Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




උත්පත්ති 44:4 - Sinhala Revised Old Version

4 ඔවුන් නුවරින් පිටත වැඩිදුර යන්ට ප්‍රථම යෝසෙප් තමන් ගබඩාකාරයාට කථාකොට: නැගිට ඒ මනුෂ්‍යයන් පසුපස්සේ යන්න; නුඹ ඔවුන් කිට්ටුකළාම: නුඹලා යහපතට අයහපත කළේ මක්නිසාද?

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

4 මොවුන් නගරයෙන් පිටතට ගොස්, වැඩි දුරක් යන්නට ප්‍රථම, ජෝසෙප් තම කළමනාකරුට කතා කොට, “නැඟිට අර මිනිසුන් ලුහුබැඳ යන්න, නුඹට ඔවුන් හමු වූ කල ඔවුන්ට කතා කොට, ‘හොඳක් කළා ම නරකක් කෙළේ මන් ද? නුඹලා මාගේ රිදී කුසලාන සොරකම් කෙළේ ඇයි?

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

4 මොවුන් නගරයෙන් පිටතට ගොස්, වැඩි දුරක් යන්නට ප්‍රථම, ජෝසෙප් තම කළමනාකරුට කතා කොට, “නැඟිට අර මිනිසුන් ලුහුබැඳ යන්න, නුඹට ඔවුන් හමු වූ කල ඔවුන්ට කතා කොට, ‘හොඳක් කළා ම නරකක් කෙළේ මන් ද? නුඹලා මාගේ රිදී කුසලාන සොරකම් කෙළේ ඇයි?

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




උත්පත්ති 44:4
9 හුවමාරු යොමු  

යේසුස්වහන්සේ ඔවුන්ට උත්තරදෙමින්: පියාණන්වහන්සේගෙන් බොහෝ යහපත් ක්‍රියා නුඹලාට දැක්වීමි; එයින් කොයි ක්‍රියාව නිසා මට ගල්ගසන්නහුදැයි ඇසූසේක.


මාගේ ආත්මය අසරණවන ලෙස ඔව්හු මට යහපත වෙනුවට නපුර කෙරෙති.


යහපතට නපුර කරන්නාගේ ගෙයින් විපත පහ නොවන්නේය.


තවද මට ඔව්හු යහපතට අයහපතද මාගේ ප්‍රේමයට වෛරයද කළෝය.


එහෙත් ඔබ අපට හිමිකරදුන් ඔබගේ උරුමයෙන් අප පන්නාදමන්ට ඊමෙන් ඔවුන් අපට ප්‍රතිඵල දෙන හැටි බැලුවමැනව.


ඔහු දාවිත්ට කථාකොට: නුඹ මට වඩා ධර්මිෂ්ඨය. මක්නිසාද මා නුඹට නපුර කළ නුමුත් නුඹ මට යහපත කෙලෙහිය.


මෙසේ සියලු යුද්ධකාරයන් සෙනඟ අතරෙන් මැරී නැතිවී ගියාට පසු,


උදය එළිවූ වහාම ඒ මනුෂ්‍යයෝද ඔවුන් සමඟ ඔවුන්ගේ කොටළුවෝද පිටත් කරනලද්දෝය.


එවිට ඔව්හු තමන් වස්ත්‍ර ඉරාගෙන තම තමන්ගේ කොටළුවන් පිට බඩු පටවා නුවරට හැරීගියෝය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්