Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




උත්පත්ති 47:16 - Sinhala Revised Old Version

16 යෝසෙප්ද: නුඹලාගේ සිව්පාවුන් දෙන්න; මුදල් ඉවරනම් සිව්පාවුන් හිලව්වට ආහාර දෙන්නෙමියි කීය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

16 එවිට ජෝසෙප් පිළිතුරු දෙමින්, “එසේ නම් ඔබේ ගව පට්ටි ගෙනෙන්න. මුදල් ඉවර නම් ඔබේ ගව පට්ටි හිලව්වට මම ඔබට ආහාර දෙන්නෙමි”යි කී ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

16 එවිට ජෝසෙප් පිළිතුරු දෙමින්, “එසේ නම් ඔබේ ගව පට්ටි ගෙනෙන්න. මුදල් ඉවර නම් ඔබේ ගව පට්ටි හිලව්වට මම ඔබට ආහාර දෙන්නෙමි”යි කී ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




උත්පත්ති 47:16
7 හුවමාරු යොමු  

නුඹලා ප්‍රස්තාව අල්ලාගනිමින්, පිටත සිටින්නන් කෙරෙහි ප්‍රඥාවෙන් ක්‍රියාකරන්න.


ඉතින්, සහෝදරයෙනි, යම් පමණ දේ සැබෑද, යම් පමණ දේ ගරුකටයුතුද, යම් පමණ දේ සාධාරණද, යම් පමණ දේ පිරිසිදුද, යම් පමණ දේ ආදරණීයද, යම් පමණ දේ යහපත් කීර්තියක් ඇතිව තිබේද, යම් ගුණයක්, යම් ප්‍රශංසාවක් ඇද්ද, ඒ දේවල් මෙනෙහිකරන්න.


මම මාගේම ප්‍රයෝජනය නොසොයා, බොහෝ දෙනෙක් ගැළවෙන පිණිස ඔවුන්ගේ ප්‍රයෝජනය සොයා, සියලු දේවලදී යම්සේ සියල්ලන් ප්‍රසන්න කරම්ද,


සැබෑව කියන්නා ධර්මිෂ්ඨකමද බොරු සාක්ෂිකාරයා වංචාවද දක්වන්නේය.


මිසර දේශයෙහිද කානාන් දේශයෙහිද මුදල් සියල්ල වියදම්වූ කල්හි, සියලු මිසරවරු යෝසෙප් වෙතට අවුත්: අපට ආහාර දුනමැනවි. අපි ඔබ ඉදිරියෙහි කුමක් හෙයින් නසිමුද? මක්නිසාද අපේ මුදල් ඉවරයයි කීවෝය.


ඔව්හු තමන්ගේ සිව්පාවුන් යෝසෙප් වෙතට ගෙනාවෝය. එවිට යෝසෙප් අශ්වයන්ද එළු බැටළු රැළවල්ද ගව රැළවල්ද කොටළුවන්ද හිලව්වට ඔවුන්ට ආහාර දුන්නේය. ඔහු ඒ අවුරුද්දේ ඔවුන්ගේ සියලු සිව්පාවුන් හිලව්වට ආහාරයෙන් ඔවුන් රක්ෂාකෙළේය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්