Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




උත්පත්ති 38:12 - Sinhala Revised Old Version

12 කල්යාමෙන් ෂුවාගේ දූවූ, යූදාගේ භාර්යාව මළාය; යූදා සැනසුණායින් පසු තමාගේ මිත්‍රවූ අදුල්ලමියවූ හීරා සමඟ තමන් බැටළුවන්ගේ ලොම් කපන්නන් වෙත තිම්නාවට ගියේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

12 කලක් ගිය පසු ෂුවාගේ දුව වූ ජුදාගේ භාර්යාව මළා ය. ඔහු ද අවමංගල්‍ය කාලය නිම වූ පසු, අදුල්ලම් නගරවැසි තම මිත්‍ර හීරා සමඟ, තම බැටළුවන්ගේ ලොම් කපන මිනිසුන් වෙත, තිම්නා නම් ස්ථානයට ගියේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

12 කලක් ගිය පසු ෂුවාගේ දුව වූ ජුදාගේ භාර්යාව මළා ය. ඔහු ද අවමංගල්‍ය කාලය නිම වූ පසු, අදුල්ලම් නගරවැසි තම මිත්‍ර හීරා සමඟ, තම බැටළුවන්ගේ ලොම් කපන මිනිසුන් වෙත, තිම්නා නම් ස්ථානයට ගියේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




උත්පත්ති 38:12
13 හුවමාරු යොමු  

බාලා සිට බස්නාහිරට හැරී සේයිර් කන්දටද, එතනින් කෙසාලොන් වන යෙයාරීම් කන්දට උතුරු පැත්තෙන්ද ගොස් බෙත්-ෂෙමෙෂ්ට බැස, තිම්නාට ගියේය.


අම්නොන්ගේ මරණයෙන් පසු දාවිත් රජ සැනසී සිටි බැවින් ඔහු අබ්සලොම් ළඟට යන්ට ඉතා ආශාවිය.


සම්සොන් වනාහි තිම්නාට ගොස් පිලිස්තිවරුන්ගේ දූවරුන්ගෙන් එක් ස්ත්‍රියක් තිම්නාහිදී දිටීය.


ඊසාක් තමාගේ මවුවූ සාරාගේ කූඩාරමට රෙබෙකා ගෙනවුත් ඈ පාවාගත්තේය; ඈ ඔහුගේ භාර්යාව වූවාය; ඔහු ඈට ප්‍රේමකෙළේය. ඊසාක් තමාගේ මවුගේ මරණයෙන් පසු මෙසේ සැනසුණේය.


අබීගායිල් නාබල් ළඟට පැමිණිවිට, රාජ මංගල්‍යයක් මෙන් ඔහු තමාගේ ගෙදර මංගල්‍යයක් පවත්වමින් සිටියේය; තවද නාබල්ගේ සිත ප්‍රීතිමත්ව තිබුණේය, මක්නිසාද ඔහු හොඳටම මත්වී සිටියේය. එබැවින් පසුවදා එළිවෙන තුරු ඈ කිසිවක් ඔහුට දැන්නුවේ නැත.


ඒලොන්ද තිම්නාද එක්‍රොන්ද,


කායින්ද ගිබෙයාද තිම්නාද යන නුවරවල් දසය සහ ඒවායේ ගම්ද යන මේවාය.


ශෙනාන්ද හදාෂාද මිග්දල්-ගාද්ද,


යර්මූත්ද අදුල්ලාම්ද සෝකෝද අශේකාද,


ඒ කාලයේ යූදා තමාගේ සහෝදරයන් වෙතින් අහක්ව අදුල්ලමියයෙක්වූ හීරා නම් මනුෂ්‍යයෙකු වෙතට ගියේය.


එකල ලාබන් බැටළුවන්ගේ ලෝම කපන පිණිස ගොස් සිටියේය. රාඛෙල් ඇගේ පියාට අයිති දේවතා රූප සොරකම්කරගත්තාය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්