Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




උත්පත්ති 46:28 - Sinhala Revised Old Version

28 ගෝෂෙන්ට යන මාර්ගය පෙන්වන පිණිස ඔහු තමාට පෙරටුව යූදා යෝසෙප් වෙතට යැවීය; ඔව්හු ගෝෂෙන් දේශයට පැමිණියෝය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

28 තවද, ජාකොබ්, ජෝසෙප් ඉදිරියට පැමිණෙන පිණිස, තමාට පෙරටුව ඔහු වෙත ජුදා එවී ය. ඔව්හු ගෝෂෙන් නම් පෙදෙසට පැමිණියා හ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

28 තවද, ජාකොබ්, ජෝසෙප් ඉදිරියට පැමිණෙන පිණිස, තමාට පෙරටුව ඔහු වෙත ජුදා එවී ය. ඔව්හු ගෝෂෙන් නම් පෙදෙසට පැමිණියා හ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




උත්පත්ති 46:28
7 හුවමාරු යොමු  

ඔබ ගෝෂෙන් දේශයෙහි වාසයකරමින් ඔබද ඔබගේ දරුවෝද ඔබගේ දරුවන්ගේ දරුවෝද ඔබගේ එළු බැටළු රැළවල්ද ඔබගේ ගව රැළවල්ද ඔබ සන්තක සියල්ලෝද මා ළඟ සිටින්නහුය.


එම්බා යූදා, නුඹේ සහෝදරයෝ නුඹට ප්‍රශංසාකරන්නෝය. නුඹේ අත නුඹේ සතුරන්ගේ ගෙළෙහි වන්නේය; නුඹේ පියාගේ පුත්‍රයෝ නුඹ ඉදිරියෙහි වැඳවැටෙන්නෝය.


නුඹලාට ගෝෂෙන් දේශයෙහි වාසය කරන්ට ලැබෙන පිණිස–ඔබගේ මෙහෙකරුවූ අපිද අපේ පියවරුද අපේ බාල වයසේ පටන් මේ වන තුරු සිව්පාවුන් ඇතිකරන්නෝයයි කියන්න; කුමක්හෙයින්ද සියලු එඬේරු මිසරවරුන්ට පිළිකුලකැයි කීවේය.


යූදා තමාගේ පියවූ ඉශ්‍රායෙල්ට කථාකොට: අප සහ ඔබත් අපේ දරුවනුත් නොනැසී ජීවත්වන ලෙස අප පිටත්වී යන පිණිස තරුණයා මා සමඟ යැවුව මැනවි.


මෙසේ ඔහු තමා සන්තක සියල්ල රැගෙන පලාගියේය; ඔහු නැගිට ගංගාවෙන් එතරවී ගිලියාද් කන්ද දෙස බලාගියේය.


එකල්හි යෝසෙප් ඇවිත්: මාගේ පියා සහ මාගේ සහෝදරයෝද ඔවුන්ගේ එළු බැටළු රැළවල් සහ ගව රැළවල්ද ඔවුන් සන්තක සියල්ලද සමඟ කානාන් දේශයෙන් ආවෝය; ඔව්හු ගෝෂෙන් දේශයෙහි සිටිතියි ඵාරාවෝට කීවේය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්