Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය
- දැන්වීම් -




උත්පත්ති 44:5 - Sinhala Revised Old Version

5 මාගේ ස්වාමියා බොන්නෙත් ශාස්ත්‍ර කියන්නෙත් මේකෙන් නොවේද? නුඹලා කළේ නපුරු ක්‍රියාවකැයි කියන්නැයි කීවේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

5 මාගේ ස්වාමියා පානය කරන්නටත්, දිවැස් කියන්නටත් භාවිත කරන්නේ මෙය නොවේ ද? මෙසේ කිරීමෙන් නුඹලා කර ඇත්තේ දුෂ්ටකමකි’ කියා කියන්නැ”යි කීවේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

5 මාගේ ස්වාමියා පානය කරන්නටත්, දිවැස් කියන්නටත් භාවිත කරන්නේ මෙය නොවේ ද? මෙසේ කිරීමෙන් නුඹලා කර ඇත්තේ දුෂ්ටකමකි’ කියා කියන්නැ”යි කීවේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




උත්පත්ති 44:5
7 හුවමාරු යොමු  

එවිට ලාබන්: නුඹෙන් මට කරුණාව ලැබී තිබේ නම් නැවතී යන්න. නුඹ නිසා ස්වාමීන්වහන්සේ මට ආශීර්වාදකළ බව නිමිත්තකින් මට පෙනී ගොස් තිබේයයි ඔහුට කීවේය.


යෝසෙප්: නුඹලා කළාවූ මේ ක්‍රියාව කිමෙක්ද? මා වැනි මනුෂ්‍යයෙකුට ශාස්ත්‍ර කියන්ට සැබවින්ම පුළුවන් බව නොදනිවුදැයි ඔවුන්ට කීවේය.


ඔහු ඔවුන් කිට්ටුකර මේ වචන ඔවුන්ට කීවේය.


ඒ මනුෂ්‍යයෝ රජු කී වචනය හොඳ ලකුණක්කොට සලකා, ඒ වචනය වහාම අල්වාගෙන: ඔබගේ සහෝදරවූ බෙන්-හදද්යයි කීවෝය. ඔහුද: නුඹලා ගොස් ඔහු කැඳවාගන එන්නැයි කීවේය. එකල බෙන්-හදද් ඔහු වෙතට ආයේය. රජ ඔහු රථයට නංවාගත්තේය.


ඔහු තමාගේ පුත්‍රයා ගිනි මැදින් යවා පූජාකෙළේය, මායම්ද ශාස්ත්‍ර බැලීම්ද භාවිතාකරමින් ආත්ම බන්ධනකාරයන්ද අනවිනකාරයන්ද පත්කෙළේය. ඔහු ස්වාමීන්වහන්සේ කෝපකරවන හැටියට උන්වහන්සේගේ ඇස් හමුවෙහි නපුරුවූ බොහෝ දේ කෙළේය.


නුඹලා ලේ සමඟ කිසිවක් නොකෑ යුතුය. ශාස්ත්‍ර නොබලන්න, මායම් භාවිතා නොකරන්න.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්