Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




උත්පත්ති 44:2 - Sinhala Revised Old Version

2 තවද බාලයාගේ ගෝණි කටේ මගේ කුසලාන එනම් රිදී කුසලානද ඔහුගේ ධාන්‍ය මුදලද තබන්නැයි කීවේය. ඔහු යෝසෙප් කී ලෙස කෙළේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

2 තවද, මාගේ කුසලාන එනම් මාගේ රිදී කුසලාන, බාලයාට අයිති ගෝණියේ කටේ ඔහු ධාන්‍යවලට ගෙවූ මුදලත් සමඟ දමන්නැ”යි අණ කෙළේ ය. ඔහු ද ජෝසෙප් කී හැටියට ම ඉටු කෙළේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

2 තවද, මාගේ කුසලාන එනම් මාගේ රිදී කුසලාන, බාලයාට අයිති ගෝණියේ කටේ ඔහු ධාන්‍යවලට ගෙවූ මුදලත් සමඟ දමන්නැ”යි අණ කෙළේ ය. ඔහු ද ජෝසෙප් කී හැටියට ම ඉටු කෙළේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




උත්පත්ති 44:2
12 හුවමාරු යොමු  

මේක මා කියන්නේ අණක් ලෙස නොව වෙන අයවලුන්ගේ උත්සාහවන්තකමෙන් නුඹලාගෙත් ප්‍රේමයේ සැබෑකම විභාගකරන පිණිසය.


වෘකයන් මැදට බැටළුවන් මෙන් මම නුඹලා යවමි. එහෙයින් සර්පයන් මෙන් නුවණ ඇතිව, පරෙවියන් මෙන් අහිංසකව සිටින්න.


ඒ අනාගතවක්තෘගේ වචනවලටවත් ඒ ස්වප්නකාරයාටවත් ඇහුම්කන්නොදෙන්න. මක්නිසාද නුඹලාගේ දෙවිවූ ස්වාමීන්වහන්සේට නුඹලාගේ මුළු සිතෙන්ද මුළු ආත්මයෙන්ද නුඹලා ප්‍රේමකරනවාදැයි දැනගන්ට නුඹලාගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ නුඹලා සෝදිසිකරන සේක.


නුඹේ පියවරුන් නොදත්තාවූ, මන්නාවලින් කාන්තාරයේදී නුඹ පෝෂණයකළාවූ නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේ මතක නැතිකොට:


නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේ නුඹ යටහත්කර, නුඹ සෝදිසිකර, උන්වහන්සේගේ ආඥා නුඹ රක්ෂාකරනවාද නැද්දැයි නුඹේ සිතේ තිබෙන දෙය දැනගන්නා පිණිස මේ සතළිස් අවුරුද්දේ කාන්තාරයෙහි නුඹ ගෙනගිය මුළු මාර්ගය සිහිකරන්න.


ඔව්හු ඔහුට වෙනමද ඔවුන්ට වෙනමද ඔහු සමඟ කන මිසරවරුන්ට වෙනමද කෑම ඇරියෝය. කුමක්හෙයින්ද මිසරවරුන්ට හෙබ්‍රෙව්වරුන් සමඟ කන්ට නුපුළුවන; මක්නිසාද ඒක මිසරවරුන්ට පිළිකුලක්ය.


නුඹලාගේ බාල සහෝදරයා මා වෙතට ගෙනෙන්න; මෙයින් නුඹලාගේ වචන සැබෑවන්නේය, නුඹලාද නොනස්නහුයයි ඔවුන්ට කීය. ඔව්හු එසේ කළෝය.


තවද ඔහු තමාගේ ගෙයි ගබඩාකාරයාට අණකොට: ගෙනගිය හැකි පමණ ආහාරයෙන් ඒ මනුෂ්‍යයන්ගේ ගෝණි පුරවා එක් එක්කෙනාගේ මුදල ඒ ඒ තැනැත්තාගේ ගෝණි කටේ තබන්න.


උදය එළිවූ වහාම ඒ මනුෂ්‍යයෝද ඔවුන් සමඟ ඔවුන්ගේ කොටළුවෝද පිටත් කරනලද්දෝය.


ඔහු වැඩිමහල්ලාගෙන් පටන්ගෙන බාලයා දක්වා, සෙවු කල කුසලාන බෙන්යමින්ගේ ගෝණියෙහි තිබී සම්බවිය.


එවිට යෝසෙප් ඔවුන්ගේ මලුවල ධාන්‍ය පුරවන ලෙසද ඔවුන්ගේ මුදල් එකිනෙකාගේ ගෝණියෙහි නැවත තබන ලෙසද මගට කෑම ඔවුන්ට දෙන ලෙසද ආඥා කෙළේය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්