Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




උත්පත්ති 43:33 - Sinhala Revised Old Version

33 ඔව්හු ඔහු ඉදිරියෙහි වැඩිමලා තමාගේ කුලුඳුල්කම ලෙසද බාලයා තමාගේ බාලකම ලෙසද හිඳගන උන්නෝය. ඊට ඒ මනුෂ්‍යයෝ පුදුමයෙන් ඔවුනොවුන් දෙස බැලුවෝය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

33 ජෝසෙප්ගේ සහෝදරයෝ ද ඔහුට මූණ ලා, වැඩිමලා පටන් බාලයා දක්වා වයස් අනුව පිළිවෙළට වාඩි කරවන ලදහ. ඔව්හු විස්මිත වී එකිනෙකා දෙස බැලූ හ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

33 ජෝසෙප්ගේ සහෝදරයෝ ද ඔහුට මූණ ලා, වැඩිමලා පටන් බාලයා දක්වා වයස් අනුව පිළිවෙළට වාඩි කරවන ලදහ. ඔව්හු විස්මිත වී එකිනෙකා දෙස බැලූ හ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




උත්පත්ති 43:33
5 හුවමාරු යොමු  

යේසුස්වහන්සේ ඒ අසා, මවිතව, තමන් අනුව එන්නන්ට කථාකොට: සැබවක් නුඹලාට කියමි, ඉශ්‍රායෙල්හිවත් මෙබඳු මහත් ඇදහිල්ලක් නුදුටිමි.


යෝසෙප් තමාගේ සහෝදරයන් දැක ඔවුන් ඇඳිනගත්තේය, නුමුත් නාඳුනන්නාක් මෙන් පෙන්වා තද ලෙස ඔවුන්ට කථාකොට: නුඹලා කොතැන සිට ආවහුදැයි ඔවුන්ගෙන් ඇසීය. ආහාර මිලේට ගන්නා පිණිස කානාන් දේශයෙන් ආවෙමුයයි ඔව්හු කීවෝය.


ඔහු වැඩිමහල්ලාගෙන් පටන්ගෙන බාලයා දක්වා, සෙවු කල කුසලාන බෙන්යමින්ගේ ගෝණියෙහි තිබී සම්බවිය.


තවද යෝසෙප්: මාගේ පියාණෙනි, එසේ නොවේවා. මොහු කුලුඳුලාය; ඔබගේ දකුණත මොහුගේ හිස පිට තැබුවමැනවැයි තම පියාට කීවේය.


ඔවුන්ගේ උත්පත්තිය ලෙස නම්වලින් සයක් එක ගලක් පිටත් ඉතිරි සය අනික් ගල පිටත් විය යුතුය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්