Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




උත්පත්ති 44:7 - Sinhala Revised Old Version

7 ඔව්හුද: අපේ ස්වාමියා මෙයාකාර වචන කියන්නේ මක්නිසාද? එබඳු දෙයක් කිරීම ඔබගේ මෙහෙකරුවන්ගෙන් දුරුවේවා.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

7 එවිට ඔව්හු ඔහුට කතා කොට, “ස්වාමීනි, ඔබ මෙසේ කීමෙන් අදහස් කරන්නේ කුමක් ද? මෙවැන්නක් කිරීමට ඔබේ දාසයන් හීනෙන් වත් සිතන්නේ නැත.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

7 එවිට ඔව්හු ඔහුට කතා කොට, “ස්වාමීනි, ඔබ මෙසේ කීමෙන් අදහස් කරන්නේ කුමක් ද? මෙවැන්නක් කිරීමට ඔබේ දාසයන් හීනෙන් වත් සිතන්නේ නැත.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




උත්පත්ති 44:7
12 හුවමාරු යොමු  

අප ගැන යාච්ඤාකරන්න. මක්නිසාද අපි සියල්ලේදී යහපත්ලෙස හැසිරෙන්ට ආශාවෙන්, යහපත් හෘදයසාක්ෂියක් ඇතුව සිටින බව විශ්වාසකරමුව.


හොඳ නාමයක් අනර්ඝ තෛලයට වඩා උතුම්ය; උපන් දවසට වඩා මැරෙන දවස හොඳය.


බොහෝ ධනයට වඩා හොඳ නමක්ද රන්රිදීවලට වඩා කරුණාවද අගනේය.


හසායෙල්ද: බල්ලෙක් වැනිවූ ඔබගේ මෙහෙකරුවා විසින් ඒ බරපතළ දේ කරන්ට ඔහු කවුදැයි කීවේය. එලිෂා: නුඹ සිරිය කෙරෙහි රජ වෙන බව ස්වාමීන්වහන්සේ මට පෙන්වා තිබේයයි කීවේය.


යෝවාබ් උත්තරදෙමින්: නැති නාස්ති කිරීම මාගෙන් දුරුවේවා, දුරුවේවා.


තවද ඉශ්‍රායෙල් ඒ දේශයෙහි වසන කල්හි රූබෙන් ගොස් තම පියාගේ උපභාර්යාවවූ බිල්හා සමඟ සයනයකෙළේය. ඉශ්‍රායෙල්ට එපවත් සැලවිය. යාකොබ්ගේ පුත්‍රයෝ දොළොස් දෙනෙක්ය.


ඔහු ඔවුන් කිට්ටුකර මේ වචන ඔවුන්ට කීවේය.


බැලුව මැනවි, අපේ ගෝණි කටවල තිබී අපට සම්බවූ මුදල් අපි කානාන් දේශයේ සිට නැවත ඔබ වෙතට ගෙනාවෙමු. එසේවී නම් අප විසින් ඔබගේ ස්වාමියාගේ ගෙයින් රන්වත් රිදීවත් සොරකම්කරන්නේ කොහොමද?


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්