Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




එපීස 3:7 - Sinhala Revised Old Version

7 දෙවියන්වහන්සේගේ බලයේ ක්‍රියාකිරීමේ ප්‍රකාරයට මට දෙනලද උන්වහන්සේගේ ඒ කරුණාවේ දීමනාව හැටියට මම ඒ ශුභාරංචියේ සේවකයෙක් කරනු ලැබුවෙමි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

7 දෙවියන් වහන්සේගේ බලයේ ක්‍රියා කිරීමේ ප්‍රකාරයට, මට දෙන ලද උන් වහන්සේගේ කරුණාවේ දීමනාව ලෙස, මම ඒ සුබ අස්නේ සේවකයෙක් කරනු ලැබීමි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

සිංහල කාලීන පරිවර්තනය

7 දෙවියන්වහන්සේගේ අනුග්‍රහයේ තිළිණය මඟින් උන්වහන්සේගේ බලයේ ක්‍රියා කිරීම තුළින්, මම ඒ ශුභාරංචියේ සේවකයකු කරනු ලැබ සිටිමි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

7 දෙවියන් වහන්සේගේ බලයේ ක්‍රියා කිරීමේ ප්‍රකාරයට, මට දෙන ලද උන් වහන්සේගේ කරුණාවේ දීමනාව ලෙස, මම ඒ සුබ අස්නේ සේවකයෙක් කරනු ලැබීමි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




එපීස 3:7
22 හුවමාරු යොමු  

අදහන්නාවූ අප කෙරෙහි උන්වහන්සේගේ බලයේ මහත්කම කිමෙක්ද කියාත්, නුඹලා දැනගන්න පිණිස නුඹලාගේ සිත් නැමති ඇස් පහදන ලෙසත්ය.


ඉතින් අප තුළ ක්‍රියාකරන්නාවූ බලයේ හැටියට අපි ඉල්ලන නොහොත් සිතන හැම දේට වඩා ඉතා අධිකලෙස කරන්ට බලය ඇත්තාවූ තැනන්වහන්සේටම,


නුඹලා උදෙසා මට දෙනලද දෙවියන්වහන්සේගේ ඒ කරුණාවේ ගබඩාකාරකම ගැන නුඹලා අසන්ට ඇත;


තවද උන්වහන්සේ අලුත් ගිවිසුමක සේවකයින් කොට අප සමර්ථකළසේක; එනම් වචනාර්ථයේ හැටියට නොව පරමාර්ථයේ හැටියටය. මක්නිසාද වචනාර්ථය නසන්නේය, පරමාර්ථය ජීවත්කරන්නේය.


තමන් ඉදිරියෙහි ප්‍රසන්නව තිබෙන දේ යේසුස් ක්‍රිස්තුස්වහන්සේ කරණකොටගෙන අප තුළ කරමින්, නුඹලා උන්වහන්සේගේ කැමැත්ත කරන පිණිස සියලු යහපත් ක්‍රියාවලට නුඹලා සම්පූර්ණකරනසේක්වා. උන්වහන්සේට සදාකාලේටම ගෞරවය වේවා. ආමෙන්.


එසේහෙයින් නුඹලා පණිවිඩයේ වචනය, එනම් දෙවියන්වහන්සේගේ වචනය අපෙන් ලැබූ කල, නුඹලා පිළිගත්තේ මනුෂ්‍යයන්ගේ වචනය නොව ඇත්තෙන්ම දෙවියන්වහන්සේගේ වචනයව තිබෙන්නාවූ, අදහන නුඹලා තුළ ක්‍රියාද කරන්නාවූ වචනය බැවින්, අපිත් නොකඩව දෙවියන්වහන්සේට ස්තුතිකරමුව.


ඒ ඇර, මා තුළ බලවත් ලෙස කෙරෙන උන්වහන්සේගේ ක්‍රියා කිරීමේ ප්‍රකාරයට ඒ සඳහා මම පොරඅල්ලමින් වීර්යකරමි.


නුමුත් මම යම් ස්වභාවකට පැමිණ සිටිම්ද එසේ සිටින්නේ දෙවියන්වහන්සේගේ අනුග්‍රහයෙන්ය. උන්වහන්සේ මට දුන් අනුග්‍රහය නිෂ්ඵල නොවීය; මම ඔවුන් සියල්ලන්ට වඩා බොහෝසෙයින් වැඩකෙළෙමි. නුමුත් එසේ කළේ මා නොව මා කෙරෙහි තිබුණාවූ දෙවියන්වහන්සේගේ අනුග්‍රහයය.


ඉඳින් අපොල්ලොස් කවුද? පාවුල් කවුද? ස්වාමීන්වහන්සේ එකිනෙකාට දුන් ලෙස නුඹලා ඇදහීමට පැමිණෙවු සේවකයෝය.


දෙවියන්වහන්සේගේ ශුභාරංචියේ සේවය පවත්වමින්, අන්‍යජාතීන්ට ක්‍රිස්තුස් යේසුස්වහන්සේගේ සේවකයෙකු වීමට දෙවියන්වහන්සේ මට දී තිබෙන කරුණාව නිසාය.


ඒ පුත්‍රයාණන්වහන්සේ මාංසාකාරයෙන් දාවිත්ගේ වංශයෙන් ඉපිද, ශුද්ධකමේ ආත්මයේ ප්‍රකාරයට දේව පුත්‍රයාණන් හැටියට මළවුන්ගෙන් නැගිටීම කරණකොටගෙන බලයෙන් යුක්තව ප්‍රකාශකරනු ලැබූසේක.


උන්වහන්සේගෙන් මුළු ශරීරය එකට සන්ධිකරනු ලැබ සවිවී, එක එක කොට්ඨාසයේ ප්‍රමාණයේ ක්‍රියාකිරීමේ හැටියට සහකාරවූ එක එක සන්ධිය කරණකොටගෙන ප්‍රේමයෙන් වර්ධනයවන ලෙස ශරීරය වැඩෙන්නේය.


සියලු ශුද්ධවන්තයන්ගෙන් ඉතා කුඩා තැනැත්තාවූ මට මේ අනුග්‍රහය දෙනලද්දේ ක්‍රිස්තුස්වහන්සේගේ සොයා දැනගත නොහැකි සම්පත ගැන අන්‍යජාතීන්ට දේශනාකරන්ටත්,


(මක්නිසාද චර්මඡේද්‍යයේ ප්‍රේරිතකමට පේතෘස් තුළෙහි ක්‍රියාකළාවූ තැනන්වහන්සේම අන්‍යජාතීන් උදෙසා මා තුළ ක්‍රියාකළසේක.)


ඉන්නිසා අපට කරුණාව ලැබුණු ලෙසම මේ සේවයත් ලැබී තිබෙන බැවින්, අපි ක්ලාන්ත නොවී සිටිමුව.


එසේය, දවස ඇතිවූ තැන් පටන් මම උන්වහන්සේය; මාගේ අතින් මුදන්ට පොහොසත්වූ කිසිවෙක් නැත. මම ක්‍රියාකරන්නෙමි, වලක්වන්නේ කවුද?


නුමුත් ස්වාමීන්වහන්සේ ඔහුට කථාකොට: යන්න, මක්නිසාද ඔහු මාගේ නාමය අන්‍යජාතීන්ද රජුන්ද ඉශ්‍රායෙල් පුත්‍රයන්ද ඉදිරියට ගෙනයන්ට මා විසින් තෝරාගන්නාලද භාජනයක්ය.


නුඹලා එකිනෙකා සුදුසු තරමට වඩා තම තමා ගැන උතුම්කොට නොසිතා, දෙවියන්වහන්සේ එකිනෙකාට බෙදාදුන් ඇදහිල්ලේ ප්‍රමාණය ලෙස පමණදැන සිතන හැටියට, මට දෙනලද අනුග්‍රහයෙන් නුඹලා අතරෙහි එකිනෙකාට කියමි.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්