Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




උත්පත්ති 48:10 - Sinhala Revised Old Version

10 වයස නිසා ඉශ්‍රායෙල්ගේ ඇස් හොඳට නොපෙනී අඳුරුව තිබුණේය. ඔහුද ඔවුන් ඔහු ළඟට ගෙනායේය; ඔහු ඔවුන් සිඹ වැලඳගත්තේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

10 වයස නිසා ඉශ්රායෙල්ගේ පෙනීම දුර්වල වී තිබුණෙන් ඔහුට පෙනුණේ නැත. ජෝසෙප් ද ඔවුන් ඔහු වෙත ගෙනා විට, ඔහු ඔවුන් සිප වැළඳගත්තේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

10 වයස නිසා ඉශ්රායෙල්ගේ පෙනීම දුර්වල වී තිබුණෙන් ඔහුට පෙනුණේ නැත. ජෝසෙප් ද ඔවුන් ඔහු වෙත ගෙනා විට, ඔහු ඔවුන් සිප වැළඳගත්තේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




උත්පත්ති 48:10
13 හුවමාරු යොමු  

එවිට ඔහු ළඟට අවුත් ඔහු සිඹගත්තේය. ඊසාක් ඔහුගේ වස්ත්‍රවල සුවඳ සිඹ ඔහුට ආශීර්වාදකරමින්: බලව, මාගේ පුත්‍රයාගේ සුවඳ වනාහි ස්වාමීන්වහන්සේ ආශීර්වාදකළ කෙතක සුවඳ මෙනි.


තවද ඊසාක් මහලුව ඔහුගේ ඇස් නොපෙනෙන ලෙස අඳුරුවූ කල්හි තමාගේ වැඩිමල් පුත්‍රවූ ඒසව් කැඳවා: මාගේ පුත්‍රයයි ඔහුට කීය. ඔහුද: මම මෙහියයි කීවේය.


බලව, ගළවන්ට බැරි ලෙස ස්වාමීන්වහන්සේගේ අත කොටවෙලාවත් නෑසෙන ලෙස උන්වහන්සේගේ කන බිහිරිවෙලාවත් නැත.


මේ සෙනඟ තමුන්ගේ ඇස්වලින් නොදැක, තමුන්ගේ කන්වලින් නොඅසා, තමුන්ගේ සිත්වලින් තේරුම් නොගෙන, නොහැරී සුවය නොලැබ සිටින පිණිස, ඔවුන්ගේ සිත දැඩිකර, ඔවුන්ගේ කන් බිහිරිකර, ඔවුන්ගේ ඇස් අඳුරුකරන්නැයි කීසේක.


එවිට ඔහු ගවයන් අත්හැර එලියා පස්සේ දුවගොස්: මාගේ පියාණන් හා මෑණියන් සිඹ එන්ට මට අවසර ලැබේවා, ඉන්පසු ඔබ අනුව එන්නෙමියි කීවේය. ඔහුද: හැරී යන්න; මම නුඹට කුමක් කෙළම්දැයි ඔහුට කීවේය.


ඒලී වනාහි අනූ අට අවුරුද්දක් වයස්ව සිටියේය; ඔහුගේ ඇස් නොපෙනෙන ලෙස අඳුරුව තිබුණේය.


ඒ කාලයේ ඒලීගේ ඇස් හරියාකාර නොපෙනෙන ලෙස අඳුරුවෙන්ට පටන්ගෙන තිබුණේය.


ඔහු තමාගේ සියලු සහෝදරයන් සිඹ ඔවුන් වැලඳගෙන හැඬුවේය. ඉන්පසු ඔහුගේ සහෝදරයෝ ඔහු සමඟ කථාකළෝය.


ලාබන් අලුයම නැගිට තම පුත්‍රයන්ද දූවරුන්ද සිඹ ඔවුන්ට ආශීර්වාදකොට පිටත්ව තමාගේ ස්ථානයට හැරී ගියේය.


ඉශ්‍රායෙල් යෝසෙප්ගේ පුත්‍රයන් දැක: මොව්හු කවුරුදැයි ඇසුවේය.


තවද ඉශ්‍රායෙල් යෝසෙප්ට කථාකොට: නුඹේ මුහුණ දකින්ට ලැබේයයි නොසිතුවෙමි. එහෙත් දෙවියන්වහන්සේ නුඹේ දරුවනුත් දකින්ට මට ඉඩ දුන්සේකැයි කීය.


මෝසෙස් මැරෙන කල අවුරුදු එකසිය විස්සක් වයස්ව සිටියේය. ඔහුගේ ඇස් අඳුරු නොවීය, ඔහුගේ ස්වාභාවික ශක්තියද අඩු නොවීය.


ඒ කාලයෙහි ගෙයි රැකවල්ලු වෙවුලන්නෝය, බලවන්තයෝ නැමෙන්නෝය, අඹරන්නෝ ස්වල්ප බැවින් නවතින්නෝය, කවුළුවලින් බලන්නෝ අඳුරුවන්නෝය;


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්