Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




උත්පත්ති 48:17 - Sinhala Revised Old Version

17 යෝසෙප් තමාගේ පියාණන් තම දකුණත එප්‍රායිම්ගේ හිස පිට තබන බව දැක ඊට අප්‍රසන්නවී තමාගේ පියාගේ අත එප්‍රායිම්ගේ හිසින් අහක්කොට මනස්සේගේ හිස පිට තබන පිණිස ඒක ඉස්සුවේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

17 සිය පියා ඔහුගේ දකුණත එප්‍රායිම්ගේ හිස මත තැබූ බව ජෝසෙප් දුටු විට ඔහු කලබල වී, එය එප්‍රායිම්ගේ හිසින් ඉවතට ගෙන මනස්සේගේ හිස මතට ගෙන එන්න තම පියාගේ අත අල්ලාගෙන,

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

17 සිය පියා ඔහුගේ දකුණත එප්‍රායිම්ගේ හිස මත තැබූ බව ජෝසෙප් දුටු විට ඔහු කලබල වී, එය එප්‍රායිම්ගේ හිසින් ඉවතට ගෙන මනස්සේගේ හිස මතට ගෙන එන්න තම පියාගේ අත අල්ලාගෙන,

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




උත්පත්ති 48:17
13 හුවමාරු යොමු  

ඉශ්‍රායෙල් තමාගේ දකුණත දිගුකොට බාලයාවූ එප්‍රායිම්ගේ ඉස පිටද මනස්සේ කුලුඳුලා නුමුත් තමාගේ වමත මනස්සේගේ ඉස පිටද දැනගනම අත් හරවමින් තැබුවේය.


ඒ තාක් දරුවන් නොඉපද, යහපතවත් අයහපතවත් නොකර සිටි කල්හිද, ක්‍රියා නිසා නොව කැඳවන තැනන්වහන්සේ නිසා, තෝරාගැනීමේ ප්‍රකාරයට දෙවියන්වහන්සේගේ නියමය ස්ථිරවන පිණිස:


නැත්නම් සමහරවිට ස්වාමීන්වහන්සේ ඒ දැක නොසතුටුව, තමන් උදහස ඔහු කෙරෙන් පහකරනසේක.


දෙවියන්වහන්සේ මේ කාරණයට අප්‍රසන්නවී ඉශ්‍රායෙල්ට පහරදුන්සේක.


ඔම්රී ස්වාමීන්වහන්සේගේ ඇස් හමුවෙහි නපුරුව තිබුණු දේ කොට තමාට පළමුවෙන් සිටි සියල්ලටම වඩා දුෂ්ටලෙස ක්‍රියාකෙළේය.


නුමුත් ස්වාමීන්වහන්සේ සාමුවෙල්ට කථාකොට: ඔහුගේ පෙනීම දෙසවත් ශරීරයේ උස දෙසවත් නොබලන්න; මක්නිසාද මම ඔහු එපාකෙළෙමි. ස්වාමීන්වහන්සේ මනුෂ්‍යයා බලන්නාක්මෙන් නොබලනසේක; මනුෂ්‍ය තෙමේ පිටාතර පෙනීම බලන්නේය, නුමුත් ස්වාමීන්වහන්සේ සිත බලනසේකැයි කීසේක.


බාලාම්ද: ඔබ මට විරුද්ධව මාර්ගයෙහි සිටි බව මා නොදත් බැවින් පව්කෙළෙමි. ඉදින් ඔබ අසතුටුනම් හැරීයන්නෙමියි ස්වාමීන්වහන්සේගේ දූතයාට කීවේය.


සෙනඟ ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි කොඳුරන්නන් මෙන් දොස්කියමින් සිටියෝය. ස්වාමීන්වහන්සේට එය ඇසුණු කල උන්වහන්සේගේ උදහස ඇවුළුණේය; ස්වාමීන්වහන්සේගේ ගින්න ඔවුන් අතරේ පත්තුවී කඳවුරු සීමාවෙහි දැවෙමින් ගියේය.


ඔහු කළ දෙය ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි දුෂ්ටව තිබුණු බැවින් උන්වහන්සේ ඔහුද නැසූසේක.


තවද කානාන්හි දූවරුන්ට තමාගේ පියවූ ඊසාක් අප්‍රිය වූ බව ඒසව් දැක


තවද යෝසෙප්: මාගේ පියාණෙනි, එසේ නොවේවා. මොහු කුලුඳුලාය; ඔබගේ දකුණත මොහුගේ හිස පිට තැබුවමැනවැයි තම පියාට කීවේය.


යෝසෙප්ගේ කුලුඳුලාවූ මනස්සේගේ ගෝත්‍රයට ලැබුණු කොටස මේය. මනස්සේගේ කුලුඳුලාවූ, ගිලියද්ගේ පියවූ මාකීර් යුද්ධකාර මනුෂ්‍යයෙක් බැවින් ඔහුට ගිලියද්ද බාෂාන්ද ලැබුණේය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්