Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




උත්පත්ති 47:15 - Sinhala Revised Old Version

15 මිසර දේශයෙහිද කානාන් දේශයෙහිද මුදල් සියල්ල වියදම්වූ කල්හි, සියලු මිසරවරු යෝසෙප් වෙතට අවුත්: අපට ආහාර දුනමැනවි. අපි ඔබ ඉදිරියෙහි කුමක් හෙයින් නසිමුද? මක්නිසාද අපේ මුදල් ඉවරයයි කීවෝය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

15 මිසරයේ හා කානාන් දේශයේ මුදල් ඉවර වූ විට මිසර වාසි සියල්ලෝ ම ජෝසෙප් වෙත අවුත්, “අපට ආහාර දෙන්න, නැත්නම් ඔබ බලාගෙන සිටිද්දී ම අප මැරෙනු ඇත. අපේ මුදල් ඉවර ය”යි කී හ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

15 මිසරයේ හා කානාන් දේශයේ මුදල් ඉවර වූ විට මිසර වාසි සියල්ලෝ ම ජෝසෙප් වෙත අවුත්, “අපට ආහාර දෙන්න, නැත්නම් ඔබ බලාගෙන සිටිද්දී ම අප මැරෙනු ඇත. අපේ මුදල් ඉවර ය”යි කී හ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




උත්පත්ති 47:15
11 හුවමාරු යොමු  

අපේ දවස්පතා භෝජනය අපට අද දුන මැනව.


ස්වාමීන් කෙරෙහි විශ්වාසය තබා යහපත්කම් කරව; දේශයෙහි වාසයකරමින් විශ්වාසකම අනුව යව.


නුඹේ වැඩකාරයන් ගෙන් ඇසුවොත් ඔවුන් නුඹට කියනවා ඇත. ඒ නිසා යෞවනයන්ට නුඹේ ඇස් හමුවෙහි කරුණාව ලැබේවා; මක්නිසාද අපි හොඳ දවසකදී ආවෙමුව. නුඹේ මෙහෙකරුවන්ටත් නුඹේ පුත්‍රවූ දාවිත්ටත් නුඹට පුළුවන් දෙයක් දෙන ලෙස ඉල්ලමියි කියන්නැයි කීවේය.


දැන් නුඹේ අතයට තිබෙන්නේ මොනවාද? මා අතට රොටි පහක් හෝ වෙන තිබෙන දෙයක් හෝ දුනමැනවැයි පූජකවූ අහිමෙලෙක්ට කීවේය.


ඔහු එතැනින් පෙනුයෙල්ට ගොස් ඔවුන්ටත් එයාකාර කීවේය. එවිට පෙනුයෙල්හි මනුෂ්‍යයෝද සුක්කොත්හි මනුෂ්‍යයන් උත්තරදුන් හැටියට ඔහුට උත්තර දුන්නෝය.


ඔහු සුක්කොත්හි මනුෂ්‍යයන්ට කථාකොට: මා කැටුව යන මිනිසුන් ක්ලාන්තව සිටන බැවින් ඔවුන්ට රොටි දුනමැනවි; මම මිදියන්හි රජවරුන්වූ සෙබාද ශල්මුන්නාද එළවාගෙන යමියි කීවේය.


අස්වැන්න රැස්කරන කල පහෙන් කොටසක් ඵාරාවෝට දිය යුතුය, කෙතේ බීජ පිණිසත් නුඹලාගේද නුඹලාගේ ගෙයි වැසියන්ගේද ආහාර පිණිසත් නුඹලාගේ දරුවන්ගේ ආහාර පිණිසත් සතර කොටසක් නුඹලාට වන්නේයයි කීවේය.


උසස්ථානවල වාසයකරන්නේය. ඔහුගේ රක්ෂාස්ථානය පර්වත බලකොටුය; ඔහුට කෑම දෙනු ලබන්නේය; ඔහුට වතුර ලැබීම වරදින්නේ නැත.


යෝසෙප්ද: නුඹලාගේ සිව්පාවුන් දෙන්න; මුදල් ඉවරනම් සිව්පාවුන් හිලව්වට ආහාර දෙන්නෙමියි කීය.


දේශය සාගතයෙන් විනාශනොවෙන පිණිස ඒ ආහාර මිසර දේශයෙහි පැමිණෙන සාගත අවුරුදු සතේදී දේශයට ගබඩාවක් වන්නේයයි කීවේය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්