Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




උත්පත්ති 4:23 - Sinhala Revised Old Version

23 ලාමෙක් තමාගේ භාර්යාවන්ට කථාකොට: ආදා සහ ශිල්ලා, මාගේ හඬ අසව්; ලාමෙක්ගේ භාර්යාවෙනි, මාගේ බසට කන්දෙව්; මට තුවාල කළ නිසා මිනිසෙක්ද මට රිදවූ නිසා යෞවනයෙක්ද මැරීමි;

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

23 ලාමෙක් සිය භාර්යාවන්ට කතා කොට, “ආදා හා ශිල්ලා මට සවන් දෙන්න. මා බිරිඳෙනි, මා බසට කන් යොමන්න. මිනිසෙක් මට පහර දුනි, මම ඔහු මරාදැමීමි. තරුණයෙක් මට තුවාළ කෙළේ ය, මම ඔහුත් මරාදැමීමි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

23 ලාමෙක් සිය භාර්යාවන්ට කතා කොට, “ආදා හා ශිල්ලා මට සවන් දෙන්න. මා බිරිඳෙනි, මා බසට කන් යොමන්න. මිනිසෙක් මට පහර දුනි, මම ඔහු මරාදැමීමි. තරුණයෙක් මට තුවාළ කෙළේ ය, මම ඔහුත් මරාදැමීමි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




උත්පත්ති 4:23
7 හුවමාරු යොමු  

ඔහු උපමා කථා පවසමින් කියනුයේ: බාලාක්, නැගිට අසන්න; ශිප්පෝර්ගේ පුත්‍රය, කන් යොමුකරන්න.


පළිගන්නේවත් නුඹේ සෙනඟගේ පුත්‍රයන්ට විරුද්ධව කිසි වෛරයක් පවත්වන්නේවත් නැතුව නුඹට මෙන් නුඹේ අසල්වාසියාට ප්‍රේමකරන්න. මම ස්වාමීන්වහන්සේය.


ඔවුන් එය යෝතාම්ට දැන්වූ විට ඔහු ගොස් ගෙරිසීම් කන්ද මුදුනේ සිට ශබ්දනගා මොරගසමින්: ෂෙකෙම්හි වැසියෙනි, දෙවියන්වහන්සේ නුඹලාට ඇහුම්කන්දෙන පිණිස නුඹලා මට ඇහුම්කන්දෙන්න.


ශිල්ලාද තූබල්-කායින් වැදුවාය, ඔහු සියලු ආකාර පිත්තල සහ යකඩ ආයුධ තනන ලෝකුරුවා වූයේය. තූබල්-කායින්ගේ සහෝදරී නාමාය.


ඔවුන්ගේ පය ලිස්සන කල්හි, පිළිගැනීමද ප්‍රතිඵල දීමද මට අයිතිය. මක්නිසාද ඔවුන්ගේ විපත්ති දවස ළඟය, ඔවුන්ට සූදානම්කර තිබෙන දේද ඉක්මන් වන්නේය.


පළිගැන්ම අයත් දෙවිවූ ස්වාමිනි, පළිගැන්ම අයත් දෙවියන්වහන්ස, බැබළුව මැනව.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්