Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




උත්පත්ති 43:32 - Sinhala Revised Old Version

32 ඔව්හු ඔහුට වෙනමද ඔවුන්ට වෙනමද ඔහු සමඟ කන මිසරවරුන්ට වෙනමද කෑම ඇරියෝය. කුමක්හෙයින්ද මිසරවරුන්ට හෙබ්‍රෙව්වරුන් සමඟ කන්ට නුපුළුවන; මක්නිසාද ඒක මිසරවරුන්ට පිළිකුලක්ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

32 සේවකයෝ ජෝසෙප්ට වෙන ම මේසයක් ද ඔහුගේ සහෝදරයන්ට වෙන ම මේසයක් ද ඔහු සමඟ වැළඳූ මිසර වාසීන්ට වෙන ම මේසයක් ද පිළියෙළ කළහ. මන්ද, මිසර වැසියන් හෙබ්‍රේව්වරුන් සමඟ කෑම නොකන බැවිනි. එසේ කළොත් මිසර වැසියන්ට එය පිළිකුලකි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

32 සේවකයෝ ජෝසෙප්ට වෙන ම මේසයක් ද ඔහුගේ සහෝදරයන්ට වෙන ම මේසයක් ද ඔහු සමඟ වැළඳූ මිසර වාසීන්ට වෙන ම මේසයක් ද පිළියෙළ කළහ. මන්ද, මිසර වැසියන් හෙබ්‍රේව්වරුන් සමඟ කෑම නොකන බැවිනි. එසේ කළොත් මිසර වැසියන්ට එය පිළිකුලකි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




උත්පත්ති 43:32
4 හුවමාරු යොමු  

මෝසෙස්ද: එසේ කරන්ට යුතු නැත; එසේ කළොත් මිසරවරුන්ට පිළිකුලක් වන ලෙස අපි අපේ දෙවිවූ ස්වාමීන්වහන්සේට පූජා ඔප්පුකරන්නෙමුව. මිසරවරුන්ගේ ඇස් හමුවෙහි ඔවුන්ට පිළිකුලක් වන ලෙස පූජා ඔප්පුකරන්නෙමුද? එවිට ඔව්හු අපට ගල්නොගසන්නෝද?


නුඹලාට ගෝෂෙන් දේශයෙහි වාසය කරන්ට ලැබෙන පිණිස–ඔබගේ මෙහෙකරුවූ අපිද අපේ පියවරුද අපේ බාල වයසේ පටන් මේ වන තුරු සිව්පාවුන් ඇතිකරන්නෝයයි කියන්න; කුමක්හෙයින්ද සියලු එඬේරු මිසරවරුන්ට පිළිකුලකැයි කීවේය.


යෝසෙප් ඔවුන් සමඟ බෙන්යමින් සිටිනවා දුටු කල්හි තමාගේ ගෙයි ගබඩාකාරයාට කථාකොට: මේ මනුෂ්‍යයන් ගෙට කැඳවාගන ගොස් සතුන් මරා පිළියෙළ කරන්න; මක්නිසාද මේ මනුෂ්‍යයෝ දවාලට මා සමඟ කන්නෝයයි කීවේය.


තවද යාකොබ් කන්දේදී පූජාවක් ඔප්පුකොට කෑම කන්ට තමාගේ සහෝදරයන් කැඳවිය. ඔව්හුද කෑම කා මුළු රාත්‍රියෙහි කන්දේ නැවතී සිටියෝය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්