Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




උත්පත්ති 9:5 - Sinhala Revised Old Version

5 සැබවින් නුඹලාගේ ජීවිතය වන නුඹලාගේ ලේ ගැන පළිගන්නෙමි; සියලු මෘගයන් අතින්ද පළිගන්නෙමි. මනුෂ්‍යයාගේ ජීවිතය ගැන මනුෂ්‍යයා අතින් එනම් ඔහුගේ සහෝදරවූ එක් එක්කෙනා අතින් පළිගන්නෙමි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

5 යමෙකු නුඹ මැරුවොත් මම ඔහුට මරණීය දඬුවම දෙමි. සතෙකු හෝ මිනිසෙකු හෝ නුඹ මැරුවොත් මම ඌ හෝ ඔහු හෝ වනසා දමමි. මිනිසා මිනිසෙකු මැරුවොත් මම ඔහු ද වනසාලමි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

5 යමෙකු නුඹ මැරුවොත් මම ඔහුට මරණීය දඬුවම දෙමි. සතෙකු හෝ මිනිසෙකු හෝ නුඹ මැරුවොත් මම ඌ හෝ ඔහු හෝ වනසා දමමි. මිනිසා මිනිසෙකු මැරුවොත් මම ඔහු ද වනසාලමි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




උත්පත්ති 9:5
26 හුවමාරු යොමු  

මනුෂ්‍යයෙකුට මැරෙන ලෙස පහරදෙන තැනැත්තේ ඒකාන්තයෙන් මරනු ලබන්නේය.


මක්නිසාද ලේ ගැන විභාග කරන්නාවූ උන්වහන්සේ ඔවුන් සිහිකරනසේක. දිළිඳාගේ මොරගැසීම මතකනැති නොකරනසේක.


මෙසේ ධර්මිෂ්ඨවූ ආබෙල්ගේ ලේ පටන් ශුද්ධස්ථානයටත් පූජාසනයටත් අතරේ නුඹලා විසින් මරනලද බරාකියාගේ පුත්‍රවූ සකරියාගේ ලේ දක්වා පොළොවේදී වගුරුවනලද සියලු ධර්මිෂ්ඨයන්ගේ ලේ නුඹලා පිටට පැමිණෙන්නේය.


නුඹේ සෙනඟ අතරෙහි කේලාම් කියමින් ඔබමොබ නොයන්න. නුඹේ අසල්වාසියාගේ ප්‍රාණයට විරුද්ධව නොනැගිටින්න. මම ස්වාමීන්වහන්සේය.


උන්වහන්සේ පිළියෙළකළ කාලවල්ද සියලු මනුෂ්‍ය ජාතීන්ගේ වාසස්ථානවල සීමාද නියමකොට, මුළු පොළෝතලයෙහි වාසය කරන පිණිස එක්කෙනෙකුගෙන් ඔවුන් මැවූසේක.


රූබෙන් ඔවුන්ට උත්තරදෙමින්: ළමයාට විරුද්ධව පව් නොකරල්ලාය කියා මම නුඹලාට නොකීයෙම්ද? එහෙත් නුඹලා ඇහුවේ නැත. බලව, ඒ නිසාත්, ඔහුගේ ලේ ගැන පළිගනු ලැබේයයි කීවේය.


මෙසේ දෙවියන්වහන්සේ අබිමෙලෙක් තමාගේ සහෝදරයන් සැත්තෑදෙන මැරීමෙන් තමාගේ පියාට කළ ඔහුගේ දුෂ්ටකමට විපාක දුන්සේක.


තමාගේ ගෙයි තමාගේ යහනේ ඉන්දදී ධර්මිෂ්ඨ මනුෂ්‍යයෙකු මරාදැමූ දුෂ්ට මිනිසුන්ට ඊට කොපමණ වැඩියෙන් එසේ කරන්ට ඕනෑ නොවේද? එබැවින් මම ඔහුගේ ලේ නුඹලාගේ අතින් අයකර නුඹලා දැන් පොළොවෙන් පහනොකරන්නෙම්දැයි කීවේය.


මෙසේ යෝවාෂ් රජ ඔහුගේ පියවූ යෙහෝයාදා තමාට කළ කරුණාව සිහි නොකොට ඔහුගේ පුත්‍රයා මැරීය. ඔහු මැරෙද්දී කථාකොට: ස්වාමීන්වහන්සේ මේක බලා ප්‍රතිඵල දෙනසේක්වයි කීවේය.


මනුෂ්‍යයෙකුට මැරෙන්ට පහර දෙන තැනැත්තා සැබවින් මරනු ලැබිය යුතුය;


මෘගයෙකු මරන්නා ඊට පළි ගෙවිය යුතුය. නුමුත් මනුෂ්‍යයෙකු මරන්නා මරනු ලැබිය යුතුය.


එහෙත් යමෙක් මැරෙන ලෙස හෙතෙම යකඩ ආවුදයකින් ඔහුට පහර දුන්නේනම් ඔහු මිනීමරන්නෙක්ය. මිනීමරන්නා සැබවින්ම මරනු ලැබිය යුතුය.


යමෙකු මරන්ට පුළුවන් ගලක් අරගෙන මැරෙන ලෙස ඔහුට පහරදුන්නේනම්, හෙතෙම මිනීමරන්නෙක්ය. මිනීමරන්නා සැබවින් මරනු ලැබිය යුතුය.


නොහොත් යමෙකු මරන්ට පුළුවන් ලී ආවුදයක් රැගෙන ඔහු මැරෙන ලෙස පහර දුන්නේනම්, හෙතෙම මිනීමරන්නෙක්ය. මිනීමරන්නා සැබවින් මරනු ලැබිය යුතුය.


නොහොත් මැරෙන ලෙස සතුරුකමක් නිසා තමාගේ අතින් ඔහුට ගැසුවේ නම්, ඔහුට පහරදුන් තැනැත්තේ සැබවින් මරනු ලැබිය යුතුය; හෙතෙම මිනී මරන්නෙක්ය. ලේවල පළිය ගන්න තැනැත්තේ මිනීමරන්නා සම්බවූ විට ඔහු මරාවා.


එහෙත් යමෙක් තමාගේ අසල්වාසියා කෙරෙහි වෛරයක් ඇතුව ඔහු ගැන රැකසිට ඔහුට විරුද්ධව නැගිට ඔහුට මැරෙන්ට පහරදී මේ නුවරවලින් එකකට පලායන්නේනම්,


ඔහුගේ නුවර වැඩිමහල්ලෝ එතැනින් ඔහු ගෙන්වාගෙන ඔහු මැරෙණ පිණිස ලෙයෙහි පළිය ගන්නාගේ අතට ඔහු පාවාදෙත්වා.


එබැවින් ඔහුගේ පැසුණු හිසකේ සමාදානයෙන් මිනීවලට බසින්ට නොදී ප්‍රස්තාවට සුදුසු ලෙස නුවණින් ක්‍රියාකරන්න.


අහසියාගේ මවුවූ අතලියා ඇගේ පුත්‍රයා මළ බව දැක නැගිට මුළු රාජ වංශය විනාශකළාය.


ඔහුගේ සේවකයෝ ඔහුට විරුද්ධව කුමන්ත්‍රණයකොට ඔහුගේම ගෙයිදී ඔහු මැරුවෝය.


නුමුත් දේශයේ සෙනඟ ආමොන් රජුට විරුද්ධව මන්ත්‍රණයකළ සියල්ලන් මරා ඔහුගේ පුත්‍රවූ යොෂියා ඔහු වෙනුවට රජකමට පත්කළෝය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්