Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




උත්පත්ති 45:12 - Sinhala Revised Old Version

12 මෙන්න, නුඹලාට කථාකරන්නේ මාගේ මුඛය බව නුඹලාගේ ඇස්වලටද මාගේ සහෝදරවූ බෙන්යමින්ගේ ඇස්වලටද පෙනෙයි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

12 තවද, ඔබට කතා කරන්නේ ජෝසෙප් ම බව ඔබ සැමගේ නෙත්වලටත්, මා සොහොයුරු බෙන්ජමින්ගේ නෙත්වලටත් පෙනෙනු ඇත.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

12 තවද, ඔබට කතා කරන්නේ ජෝසෙප් ම බව ඔබ සැමගේ නෙත්වලටත්, මා සොහොයුරු බෙන්ජමින්ගේ නෙත්වලටත් පෙනෙනු ඇත.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




උත්පත්ති 45:12
5 හුවමාරු යොමු  

යෝසෙප් සහ ඔවුන් අතරේ තෝල්කකෙනෙක් සිටි නිසා ඔහුට තේරුණු බවක් ඔව්හු දැනනොගත්තෝය.


එකල උන්වහන්සේ තෝමස්ට කථාකොට: නුඹේ ඇඟිල්ල මෙහි දිගුකොට, මාගේ අත් බලන්න; නුඹේ අත දිගුකොට, මාගේ ඇළයෙහි බහාලන්න. අවිශ්වාස නොකොට, විශ්වාසකරන්නැයි කීසේක.


මාගේ අත් පා බලා, ඒ මමම බව දැනගන්න. මා අතගා බලන්න. මක්නිසාද මස් හා ඇට මට තිබෙනවා නුඹලාට පෙනෙන ලෙස ආත්මයකට නැතැයි කීසේක.


ඔබද ඔබගේ ගෙයි වැසියන්ද ඔබ සන්තක සියල්ලන්ද දිළිඳු බවට නොපැමිණෙන පිණිස එහි ඔබ රක්ෂාකරන්නෙමි; මක්නිසාද සාගතය තව අවුරුදු පහක් පවතින්නේයයි කියන්න.


නුඹලා මිසරයෙහි මාගේ සියලු ඓශ්චර්ය ගැනද නුඹලා දුටු සියල්ල ගැනද මාගේ පියාට දන්වා ඉක්මන්කොට මාගේ පියා මෙහි කැඳවාගෙන එන්නැයි තමාගේ සහෝදරයන්ට කීය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්