Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




උත්පත්ති 37:15 - Sinhala Revised Old Version

15 බලව, ඔහු කෙතෙහි එහා මෙහා යනවා එක්තරා මනුෂ්‍යයෙක් දැක: කුමක් සොයන්නෙහිදැයි ඔහුගෙන් ඇසීය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

15 එක්තරා මිනිසෙකුට ඔහු හමු වී, “ඔබ කුමක් සොයන්නෙහි දැ”යි ඒ මිනිසා ඔහුගෙන් විචාළේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

15 එක්තරා මිනිසෙකුට ඔහු හමු වී, “ඔබ කුමක් සොයන්නෙහි දැ”යි ඒ මිනිසා ඔහුගෙන් විචාළේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




උත්පත්ති 37:15
10 හුවමාරු යොමු  

බාරාක් සිසෙරා පස්සේ එළවාගන ආ කල යායෙල් ඔහුගේ පෙරමගට ගොස්: එන්න, නුඹ සොයන මනුෂ්‍යයා නුඹට පෙන්වමියි ඔහුට කීවාය. ඔහු ඈ වෙතට ආකල සිසෙරා වැටී මැරී ඉන්නවාත් ඇණය ඔහුගේ නළල් කෙළවරේ ඇනී තිබෙනවාත් දුටුවේය.


යේසුස්වහන්සේ: ස්ත්‍රිය, නුඹ මක්නිසා හඬනවාද? කවරෙකු සොයනවාදැයි ඇගෙන් ඇසූසේක. ඈ උන්වහන්සේ උයන්ගොව්වායයි සිතා: ස්වාමීනි, නුඹ උන්වහන්සේව ගෙනගියානම්, උන්වහන්සේ කොතැන තැබුවාද කියා මට කිව මැනව, මම උන්වහන්සේ ඉවත්කොට ගෙනයමියි කීවාය.


එබැවින් නැවතත් උන්වහන්සේ: නුඹලා කවරෙකු සොයවුදැයි ඔවුන්ගෙන් ඇසූසේක. නාසරිය යේසුස්යයි ඔව්හු කීවෝය.


යේසුස්වහන්සේ තමන් කෙරේ පැමිණෙන්නාවූ සියලු දේ දැන, ඉදිරියට ගොස්: නුඹලා කවරෙකු සොයවුදැයි ඔවුන්ගෙන් ඇසූසේක.


එවිට උන්වහන්සේගේ ගෝලයෝ ඇවිත්, උන්වහන්සේ ස්ත්‍රියෙක් සමඟ කථාකරමින් සිටියාට මවිතවූවෝය; එහෙත් ඔබ කුමක් සොයනසේක්ද? නොහොත් ඈ සමඟ කථාකරන්නේ මක්නිසාදැයි කිසිවෙක් ඇසුවේ නැත.


යේසුස්වහන්සේ හැරී ඔවුන් තමන් පස්සෙන් එනවා දැක: නුඹලා සොයන්නේ කුමක්දැයි ඔවුන්ගෙන් ඇසූසේක. ඔව්හුද: රබ්බි, ඔබ නැවතී සිටින්නේ කොතැනදැයි කීවෝය. (රබ්බි යනු ආචාරිනී යන අර්ථය.)


එවිට එලිෂා ඔවුන්ට කථාකොට: ඒ පාර මේක නොවේ,ඒ නුවරත් මේක නොවේ. මා පසුපස්සේ එන්න, නුඹලා සොයන මනුෂ්‍යයා ළඟට මම නුඹලා ගෙනයන්නෙමියි කියා ඔවුන් සමාරියට ගෙනගියේය.


ආබ්‍රහම් අලුයම නැගිට රොටි සහ වතුර භාජනයකුත් ගෙන හාගර්ගේ කරේ තබා දරුවාද ඈට දී ඇය යන්ට හැරියේය. ඈ පිටත්ව ගොස් බෙයර්-ෂෙබා නම් වනයෙහි මංමුළාවූවාය.


ඔහු: යන්නෙමියි ඔහුට කීවේය. එවිට ඔහු කථාකොට: නුඹ ගොස් නුඹේ සහෝදරයොත් රැළත් සුවසේ සිටිද්ද කියා බලා ඇවිත් මට දන්වන්නැයි ඔහුට කීය. මෙසේ කියා හෙතෙම හෙබ්‍රොන් මිටියාවතේ සිට ඔහු හැරියේය. ඔහු ෂෙඛෙම්ට පැමුණුණේය.


ඔහුද: මාගේ සහෝදරයන් සොයමි. ඔවුන් රැළ කවන්නේ කොතනද කියා මට කියන්නැයි කීවේය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්