Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




උත්පත්ති 36:43 - Sinhala Revised Old Version

43 අධිපතිවූ මග්දීයෙල් සහ අධිපතිවූ ඊරාම්ය. තම තමන් සන්තක දේශයෙහි තමන්ගේ වාසස්ථාන ප්‍රකාරයට ඒදොම්හි අධිපතියෝ මොව්හුය. මෙය ඒදොම්වරුන්ගේ පියවූ ඒසව්ගේ පෙළපතය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

43 අධිපති මග්දීයෙල් සහ ඊරාම් ය. මොවුහු, දේශයේ තමන්ට උරුම වූ වාසස්ථාන අනුව ඒදොම්හි අධිපතීහු ය. එනම්, ඒදොම්වරුන්ගේ පියා වන ඒසව්ගේ පෙළපත ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

43 අධිපති මග්දීයෙල් සහ ඊරාම් ය. මොවුහු, දේශයේ තමන්ට උරුම වූ වාසස්ථාන අනුව ඒදොම්හි අධිපතීහු ය. එනම්, ඒදොම්වරුන්ගේ පියා වන ඒසව්ගේ පෙළපත ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




උත්පත්ති 36:43
15 හුවමාරු යොමු  

මෙයෝනොතයිට දාව ඔප්රා උපන්නේය. සෙරායාට දාව ගෙ-හරාෂිවරුන්ගේ පියවූ යෝවාබ් උපන්නේය; ඔව්හු කර්මාන්තකාරයෝය.


ඔවුන්ට විරුද්ධව සටන් නොකරන්න; මක්නිසාද සේයිර් කඳුකරය උරුමයක් කොට ඒසව්ට මා විසින් දී තිබෙන බැවින් ඔවුන්ගේ දේශයෙන් පියවරක් පමණවත් නුඹලාට නොදෙන්නෙමි.


එවිට මෝසෙස් කාදෙෂ්හි සිට ඒදොම් රජ වෙතට පණිවිඩකාරයන් යවා: නුඹේ සහෝදරවූ ඉශ්‍රායෙල් මෙසේ කියයි–අපට පැමිණි සියලු අමාරුකම් නුඹ දන්නෙහිය.


එවිට ඒදොම්හි අධිපතියෝ විස්මයට පත්වූවෝය; වෙවුලුම මෝවබ්හි බලවන්තයන් අල්වාගනී. කානාන්හි සියලු වැසියෝ දියව ගියෝය.


එබැවින් මා මෙහි එවුවේ නුඹලා නොව දෙවියන්වහන්සේය. උන්වහන්සේ මා ඵාරාවෝට පියෙක්ද ඔහුගේ මුළු ගෙදරට ස්වාමියෙක්ද මුළු මිසර දේශයට ආණ්ඩුකාරයෙක්ද කළසේක.


ඒසව්ගේ කුලුඳුල් පුත්‍රවූ එලිඵස්ගේ පුත්‍රයෝ අධිපතිවූ තේමාන්, අධිපතිවූ ඕමාර්, අධිපතිවූ ශෙපෝ, අධිපතිවූ කෙනස්,


මම ක්ලාන්තව සිටිමි, එබැවින් ඔය රතුපාට කෑමෙන් ටිකක් මට දෙන්නැයි යාකොබ්ට කීය. එබැවින් ඔහුගේ නම ඒදොම් වූයේය.


සාරාගේ දාසීවූ මිසරීය හාගර් ආබ්‍රහම් නිසා බිහිකළාවූ ආබ්‍රහම්ගේ පුත් ඉෂ්මායෙල්ගේ පරම්පරා නම් මේය.


අධිපතිවූ කෙනස්, අධිපතිවූ තේමාන්, අධිපතිවූ මිබ්ශාර්;


යාකොබ් තමාගේ පියා පොරොත්තුව විසූ දේශය වූ කානාන් දේශයෙහි වාසය කෙළේය.


අධිපතිවූ මග්දීයෙල්ය, අධිපතිවූ ඊරාම්ය. මොව්හු ඒදොම්හි අධිපතියෝය.


සේයිර් කඳුකරයෙහි වූ ඒදොම්වරුන්ගේ පියවූ ඒසව්ගේ පරම්පරාවල් මේය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්