Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




එසකියෙල් 14:10 - Sinhala Revised Old Version

10 ඔවුන් තමුන්ගේ අයුතුකම දරනවා ඇත. අනාගතවක්තෘගේ අපරාධය ඔහුගෙන් විභාගකරන්නාගේ අපරාධය මෙන් වන්නේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

10 ඔවුන් තමන්ගේ අයුතුකමේ විපාකය විඳිනු ඇත. දිවැසිවරයාගේ වරදත්, ඔහුගෙන් විමසන්නාගේ වරදත්, එක හා සමාන ව බරපතල වන්නේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

10 ඔවුන් තමන්ගේ අයුතුකමේ විපාකය විඳිනු ඇත. දිවැසිවරයාගේ වරදත්, ඔහුගෙන් විමසන්නාගේ වරදත්, එක හා සමාන ව බරපතල වන්නේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




එසකියෙල් 14:10
17 හුවමාරු යොමු  

ඔවුන් නුඹලාගේ සල්ලාලකමේ ඵල නුඹලා පිටට පමුණුවනවා ඇත, නුඹලාගේ පිළිමවල පාපද නුඹලා දරා, මා ස්වාමිවූ දෙවියන්වහන්සේ බව දැනගන්නවා ඇතැයි කීසේක.


මක්නිසාද එකිනෙකා තම තමාගේ බර උසුලන්නේය.


ස්වාමීන්වහන්සේ මාගේ විපත්තිය කියා මාගේ විනිශ්චය ඉෂ්ටකරන තුරු, මා උන්වහන්සේට විරුද්ධව පව්කළ බැවින් උන්වහන්සේගේ උදහස ඉවසන්නෙමි. උන්වහන්සේ මා ආලෝකයට පමුණුවනවා ඇත, මමද උන්වහන්සේගේ ධර්මිෂ්ඨකම දකින්නෙමි.


එබැවින් ඔවුන් සමඟ කථාකර ඔවුන්ට මෙසේ කියන්න–ස්වාමිවූ දෙවියන්වහන්සේ මෙසේ කියනසේක: ඉශ්‍රායෙල් වංශයෙන් තමාගේ දේවරූප තමාගේ සිතේ පිහිටුවාගෙන, තමාගේ අයුතුකම නැමති පැකිලීමේ ගල තමාගේ මුහුණ ඉදිරිපිට තබාගන්න එකිනෙකා අනාගතවක්තෘ ළඟට ආ විට, ස්වාමීන්වහන්සේ වන මම ඒ හැටියට එනම් ඔහුගේ දේවරූප රාශියේ ප්‍රකාරයට ඔහුට උත්තරදෙන්නෙමි.


එබැවින්, මා විසින් නොඑවූ නුමුත් මාගේ නාමයෙන් අනාගතවාක්‍ය කියන්නාවූ–කඩුවවත් සාගතයවත් මේ දේශයට නොපැමිණෙන්නේයයි කියන්නාවූ අනාගතවක්තෘවරුන් ගැන ස්වාමීන්වහන්සේ මෙසේ කියනසේක: කඩුවෙනුත් සාගතයෙනුත් ඒ අනාගතවක්තෘවරුම නැතිවන්නෝය.


එවිට ඒ මනුෂ්‍යයා අයුතුකමෙන් නිදහස් වන්නේය, ඒ ස්ත්‍රීද ඇගේ අයුතුකම දරන්නීයයි කීසේක.


එවිට කායින් ස්වාමීන්වහන්සේට කථාකොට: මාගේ දඬුවම දැරිය නොහැකි තරම් මහත්ය.


අනාගතවක්තෘ රැවටී වචනයක් කියනවා නම්, ස්වාමීන්වහන්සේ වන මම ඒ අනාගතවක්තෘ රැවටෙන්ට සැලැස්වීමි, මම ඔහුට විරුද්ධව මාගේ අත දිගුකොට, මාගේ සෙනඟවූ ඉශ්‍රායෙල් අතරෙන් ඔහු නාස්තිකරන්නෙමි.


මෙසේ වන්නේ ඉශ්‍රායෙල් වංශය මා වෙතින් තවත් මුළාව නොගොස්, තමුන්ගේ සියලු අපරාධවලින් තවත් කිලුටු නොවී, මාගේ සෙනඟ වන පිණිසත් මා ඔවුන්ගේ දෙවියන්වහන්සේ වන පිණිසත්යයි ස්වාමිවූ දෙවියන්වහන්සේ කියනසේකැයි කීවේය.


දඬුවම්කිරීමේ දවස් පැමිණ තිබේ, ප්‍රතිඵල දීමේ දවස් පැමිණ තිබේ; ඉශ්‍රායෙල් ඒක දැනගන්නවා ඇත. ප්‍රොපේත තෙම අඥානයෙක්ය, ආත්මය ඇති මනුෂ්‍යයා උමතු කෙනෙක්ය. (මෙසේ වන්නේ) නුඹේ අයුතුකමේ මහත්කමද එදිරිකාරකමේ අධිකකමද නිසාය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්