Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




උත්පත්ති 4:22 - Sinhala Revised Old Version

22 ශිල්ලාද තූබල්-කායින් වැදුවාය, ඔහු සියලු ආකාර පිත්තල සහ යකඩ ආයුධ තනන ලෝකුරුවා වූයේය. තූබල්-කායින්ගේ සහෝදරී නාමාය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

22 ශිල්ලාට ද තුබල්-කායින් උපන්නේ ය. මොහු ලෝකඩ සහ යකඩ උපකරණ සාදන සියලු ලෝකුරුවන්ගේ ආදි පියා ය. තුබල්-කායින්ගේ සහෝදරී නාමා ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

22 ශිල්ලාට ද තුබල්-කායින් උපන්නේ ය. මොහු ලෝකඩ සහ යකඩ උපකරණ සාදන සියලු ලෝකුරුවන්ගේ ආදි පියා ය. තුබල්-කායින්ගේ සහෝදරී නාමා ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




උත්පත්ති 4:22
7 හුවමාරු යොමු  

ඉතින් මාගේ පියවූ දාවිත් විසින් සොයා දුන්නාවූ මා ළඟ යූදාහිත් යෙරුසලමෙහිත් සිටින දක්ෂ ප්‍රඥාවන්ත මිනිසුන් සමඟ, රන් රිදී පිත්තල යකඩ වැඩත් රත්නිල්, රතු, නිල්වන් නූල් වැඩත් කිරීමට දක්ෂවූ, සියලු ආකාර කැටයම්වැඩ කරන්ට දන්නාවූ මනුෂ්‍යයෙකු මා ළඟට එවුවමැනවි.


නුඹේ අගුල් පොලු යකඩ සහ පිත්තලය; නුඹේ ශක්තියද නුඹේ දවස් මෙන් වන්නේය.


ඒ දේශයේ නුඹට හිඟ නැතුව කෑම කන්ට පුළුවන, එහිදී නුඹට කිසි දෙයකින් අඩු පාඩුවක් නොවන්නේය; ඒ දේශයේ ගල් යකඩය, එහි හෙල්වලින් නුඹට පිත්තල හාරාගන්ට පුළුවන.


රන් රිදී පිත්තල යකඩ බෙලෙක් ඊයම් සහ ගිනි ඉසිලිය හැකි


ඔවුන්ගෙන් නුඹලා විසින් ගත යුතු පඬුර නම්–රන්, රිදී, සහ පිත්තලද;


ඔහුගේ සහෝදරයාගේ නම යූබාල්ය; ඔහු වීණාවත් නළාවත් පාවිච්චිකරන සියල්ලන්ගේ පියාය.


ලාමෙක් තමාගේ භාර්යාවන්ට කථාකොට: ආදා සහ ශිල්ලා, මාගේ හඬ අසව්; ලාමෙක්ගේ භාර්යාවෙනි, මාගේ බසට කන්දෙව්; මට තුවාල කළ නිසා මිනිසෙක්ද මට රිදවූ නිසා යෞවනයෙක්ද මැරීමි;


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්