Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




එසකියෙල් 11:7 - Sinhala Revised Old Version

7 එබැවින් ස්වාමිවූ දෙවියන්වහන්සේ මෙසේ කියනසේක: මාංසය නම් නුවර තුළ නුඹලා විසින් දැමුවාවූ, නුඹලා අතින් මැරුම්කෑවාවූ අයය; හැළිය මේ නුවරය. නුඹලා වනාහි මෙය තුළෙන් පිටකරන්නෙමි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

7 “ ‘එබැවින් මහෝත්තම දෙවි ස්වාමීන් වහන්සේ මෙසේ වදාරන සේක. මාංසය වශයෙන් හැඳින්වෙන්නේ නගරයෙහි නුඹලා විසින් බාවනු ලැබ ඇති, නුඹලා අතින් මැරුම්කනු ලැබූ අය ය; කල්දේරම වශයෙන් හැඳින්වෙන්නේ නගරය ය. එහෙත්, නුඹලා මෙයින් පිටත ගෙනෙනු ලබන්නහු ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

7 “ ‘එබැවින් මහෝත්තම දෙවි ස්වාමීන් වහන්සේ මෙසේ වදාරන සේක. මාංසය වශයෙන් හැඳින්වෙන්නේ නගරයෙහි නුඹලා විසින් බාවනු ලැබ ඇති, නුඹලා අතින් මැරුම්කනු ලැබූ අය ය; කල්දේරම වශයෙන් හැඳින්වෙන්නේ නගරය ය. එහෙත්, නුඹලා මෙයින් පිටත ගෙනෙනු ලබන්නහු ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




එසකියෙල් 11:7
10 හුවමාරු යොමු  

එලිෂා ගිල්ගාල්ට නැවත ඇවිත් සිටියදී දේශයෙහි දුර්භික්ෂයක් තිබුණේය; ශිෂ්‍ය ප්‍රොපේතවරුද ඔහු ඉදිරියෙහි ඉඳගන උන්නෝය. ලොකු සැළිය ලිපේ තබා ප්‍රොපේතවරුන්ට කෑම පිසින්නැයි ඔහු තමාගේ මෙහෙකරුවාට කීවේය.


ස්වාමීන්වහන්සේගේ වචනය දෙවෙනිවර මා වෙතට පැමිණ: නුඹට පෙනෙන්නේ කුමක්දැයි ඇසීය. මමද: උතුරන හැළියක් මට පෙනෙයි; එහි කට උතුරු දෙසින් අහකට හැරී තිබේයයි කීමි.


මොව්හු කථාකොට–ගෙවල් ගොඩනගන්ට කාලය ළං නොවීය. හැළිය නම් මේ නුවරය, මාංසය අපියයි කියති.


මම නුඹලා මෙය තුළෙන් පිටකර, විදේශීන් අතට නුඹලා පාවාදී, විනිශ්චයන් නුඹලා කෙරෙහි ඉෂ්ටකරන්නෙමි.


මේ නුවර නුඹලාගේ හැළිය නොවන්නේය, නුඹලා මෙය තුළ මාංසයද නොවන්නහුය; ඉශ්‍රායෙල් සීමාවේදී නුඹලා විනිශ්චයකරන්නෙමි;


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්