Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




උත්පත්ති 41:33 - Sinhala Revised Old Version

33 එහෙයින් දැන් ඵාරාවෝ දැනුම් තේරුම් ඇති ප්‍රඥාවන්ත මනුෂ්‍යයෙකු සොයා ඔහු මිසර දේශය කෙරෙහි පත්කෙරේවා.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

33 “දැන් ඉතින් පාරාවෝ, දක්ෂ, විචක්ෂණ මිනිසෙකු සොයා බලා, මිසර දේශයේ පරිපාලනය ඔහුට බාර දිය යුතු ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

33 “දැන් ඉතින් පාරාවෝ, දක්ෂ, විචක්ෂණ මිනිසෙකු සොයා බලා, මිසර දේශයේ පරිපාලනය ඔහුට බාර දිය යුතු ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




උත්පත්ති 41:33
6 හුවමාරු යොමු  

ඵාරාවෝ යෝසෙප්ට කථාකොට: දෙවියන්වහන්සේ මේ සියල්ල නුඹට දැක්වූ නිසා නුඹ පමණ දැනුම් තේරුම් ඇති ප්‍රඥාවන්ත කෙනෙක් නැත.


එහෙයින්, සහෝදරයෙනි, මේ වැඩට අප විසින් පත්කරන පිණිස යහපත්යයි ප්‍රසිද්ධවූ, ආත්මයෙන්ද ප්‍රඥාවෙන්ද පූර්ණවූ මනුෂ්‍යයන් සත්දෙනෙකු නුඹලා අතරෙන් සොයාගන්න.


එබැවින්, රජ්ජුරුවෙනි, මාගේ දැනමුතුකමට ප්‍රසන්නවී, ධර්මිෂ්ඨකම්කිරීමෙන් ඔබගේ පාපද දිළිඳුන්ට කරුණාකිරීමෙන් ඔබගේ අපරාධද පහකළ මැනව; එසේ කිරීමෙන් සමහරවිට ඔබගේ සමාදානය පවතින්ට පුළුවනැයි කීවේය.


ප්‍රඥාවන්තවූ බුද්ධිමත්වූ අඳුනන මනුෂ්‍යයන් නුඹලාගේ ගෝත්‍ර ප්‍රකාරයට තෝරාගන්න. මම ඔවුන් නුඹලා කෙරෙහි ප්‍රධානීන් කොට පත්කරන්නෙමියි කීයෙමි.


එසේ කොට, දේශය කෙරෙහි මුලාදෑනීන් පත්කර, සාරවත්වූ අවුරුදු සතේදී මිසර දේශයේ අස්වැන්නෙන් පහෙන් කොටස ගනීවා.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්