Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




උත්පත්ති 6:16 - Sinhala Revised Old Version

16 නැවට කවුළුවක් සාදවා ඉහළින් ඒක රියනකින් නිමකරන්න; නැවේ දොර පැත්තකින් සාදන්න; පහළ තට්ටුවක්ද දෙවෙනි තුන්වෙනි තට්ටුද ඇතුව ඒක සාදන්න.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

16 නැවට උඩින් පියස්සක් තනා, ඒ ආවරණය හා බිත්ති අතර සෙන්ටිමීටර් හතළිස්හතරක පරතරයක් තැබිය යුතු ය. පළමු වන, දෙ වන, තෙ වන වශයෙන් තට්ටු තුනක් ඇති ව නැව සාදා එහි එක පැත්තක දොර තබන්න.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

16 නැවට උඩින් පියස්සක් තනා, ඒ ආවරණය හා බිත්ති අතර සෙන්ටිමීටර් හතළිස්හතරක පරතරයක් තැබිය යුතු ය. පළමු වන, දෙ වන, තෙ වන වශයෙන් තට්ටු තුනක් ඇති ව නැව සාදා එහි එක පැත්තක දොර තබන්න.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




උත්පත්ති 6:16
9 හුවමාරු යොමු  

ඇතුල් මාළිගාවද මිදුලේ ශාලාද එළිපත්ද පටු කවුළුද මහල් තුනටම එළිපත්ත ඉස්සරහ වටකර තිබුණු පිට-ශාලාද තුනී ලෑලිවලින් වසා තිබුණේය, බිම සිට කවුළු දක්වාත් එසේම තිබුණේය; කවුළුත් වසා තිබුණේය;


සතළිස් දවසකට පසු නෝවා තමා සෑදූ නැවේ කවුළුව හැරියේය.


ඇතුල්වූ සත්වයෝ දෙවියන්වහන්සේ ඔහුට අණකළ ලෙස මාංසමයවූ සියල්ලන්ගෙන් ගෑනු පිරිමි වශයෙන් ඇතුල්වූවෝය. ස්වාමීන්වහන්සේ ඔහු ඇතුල්කොට දොර වැසූසේක.


ගෙයි ස්වාමීයා නැගිට දොර වැසුවායින් පසු, නුඹලා පිටත සිට දොරට තට්ටුකරන්ට පටන්ගෙන: ස්වාමීනි, අපට දොර ඇරිය මැනවයි කියන කල, උන්වහන්සේ උත්තරදෙමින්: නුඹලා කොතැනින් ආවාද කියා නොදනිමියි නුඹලාට කියන්නේය.


ඇතුල් මළුවේ විසි රියනට ඉදිරිපිටත් පිට-මළුවේ ගල්-බිම ඉදිරිපිටත් පිට-ශාලාවක් ඉස්සරහ පිට-ශාලාවක් වශයෙන් මහල් තුනක් තිබුණේය.


යේහු යෙස්‍රෙයෙල්ට ආ කල යෙසෙබෙල් ඒ අසා ඇගේ ඇස්වල අඳුන් ගා හිස සරසාගෙන කවුළුවෙන් බැලුවාය.


තවද ස්වාමීන්වහන්සේගේ ගිවිසුම් පෙට්ටිය දාවිත්ගේ නුවරට පැමිණෙන කල සාවුල්ගේ දූවූ මීඛල් කවුළුවෙන් බලා, ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි දාවිත් රජ උඩ පනිමින් නටනවා දැක, ඇගේ සිතින් ඔහු හෙළාදැක්කාය.


නුඹ ඒක සෑදිය යුතු ආකාරය මේය. නැවේ දිග රියන් තුන්සියයක්ය, පළල රියන් පනසක්ය, උස රියන් තිහක්ය.


බලව, අහස යට ජීවන හුස්ම ඇති මාංසමයවූ සියල්ලන් විනාශකරන පිණිස මම පොළොව පිටට ජලගැල්ම පමුණුවමි; පොළොවෙහි ඇත්තාවූ සියල්ල නසින්නේය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්