Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




එසකියෙල් 11:15 - Sinhala Revised Old Version

15 මනුෂ්‍ය පුත්‍රය, නුඹේ සහෝදරයන්ට එනම් නුඹේ සහෝදරයන් වන නුඹේ නෑයන්ගේ මනුෂ්‍යයින්ටද ඉශ්‍රායෙල් මුළු වංශයේ සියල්ලන්ටද යෙරුසලම් වැසියෝ කථාකොට–නුඹලා ස්වාමීන්වහන්සේගෙන් ඈත්ව සිටින්න; උරුමයක්-කොට මේ දේශය දී තිබෙන්නේ අපටයයි කීවෝය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

15 “මනුෂ්‍ය පුත්‍රය, ජෙරුසලමේ සිටින අය නුඹ ගැනත්, විප්‍රවාසගත ව සිටින නුඹේ ඥාති ඉශ්රායෙල් සහෝදරයන් ගැනත් කතා කරමින්, ‘දෙවියන් වහන්සේ කෙරෙන් නුඹලා පිටුවහල් කර ඇත; උරුමයක් වශයෙන් දේශය දෙන ලද්දේ අපට යැ’යි කියති.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

15 “මනුෂ්‍ය පුත්‍රය, ජෙරුසලමේ සිටින අය නුඹ ගැනත්, විප්‍රවාසගත ව සිටින නුඹේ ඥාති ඉශ්රායෙල් සහෝදරයන් ගැනත් කතා කරමින්, ‘දෙවියන් වහන්සේ කෙරෙන් නුඹලා පිටුවහල් කර ඇත; උරුමයක් වශයෙන් දේශය දෙන ලද්දේ අපට යැ’යි කියති.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




එසකියෙල් 11:15
6 හුවමාරු යොමු  

මනුෂ්‍ය පුත්‍රය, ඉශ්‍රායෙල් දේශයෙහි තිබෙන ඒ පාළු ඉඩම්වල වසන්නෝ කථාකොට–ආබ්‍රහම් එක්කෙනෙක්ව සිටි නුමුත් ඔහුට දේශය උරුමවිය. අපි වනාහි බොහෝ දෙනෙක්ය; දේශයද උරුමයක් කොට අපට දී තිබේයයි කියති.


ඔව්හු සිනගෝගවලින් නුඹලා අහක්කරන්නෝය. එසේය, නුඹලා මරන්නාවූ කවරෙක් නුමුත් එය තමුන් විසින් දෙවියන්වහන්සේට කරන මෙහෙයක්යයි සිතන කාලය පැමිණෙන්නේය.


ස්වාමීන්වහන්සේගේ වචනයට වෙවුලන තැනැත්තෙනි, උන්වහන්සේගේ වචනය අසන්න. මාගේ නාමය නිසා නුඹලාට වෛරවී නුඹලා පන්වා දැමුවාවූ නුඹලාගේ සහෝදරයෝ: ස්වාමීන්වහන්සේ ගෞරව ලබාගන්නසේක්වා, එවිට නුඹලාගේ ප්‍රීතිය අපට දකින්ට ලැබේයයි කියති; නුමුත් ඔවුන්ම ලජ්ජාවට පැමිණෙනවා ඇත.


මට ළංනොවී ඈතින් සිටින්න, මම නුඹට වඩා ශුද්ධයෙමියි ඔව්හු කියති. මොව්හු මාගේ නාසයට ධූමයක්ය, දවස මුළුල්ලේම ඇවිළෙන ගින්නක්ය.


තවද ස්වාමීන්වහන්සේගේ වචනය මා වෙතට පැමිණ කියනුයේ:


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්