Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




උත්පත්ති 5:4 - Sinhala Revised Old Version

4 සෙත් උපන්නාට පසු ආදම්ගේ දවස් අවුරුදු අටසියයක් විය. ඔහුට දාව පුත්‍රයෝද දූවරුද උපන්නෝය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

4 සෙත්ගේ උපතින් පසු ආදම් තව අවුරුදු අටසියයක් (800) ජීවත් විය. ඔහුට දාව තව දරුදැරියෝ උපන්හ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

4 සෙත්ගේ උපතින් පසු ආදම් තව අවුරුදු අටසියයක් ජීවත් විය. ඔහුට දාව තව දරුදැරියෝ උපන්හ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




උත්පත්ති 5:4
17 හුවමාරු යොමු  

ලාමෙක් නෝවා ඉපදෙවූ පසු පන්සිය අනූපස් අවුරුද්දක් ජීවත්වුණේය, ඔහුට දාව පුත්‍රයෝද දූවරුද උපන්නෝය.


මෙතුසෙලා ලාමෙක් ඉපදෙවූ පසු සත්සිය අසූ දෑවුරුද්දක් ජීවත්වුණේය, ඔහුට දාව පුත්‍රයෝද දූවරුද උපන්නෝය.


ඒනොක් මෙතුසෙලා ඉපදෙවූ පසු අවුරුදු තුන්සියයක් දෙවියන්වහන්සේ සමඟ හැසුරුණේය, ඔහුට දාව පුත්‍රයෝද දූවරුද උපන්නෝය.


යරෙද් ඒනොක් ඉපෙදවූ පසු අටසිය අවුරුද්දක් ජීවත්වුණේය, ඔහුට දාව පුත්‍රයෝද දූවරුද උපන්නෝය.


කේනාන් මහලලෙල් ඉපෙදවූ පසු අටසිය සතළිස් අවුරුද්දක් ජීවත්වුණේය, ඔහුට දාව පුත්‍රයෝද දූවරුද උපන්නෝය.


ඒනොෂ් කේනාන් ඉපදෙවූ පසු අටසිය පසළොස් අවුරුද්දක් ජීවත්වුණේය, ඔහුට දාව පුත්‍රයෝද දූවරුද උපන්නෝය.


සෙත් ඒනොෂ් ඉපදෙවූ පසු අටසිය සත් අවුරුද්දක් ජීවත්වුණේය, ඔහුට දාව පුත්‍රයෝද දූවරුද උපන්නෝය.


යම් කලෙක අපේ පුත්‍රයෝ තරුණ වයසේදී වැඩුණු පැළ මෙන් හා අපේ දූවරු මාලිගා කැටයම් ප්‍රකාර කැටයම් කළ කොනේ ගල් මෙන් වන්නෝද,


බලව, දරුවෝ ස්වාමීන්වහන්සේ දෙන උරුමයක්ය. කුසේ ඵලයද උන්වහන්සේගෙන් ලැබෙන විපාකයක්ය.


අර්පක්ෂද් තිස්පස් අවුරුද්දක් ජීවත්වූ පසු ඔහුට දාව ෂේලා උපන්නේය.


නුඹලා වනාහි සඵලවෙමින් බෝවෙන්න; පොළොවෙහි අතිශයින් බෝවී එහි වර්ධනවෙන්නැයි ඔවුන්ට කීසේක.


තවද දෙවියන්වහන්සේ නෝවාටත් ඔහුගේ පුත්‍රයන්ටත් ආශීර්වාදකොට: නුඹලා සඵලවෙමින් බෝවී පොළොව පූර්ණ කරන්න;


දෙවියන්වහන්සේ ඔවුන්ට ආශීර්වාදකළසේක; දෙවියන්වහන්සේ ඔවුන්ට කියනසේක්: නුඹලා බෝවී වැඩිවෙමින් පොළොව පූර්ණකොට ඒක යටත් කර ගන්න; මුහුදේ මත්ස්‍යයන් කෙරෙහිද ආකාශයේ පක්ෂීන් කෙරෙහිද පොළොව පිට හැසිරෙන සියලු සතුන් කෙරෙහිද අධිපතිකම් කරන්නැයි කීසේක.


ආදම් එකසිය තිස් අවුරුද්දක් ජීවත්වූ පසු තමාගේම සමානත්වයෙන් තමාගේ ස්වරූපය මෙන් පුත්‍රයෙකු උපදවා ඔහුට සෙත් යන නම තැබුවේය.


ආදම් ජීවත්වුණු සියලු දවස් නවසිය තිස් අවුරුද්දක්ය; ඔහු මළේය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්