු පාතාලයට බැස්සෙවූ කල ඔහුගේ වැටීමේ ශබ්දයට ජාතීන් වෙවුලෙවුවෙමි. එවිට ඒදන්හි සියලු ගස්ද ලෙබනොන්හි ඉතා හොඳ වටිනා ගස්ද, එනම් වතුර බීගන්න සියල්ලම, පොළොවේ පහත් තැනදී සැනසුණෝය.


ඵාරාවෝ සහ මුළු සේනාවද කඩුවෙන් මැරුම්කෑ විට, ඵාරාවෝ අනික් අයින් දැක, තමාගේ මුළු සමූහයා ගැන සැනසෙන්නේයයි ස්වාමිවූ දෙවියන්වහන්සේ කියනසේක.


ඔවුන් පැමිණි තැන්වල ජාතීන් ළඟට ඔවුන් ගිය කල: මොව්හු ස්වාමීන්වහන්සේගේ සෙනඟය, උන්වහන්සේගේ දේශයෙන් පිටවුණෝයයි මිනිසුන් ඔවුන් ගැන කී නිසා ඔව්හු මාගේ ශුද්ධ නාමය කෙලෙසුවෝය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්