Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




උත්පත්ති 4:15 - Sinhala Revised Old Version

15 ස්වාමීන්වහන්සේ: ඉදින් යමෙක් කායින් මරන්නේද ඔහුගෙන් සත්වරක් පළිගනු ලබන්නේයයි ඔහුට කීසේක. කායින් සම්බවෙන කිසිවෙක් ඔහුට පහර නොදෙන පිණිස ස්වාමීන්වහන්සේ ඔහුට ලකුණක් නියම කළසේක.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

15 එහෙත්, සමිඳාණන් වහන්සේ උත්තර දෙමින්, “එසේ නොවනු ඇත. යම් කෙනෙක් කායින් මැරුවොත් ඔහුගෙන් එමෙන් සත් වරක් දරුණු ලෙස පළිගනු ලබන්නේ ය”යි වදාළ සේක. එබැවින් සමිඳාණන් වහන්සේ ද යමෙකුට කායින් මුණ ගැසුණොත් කායින් නොමරන පිණිස ඔහු පිට ලකුණක් තැබූ සේක.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

15 එහෙත්, සමිඳාණන් වහන්සේ උත්තර දෙමින්, “එසේ නොවනු ඇත. යම් කෙනෙක් කායින් මැරුවොත් ඔහුගෙන් එමෙන් සත් වරක් දරුණු ලෙස පළිගනු ලබන්නේ ය”යි වදාළ සේක. එබැවින් සමිඳාණන් වහන්සේ ද යමෙකුට කායින් මුණ ගැසුණොත් කායින් නොමරන පිණිස ඔහු පිට ලකුණක් තැබූ සේක.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




උත්පත්ති 4:15
15 හුවමාරු යොමු  

ස්වාමීන්වහන්සේ ඔහුට කථාකොට: නුවර මුළුල්ලෙහි, එනම් යෙරුසලම මුළුල්ලෙහි ගොස්, ඒ තුළ කෙරෙන සියලු පිළිකුල්කම් ගැන සුසුම්ලා කෙඳිරිගාන මනුෂ්‍යයන්ගේ නළල්වල ලකුණක් කරන්නැයි කීසේක.


ස්වාමිනි, අපේ අසල්වාසීන් විසින් ඔබට කළ නින්දාව ඔවුන්ගේ ළයට සත් ගුණයක් කොට හරවාදුන මැනව.


මාගේ ශුද්ධස්ථානයෙන් පටන් ගෙන මහල්ලන්ද යෞවනයන්ද කන්‍යාවන්ද බාලයන්ද ස්ත්‍රීන්ද මරා නාස්තිකර දමන්න. නුමුත් ලකුණ ඇති කිසිවෙකුට ළං නොවෙන්නැයි කීසේක. එවිට ඔව්හු ගෘහය ඉදිරියෙහි සිටි වැඩිමහල් මනුෂ්‍යයන්ගෙන් පටන්ගත්තෝය.


ඉදින් කායින් නිසා සත් වරක් පළිගනු ලැබේ නම් සැබවින් ලාමෙක් නිසා සැත්තෑසත් වරක් පළිගනු ලැබේයැයි කීවේය.


ඔවුන්ගේ වේදනාව නමැති ධූමය සදාකාලේටම නගින්නේය; මෘගයාටත් උගේ රූපයටත් නමස්කාරකරන්නෝද ඔහුගේ නාමයේ ලකුණ ලබන්නාද දිවා රෑ දෙක්හි නිවාඩු නොලබන්නෝයයි මහත් ශබ්දයකින් කීය.


තව තුන්වෙනි දේවදූතයෙක්ද ඔවුන්ට පස්සේ ගොස්: යමෙක් මෘගයාටත් උගේ රූපයටත් නමස්කාරකර, ඔහුගේ නළලේවත් අතේවත් ලකුණක් ලබන්නේද,


එවිට යේසුස්වහන්සේ: නුඹේ කඩුව කොපුවේ දමන්න. මක්නිසාද කඩු ගන්න සියල්ලෝ කඩුවෙන්ම විනාශවන්නෝය.


ස්වාමීන්වහන්සේද: ඔහුට යෙස්‍රෙයෙල් යන නම තබන්න; මක්නිසාද තව ස්වල්ප කාලයකින් යෙස්‍රෙයෙල්හි ලේ ගැන යේහුගේ වංශයට දඬුවම්කොට, ඉශ්‍රායෙල් වංශයේ රාජ්‍යය නැතිකරන්නෙමි.


අපේ පලිහවූ ස්වාමිනි, මාගේ සෙනඟට මතකනැති නොවන පිණිස, ඔවුන් නොනැසුව මැනව. ඔබගේ බලයෙන් ඔවුන් විසුරුවා පහත හෙළුව මැනව.


ඇරත් හනානීගේ පුත්‍රවූ යේහු අනාගතවක්තෘ අතින් ස්වාමීන්වහන්සේගේ වචනය බාෂාටත් ඔහුගේ වංශයටත් විරුද්ධව පැමුණුණේ ඔහු යෙරොබොවම්ගේ වංශයට සමානවෙන හැටියට තමාගේ අත් වැඩවලින් ස්වාමීන්වහන්සේ කෝපකරවමින් උන්වහන්සේගේ ඇස් හමුවෙහි කළාවූ සියලු නපුරුකම් නිසාත් ඔහු ඒ වංශය නැසූ නිසාත්ය.


මම නුඹලාට විරුද්ධව උදහසින් හැසිර නුඹලාගේ පාපවල් නිසා සත් ගුණයක් නුඹලාට දඬුවම් කරන්නෙමි.


මමත් නුඹලාට විරුද්ධව හැසිර නුඹලාගේ පාපවල් නිසා සත්ගුණයක් පහරදෙන්නෙමි.


නුඹලා මට විරුද්ධව හැසිර මට ඇහුම්කන් නොදෙන්නහුනම් මම නුඹලාගේ පාපවල හැටියට තව සත් ගුණයක් නුඹලාට පීඩා පමුණුවන්නෙමි.


තවද මේ සියල්ල නිසාවත් නුඹලා මට ඇහුම්කන් නුදුන්නොත් තව සත් ගුණයක් නුඹලාගේ පව් නිසා නුඹලාට දඬුවම් කරන්නෙමි.


නුමුත් ඔහු අසුවුණොත් සත් ගුණයක් ගෙවන්ට ඕනෑය; තමාගේ ගෙයි මුළු සම්පත වුවත් දෙන්ට ඕනෑය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්