Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




උත්පත්ති 45:16 - Sinhala Revised Old Version

16 යෝසෙප්ගේ සහෝදරයෝ ආවෝය කියා ඵාරාවෝගේ ගෙයි වැසියන්ට ආරංචිවිය. ඵාරාවෝද ඔහුගේ සේවකයෝද ඊට බොහෝ ප්‍රසන්නවූවෝය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

16 තවද, ජෝසෙප්ගේ සහෝදරයන්ගේ පැමිණීමේ ආරංචිය පාරාවෝගේ ගෘහයේ රැව් දිනි. මෙය පාරාවෝට ද ඔහුගේ නිලධාරීන්ට ද ප්‍රීතිදායක විය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

16 තවද, ජෝසෙප්ගේ සහෝදරයන්ගේ පැමිණීමේ ආරංචිය පාරාවෝගේ ගෘහයේ රැව් දිනි. මෙය පාරාවෝට ද ඔහුගේ නිලධාරීන්ට ද ප්‍රීතිදායක විය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




උත්පත්ති 45:16
15 හුවමාරු යොමු  

දෙවෙනි වාරයේදී යෝසෙප් තමාගේ සහෝදරයන්ට අඳුන්වාදෙනලද්දේය; යෝසෙප්ගේ ගෝත්‍රය ඵාරාවෝ දැනගත්තේය.


ඒ කීම මුළු සමූහයාට ප්‍රියවිය. එවිට ඔව්හු ඇදහිල්ලෙන්ද ශුද්ධාත්මයෙන්ද පූර්ණවූ මනුෂ්‍යයෙක් වන ස්තේපන්ද පිලිප්ද ප්‍රොකොරස්ද නිකනොර්ද තීමොන්ද පර්මෙනස්ද යුදෙව් ආගමට හැරුණු අන්තියෝකියේ නිකොලස්ද තෝරාගෙන,


එකල ඔහුගේ භාර්යාවවූ සෙරෙෂ්ද ඔහුගේ සියලු මිත්‍රයෝද ඔහුට කථාකොට: පනස් රියනක් උස ඇති එල්ලුම් ගහක් සාදවා, මොර්දෙකයි ඒකේ එල්ලා දමන පිණිස හෙට උදේ රජුට කථාකර, ඉන්පසු රජු සමඟ මංගල්‍යයට ප්‍රීතියෙන් පැමිණෙන්නැයි කීවෝය. ඒ කීමට හාමාන් ප්‍රසන්නව එල්ලුම් ගහ සෑදෙවුවේය.


එවිට රජ්ජුරුවන්ට ප්‍රියව පෙනෙන තරුණිය වස්තී වෙනුවට බිසෝ වේවායි කීවෝය. ඒ කාරණාවට රජ ප්‍රසන්නවී එලෙස කෙළේය.


ඒ කීමට රජද අධිපතීහුද ප්‍රසන්නවූහ; රජ මෙමූකාන්ගේ කීම ලෙස කරමින්,


ඒ කාරණය රජුටත් මුළු සභාවටත් හරිව පෙනුණේය.


මුළු සෙනඟද ඒක දැනගත්තෝය, ඒක ඔවුන්ට යහපත්ව පෙනුණේය. එසේම රජ්ජුරුවන් කළ සියල්ලත් මුළු සෙනඟට යහපත්ව පෙනුණේය.


නුඹලාගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ නුඹලා මේ කාරණයේදී විශ්වාසකළේ නැත.


එහෙයින් දැන් ඵාරාවෝ දැනුම් තේරුම් ඇති ප්‍රඥාවන්ත මනුෂ්‍යයෙකු සොයා ඔහු මිසර දේශය කෙරෙහි පත්කෙරේවා.


ඔවුන්ගේ වචන හාමොර්ටත් හාමොර්ගේ පුත්‍රවූ ෂෙඛෙම්ටත් ප්‍රසන්න විය.


අබිමෙලෙක්: බලව, මාගේ දේශය නුඹ ඉදිරියෙහිය, කැමති තැනක වාසය කරන්නැයි කීවේය.


ආබ්‍රම්ද: බලව, නුඹේ දාසිය නුඹ යටතේය; නුඹට යහපත්ව පෙනෙන ලෙස ඈට කරන්නැයි සාරයිට කීය. සාරායි ඈට හිරිහැරකළාය, ඈ සාරයි ඉදිරියෙන් පලාගියාය.


ඔහු තමාගේ සියලු සහෝදරයන් සිඹ ඔවුන් වැලඳගෙන හැඬුවේය. ඉන්පසු ඔහුගේ සහෝදරයෝ ඔහු සමඟ කථාකළෝය.


ඵාරාවෝ යෝසෙප්ට කථාකොට: නුඹලා මෙසේ කරන්නැයි නුඹේ සහෝදරයන්ට කියන්න–නුඹලාගේ මෘගයන් පිට බඩු පැටවිලිකරගෙන ගොස් කානාන් දේශයට පැමිණ,


ඒ කාරණය ඵාරාවෝටද ඔහුගේ සියලු මෙහෙකරුවන්ටද හොඳව පෙනුණේය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්