Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




උත්පත්ති 44:1 - Sinhala Revised Old Version

1 තවද ඔහු තමාගේ ගෙයි ගබඩාකාරයාට අණකොට: ගෙනගිය හැකි පමණ ආහාරයෙන් ඒ මනුෂ්‍යයන්ගේ ගෝණි පුරවා එක් එක්කෙනාගේ මුදල ඒ ඒ තැනැත්තාගේ ගෝණි කටේ තබන්න.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

1 ජෝසෙප් තම ගෘහයේ කළමනාකරුට කතා කොට, “මොවුන්ගේ ගෝණි මොවුන්ට උසුලාගෙන යන්න හැකිතරම් ආහාරවලින් පුරවා, එකිනෙකාගේ මුදල් ඒ ඒ අයගේ ගෝණි කටේ දමන්න.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

1 ජෝසෙප් තම ගෘහයේ කළමනාකරුට කතා කොට, “මොවුන්ගේ ගෝණි මොවුන්ට උසුලාගෙන යන්න හැකිතරම් ආහාරවලින් පුරවා, එකිනෙකාගේ මුදල් ඒ ඒ අයගේ ගෝණි කටේ දමන්න.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




උත්පත්ති 44:1
8 හුවමාරු යොමු  

එවිට යෝසෙප් ඔවුන්ගේ මලුවල ධාන්‍ය පුරවන ලෙසද ඔවුන්ගේ මුදල් එකිනෙකාගේ ගෝණියෙහි නැවත තබන ලෙසද මගට කෑම ඔවුන්ට දෙන ලෙසද ආඥා කෙළේය.


යෝසෙප් ඔවුන් සමඟ බෙන්යමින් සිටිනවා දුටු කල්හි තමාගේ ගෙයි ගබඩාකාරයාට කථාකොට: මේ මනුෂ්‍යයන් ගෙට කැඳවාගන ගොස් සතුන් මරා පිළියෙළ කරන්න; මක්නිසාද මේ මනුෂ්‍යයෝ දවාලට මා සමඟ කන්නෝයයි කීවේය.


බලව, සේනාවල ස්වාමීන්වහන්සේ වන ස්වාමීන්වහන්සේ යෙරුසලමෙන්ද යූදා රටෙන්ද රුකුලත් යෂ්ටියත් පහකරනසේක. එනම් මුළු ආහාරපාන වෘත්තියද;


ඔව්හු යෝසෙප්ගේ ගෙයි ගබඩාකාරයාට ළංවී ගෙයි දොරකඩදී ඔහුට කථාකරමින්:


ඔවුන් මිසරයෙන් ගෙනාවාවූ ධාන්‍ය කාලා ඉවර වූ කල ඔවුන්ගේ පියා ඔවුන්ට කථාකොට: නැවත ගොස් අපට ආහාර ටිකක් මිලේට ගනිල්ලායයි කීවේය.


ආබ්‍රහම්ද තමා සන්තක සියල්ලට මූලිකකම් කළාවූ තමාගේ ගෙදර වැඩිමහල් මෙහෙකරුවාට කථාකොට:


තවද බාලයාගේ ගෝණි කටේ මගේ කුසලාන එනම් රිදී කුසලානද ඔහුගේ ධාන්‍ය මුදලද තබන්නැයි කීවේය. ඔහු යෝසෙප් කී ලෙස කෙළේය.


තවද ඔවුන් තමන්ගේ ගෝණි සිස්කළ කල්හි, බලව, එක් එක්කෙනාගේ මුදල් මිටිය තම තමාගේ ගෝණියෙහි තිබුණේය. ඔව්හුද ඔවුන්ගේ පියාද ඔවුන්ගේ මුදල් මිටි දැක භයවුණෝය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්