Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




උත්පත්ති 41:7 - Sinhala Revised Old Version

7 හීන්වූ කරල් තරවූ සම්පූර්ණවූ කරල් සත ගිලගත්තේය. එවිට ඵාරාවෝ පිබිදුණේය, ඒක ස්වප්නයක් බව ඔහු දැනගත්තේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

7 තවද, කේඬෑරි කරල් හත, කදිම, රන්වන් කරල් හත ගිලදැමී ය. එවිට පාරාවෝ නින්දෙන් අවදි විය. එය සිහිනයක් බව ඔහු තේරුම්ගත්තේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

7 තවද, කේඬෑරි කරල් හත, කදිම, රන්වන් කරල් හත ගිලදැමී ය. එවිට පාරාවෝ නින්දෙන් අවදි විය. එය සිහිනයක් බව ඔහු තේරුම්ගත්තේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




උත්පත්ති 41:7
5 හුවමාරු යොමු  

යෝසෙප් ස්වප්නයක් දැක ඒක තමාගේ සහෝදරයන්ට කීවේය. ඔව්හු ඔහු කෙරෙහි වඩ වඩා වෛර වූවෝය.


නුමුත් දෙවියන්වහන්සේ රාත්‍රියේ හීනයකින් අබිමෙලෙක් වෙතට පැමිණ: බලව, නුඹ ගෙන්වාගත් ස්ත්‍රිය නිසා නුඹ මළ කෙනෙක්ය, මක්නිසාද ඈ මනුෂ්‍යයෙකුගේ භාර්යාවයයි ඔහුට කීසේක.


බලව, ඒවාට පසුව හීන්වූ පෙරදිග සුළඟින් වියළීගියාවූ කරල් සතක් හැදුණේය.


උදෑසන ඵාරාවෝගේ හිත කැලඹී තිබුණේය; ඔහු පණිවිඩ යවා මිසරයේ සියලු මායාකාරයන්ද සියලු ශාස්ත්‍රකාරයන්ද කැඳවා තමාගේ ස්වප්නය ඔවුන්ට කීවේය; එහෙත් එහි අර්ථය ඵාරාවෝට කියාදීමට පොහොසත්වූ කිසිවෙක් නොසිටියේය.


සාලමොන් පිබිද ඒක ස්වප්නයක් බව දැනගත්තේය. ඔහු යෙරුසලමට ඇවිත් ස්වාමීන්වහන්සේගේ ගිවිසුම් පෙට්ටිය ඉදිරියෙහි සිට දවන පූජාද ශාන්ති පූජාද ඔප්පුකෙළේය; තමාගේ සියලු සේවකයන්ට මංගල්‍යයක්ද පිළියෙළකොට දුන්නේය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්