Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




එසකියෙල් 11:16 - Sinhala Revised Old Version

16 එබැවින් ස්වාමිවූ දෙවියන්වහන්සේ මෙසේ කියනසේකැයි කියන්න: මා විසින් ජාතීන් අතරට ඔවුන් එළවා, දුර දේශවල ඔවුන් විසිරෙවු නුමුත්, ඔවුන් පැමිණ සිටින දේශවලදී මම ස්වල්ප කලකට ඔවුන්ට ශුද්ධස්ථානයක් වන්නෙමියි කීසේක.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

16 “එබැවින්, ‘දෙවි ස්වාමීන් වහන්සේ මෙසේ වදාරන සේකැ යි කියන්න: මා විජාතීන් අතරට ඔවුන් පලවා හැර, දුර දේශවල ඔවුන් විසිර වූ නමුත්, ඔවුන් පැමිණ සිටින ඒ දේශයන්හි මම ස්වල්ප කලකට ඔවුන් සමඟ වැඩ සිටින්නෙමි.’

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

16 “එබැවින්, ‘දෙවි ස්වාමීන් වහන්සේ මෙසේ වදාරන සේකැ යි කියන්න: මා විජාතීන් අතරට ඔවුන් පලවා හැර, දුර දේශවල ඔවුන් විසිර වූ නමුත්, ඔවුන් පැමිණ සිටින ඒ දේශයන්හි මම ස්වල්ප කලකට ඔවුන් සමඟ වැඩ සිටින්නෙමි.’

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




එසකියෙල් 11:16
22 හුවමාරු යොමු  

උන්වහන්සේ ශුද්ධස්ථානයක් පිණිස වනසේක, එහෙත් ඉශ්‍රායෙල් වංශ දෙකට බාධාවීමේ ගලක්ව, පැකිලීමේ පර්වතයක්ව, යෙරුසලමේ වැසියන්ට උගුලක්ව, මලපතක්ව සිටිනසේක.


ස්වාමිනි, සියලු පරම්පරාවල ඔබ අපේ වාසස්ථානය වූසේක.


එම්බා ජාතීනි, ස්වාමීන්වහන්සේගේ වචන අසා, දුරස්තර දිවයින්වල දන්වමින් ඉශ්‍රායෙල්වරුන් විසිරෙවු තැනන්වහන්සේ ඔවුන් රැස්කර, එඬේරා තමාගේ රැළ ආරක්ෂාකරන්නැයි ඔවුන් ආරක්ෂාකරනසේකැයි කියන්න.


මක්නිසාද නුඹ ගළවන්ට මම නුඹ සමඟ සිටිමියි ස්වාමීන්වහන්සේ කියනසේක. මා විසින් නුඹ විසුරුවාදැමූ තැන්වල සියලු ජාතීන් තීන්දුවටම නැතිකරන නුමුත්, නුඹ තීන්දුවටම නැතිනොකර, නිසි ප්‍රමාණයෙන් නුඹට දඬුවම්කරන්නෙමි, නුමුත් නුඹට අච්චුනොකර නොසිටින්නෙමි.


ස්වාමීන්වහන්සේගේ නාමය බලකොටුවක්ය; ධර්මිෂ්ඨයා එහි දුව ගොස් සුරක්ෂිත වෙයි.


මහෝත්තමයාණන්ගේ රහස් ස්ථානයෙහි වසන තැනැත්තේ සර්වපරාක්‍රමයාණන්ගේ සෙවණෙහි වාසයකරන්නේය.


කෑම පිණිස නියමවූ බැටළුවන් මෙන් ඔබ අප පාවාදී, ජාතීන් අතරේ අප විසිරවූසේක.


මනුෂ්‍යයාගේ කුමන්ත්‍රණවලින් ඔබ හමුවෙහිවූ අප්‍රකාශස්ථානයෙහි ඔබ ඔවුන් සඟවනසේක. මුඛ විවාදයෙන් ඔවුන් විමානයෙක්හි රහස්ලෙස ආරක්ෂාකරනසේක.


එසේවී නුමුත් ඔවුන් තමුන් සතුරන්ගේ දේශයෙහි සිටින කල ඔවුන් මුළුමනින් විනාශවන ලෙසද ඔවුන් සමඟ මාගේ ගිවිසුම කඩවන ලෙසද මම ඔවුන් එපා නොකරන්නෙමි, ඔවුන් පිළිකුල් නොකරන්නෙමි. මක්නිසාද මම ඔවුන්ගේ දෙවිවූ ස්වාමීන්වහන්සේය.


නුඹලා භයින් සිටින බබිලෝනියේ රජුට භය නොවෙන්න; නුඹලා ගළවා ඔහුගේ අතින් මුදන්ට මා නුඹලා සමඟ සිටින බැවින් ඔහුට භය නොවෙන්නැයි ස්වාමීන්වහන්සේ කියනසේක.


එවිට පූජකයෝද ප්‍රොපේතයෝද අධිපතීන්ටත් මුළු සෙනඟටත් කථාකොට: මේ මනුෂ්‍යයා මැරුම්කන්ට යුතුය; මක්නිසාද නුඹලාගේ කන්වලින් නුඹලා ඇසූ ලෙස මොහු මේ නුවරට විරුද්ධව අනාගතවාක්‍ය කීවේයයි කීවෝය.


පූජකයෝද ප්‍රොපේතයෝද මුළු සෙනඟද යෙරෙමියා මේ වචන ස්වාමීන්වහන්සේගේ ගෘහයෙහි කියනවා ඇසුවෝය.


ස්වාමීන්වහන්සේ සියොන් කන්දේ මුළු වාසස්ථානයටත් එහි රැස්වීම්වලටත් ඉහළින් දවාලේ වලාකුළක් හා දුමාරයක්ද රාත්‍රියෙහි ඇවිළෙන ගින්නක දීප්තියද මවා තබනසේක. මක්නිසාද මුළු තේජස පිට ඉහළින් වියනක් වන්නේය.


මා විසින් නුඹලා දාසකමට ගෙනගියාවූ නුවරේ සමාදානය සොයා එය උදෙසා ස්වාමීන්වහන්සේට යාච්ඤාකරන්න. මක්නිසාද එහි සමාදානයෙන් නුඹලාට සමාදානය ලැබෙයි.


මා විසින් නුඹලා ගැන කරන යෝජනා මමම දනිමි, නුඹලාට මතු කාලයේදී බලාපොරොත්තුවක් දීමට ඒවා විපත්තියේ නොව සාමාදානයේ යෝජනායයි ස්වාමීන්වහන්සේ කියනසේක.


හෝ, හෝ, උතුරු දේශයේ සිට පලා එන්නැයි ස්වාමීන්වහන්සේ කියනසේක. මක්නිසාද මම ආකාශයේ සතර දිග හුළං මෙන් නුඹලා විසිරෙවුවෙමියි ස්වාමීන්වහන්සේ කියනසේක.


ස්වාමීන්වහන්සේ මනුෂ්‍ය වර්ගයන් අතරෙහි නුඹලා විසුරුවනවා ඇත, ස්වාමීන්වහන්සේ විසින් නුඹලා පමුණුවන ජාතීන් අතරෙහි නුඹලා ගණනින් ස්වල්පව සිටින්නහුය.


තවද: මම ඔවුන් ජාතීන් අතරට පන්නා දේශවල විසුරුවමියි කියා කාන්තාරයේදී ඔවුන්ට මාගේ අත එසෙවුවෙමි;


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්