Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




උත්පත්ති 40:9 - Sinhala Revised Old Version

9 එවිට කුසලාන දරන්නන්ගේ නායකයා තමාගේ හීනය යෝසෙප්ට කියනුයේ: බලව, හීනෙන් මුද්‍රික වැලක් මා ඉදිරියෙහි තිබුණේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

9 එවිට ප්‍රධාන කුසලාන පිරිනමන්නා ජෝසෙප්ට කතා කොට, තමාගේ සිහිනය දන්වමින්, “මම, සිහිනෙන් මා ඉදිරියෙහි මිදි වැලක් දිටිමි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

9 එවිට ප්‍රධාන කුසලාන පිරිනමන්නා ජෝසෙප්ට කතා කොට, තමාගේ සිහිනය දන්වමින්, “මම, සිහිනෙන් මා ඉදිරියෙහි මිදි වැලක් දිටිමි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




උත්පත්ති 40:9
9 හුවමාරු යොමු  

අන්තිමේදී මාගේ දෙවියන්ගේ නාමය ලෙස බේල්ටෙෂශර් නම්වූ, ශුද්ධ දෙවිවරුන්ගේ ආත්මය ඇත්තාවූ දානියෙල් මා ඉදිරියට ආයේය. මම ඔහු ඉදිරියෙහි ස්වප්නය මෙසේ කීවෙමි:


රජ්ජුරුවෙනි, ඔබ මහත් රූපයක් දුටුවෙහිය. ඒ රූපය මහත්ව ඉතා දීප්තිමත්ව තිබුණේය, ඒක ඔබ ඉදිරියෙහි සිටියේය; ඒකේ පෙනීමද භයංකරය.


ඉක්බිති මිසරයේ රජ්ජුරුවන්ගේ කුසලාන දරන්නාද පූප සාදන්නාද තමන්ගේ ස්වාමිවූ මිසරයේ රජ්ජුරුවන්ට විරුද්ධව වරද කළෝය.


ඵාරාවෝ තමන් ඇමතියන් දෙදෙනාවූ කුසලාන දරන්නන්ගේ නායකයා කෙරෙහිද පූප සාදන්නන්ගේ නායකයා කෙරෙහිද උදහස්ව


ඔව්හුද: අපි හීනයක් දුටිමුව, ඒකේ තේරුම කියාදෙන්ට පුළුවන් කෙනෙක් නැත්තේයයි ඔහුට කීවෝය. තේරුම කියාදීම දෙවියන්වහන්සේට අයිති නොවේද? එය මට කියන්නැයි යෝසෙප් ඔවුන්ට කීවේය.


ඒ මුද්‍රික වැලේ අතු තුනක් තිබුණේය. ඒක දළු දමා එහි මල් අටගත්තාක් මෙන්ද විය; එහි වලුවල ඉදුණු මිදි පල තිබුණේය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්