Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




උත්පත්ති 38:23 - Sinhala Revised Old Version

23 එවිට යූදා: අපට නින්දා නොපැමිණෙන පිණිස ඈ ඒක ගත්තාවේ. මම මේ එළුපැටවා යැවීමි, එහෙත් නුඹට ඈ සම්බවුණේ නැතැයි කීවේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

23 එවිට ජුදා කතා කොට, “ඈ ගත් දේ ඈ ම තබාගත්තාවේ; නැත්නම් මිනිසුන් අපට සිනාසෙන්නට පුළුවනි. ඔබට ඈ සම්බ නුවූ නමුත්, බලන්න, මම මේ බැටළු පැටියා ඈ වෙත යැවීමි”යි කී ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

23 එවිට ජුදා කතා කොට, “ඈ ගත් දේ ඈ ම තබාගත්තාවේ; නැත්නම් මිනිසුන් අපට සිනාසෙන්නට පුළුවනි. ඔබට ඈ සම්බ නුවූ නමුත්, බලන්න, මම මේ බැටළු පැටියා ඈ වෙත යැවීමි”යි කී ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




උත්පත්ති 38:23
8 හුවමාරු යොමු  

නග්නව ඇවිද තමාගේ ලජ්ජාව මනුෂ්‍යයන්ට නොපෙනෙන පිණිස අවදිව සිට තමාගේ වස්ත්‍ර ආරක්ෂාකරගන්නා ආශීර්වාදලද්දෙක්ය.)


මක්නිසාද ඔවුන් විසින් රහසින් කරන දේ ගැන කථාකිරීම පවා ලජ්ජාවක්ය.


ලජ්ජාවේ රහස් දේවල් එපා කළෙමුව. ප්‍රයෝගයෙන් නොහැසිර, දෙවියන්වහන්සේගේ වචනය ගැන වංචා නොකර, සැබෑව ප්‍රකාශකිරීමෙන්ම දෙවියන්වහන්සේ ඉදිරියෙහි සියලු මනුෂ්‍යයන්ගේ හෘදයසාක්ෂියට එකඟවෙන ලෙස අපේ ගුණ දැක්වීමුව.


ඉඳින් නුඹලා දැන් යම් දෙයකට ලජ්ජාව සිටිවුද, එකල්හි ඒ දෙයින් කුමන ඵලයක් ලැබුවහුද? මක්නිසාද ඒ දේවල කෙළවර නම් මරණයය.


තුවාල හා ලජ්ජාව ඔහුට වන්නේය; ඔහුගේ නින්දාවද මැකී නොයන්නේය.


නුඹ ස්වාමීන්වහන්සේගේ ඇස් හමුවෙහි නපුරුව තිබුණුදේ කිරීමෙන් උන්වහන්සේගේ වචනය සුළුකොට සිතුවේ මක්නිසාද? නුඹ හිත්තීය උරියා කඩුවෙන් නසා ඔහුගේ භාර්යාව නුඹට භාර්යාව කොට ගත්තෙහිය, නුඹ වනාහි අම්මොන් පුත්‍රයන්ගේ කඩුවෙන් ඔහු මැරෙවුවෙහිය.


එවිට ඔහු යූදා වෙතට හැරී ගොස්: ඈ මට සම්බවුණේ නැත; ඒ ස්ථානයේ මනුෂ්‍යයොත් මෙහි වේශ්‍යාවක් සිටියේ නැත කියා කීවෝයයි කීය.


තුන් මසක් පමණ ඉකුත්වූ පසු: නුඹේ ලේලිවූ තාමාර් වේශ්‍යාකම්කළාය; තවද ඈ වේශ්‍යාකමෙන් ගර්භිණීව සිටින්නීයයි යූදාට දන්වනලද්දේය. එවිට යූදා: ඈ පිටතට ගෙනැවිත් පුළුස්සාදමන්නැයි කීවේය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්