Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




උත්පත්ති 34:8 - Sinhala Revised Old Version

8 හාමොර් ඔවුන් හා සමඟ කථාකරමින්: මාගේ පුත්‍රවූ ෂෙඛෙම්ගේ සිත නුඹලාගේ දියණිය කෙරෙහි ඇලුම්වෙයි. ඈ භාර්යාකොට ඔහුට දුන මැනවි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

8 හාමොර් ද ඔවුන් සමඟ කතා කරමින්, “මාගේ පුත්‍ර ෂෙකෙම්, ඔබේ දියණියට පෙම් බැඳ සිටියි. ඇය ඔහුට භාර්යාව මෙන් පාවා දෙන ලෙස මම අයැද සිටිමි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

8 හාමොර් ද ඔවුන් සමඟ කතා කරමින්, “මාගේ පුත්‍ර ෂෙකෙම්, ඔබේ දියණියට පෙම් බැඳ සිටියි. ඇය ඔහුට භාර්යාව මෙන් පාවා දෙන ලෙස මම අයැද සිටිමි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




උත්පත්ති 34:8
9 හුවමාරු යොමු  

සැබවින්ම ඔවුන් නුඹලාගේ සිත් තමුන්ගේ දෙවිවරුන් වෙතට හරවන බැවින් නුඹලා ඔවුන් අතරට නොයා යුතුය, ඔවුන්ට නුඹලා අතරට එන්ට ඉඩ නොදිය යුතුය කියා ස්වාමීන්වහන්සේ ඉශ්‍රායෙල් පුත්‍රයන්ට යම් යම් ජාතීන් ගැන කීසේක්ද ඒ ජාතීන්ට සාලමොන් ස්නේහයෙන් ඇලුම්වූයේය.


සෑමවිටම ඔබගේ විනිශ්චයන් කෙරෙහි ඇති ආශාවෙන් මාගේ සිත බිඳේ.


ස්වාමීන්ගේ මන්දිර උදෙසා මාගේ ආත්මය මහත් ආශාවෙන් යුක්තව වෑරීයයි; මාගේ සිතත් මාගේ මාංසයත් ජීවමාන දෙවියන්වහන්සේට මොරගසති.


දෙවියන්වහන්ස, ඔබ මාගේ දෙවියන්වහන්සේය; අලුයම ඔබ සොයන්නෙමි. වතුර නැති, වියලුණ, වෙහෙස උපදවන්නාවූ දේශයකදී මාගේ ආත්මය ඔබ කෙරෙහි පිපාසා ඇත්තේය, මාගේ මාංසය ඔබ කෙරෙහි ආශා ඇත්තේය.


ඔහුගේ සිත යාකොබ්ගේ දූවූ දීනා කෙරෙහි ඇලුම්විය, ඔහු ඒ තරුණියට ආදරව ඈට කරුණාවන්ත ලෙස කථාකෙළේය.


යාකොබ්ගේ පුත්‍රයෝ ඒ අසා කෙතේ සිට ආවෝය. ඔහු යාකොබ්ගේ දුව සමඟ සයනයකිරීමෙන් ඉශ්‍රායෙල් අතරේ නොකටයුතු වූ නින්දිතකමක් කළ හෙයින් ඒ මනුෂ්‍යයෝ ශෝකව ඉතා කෝපවූහ.


තවද අප හා සමඟ විවාහගනුදෙනු කරමින් නුඹලාගේ දූවරුන් අපට දෙන ලෙසත් අපේ දූවරුන් නුඹලාට ගන්න ලෙසත් ඉල්ලමි.


සෙවණැල්ලට ඉතා ආශාවන්නාවූ මෙහෙකරුවෙකු මෙන්ද, කුලී ලබන්ට බලා ඉන්නාවූ කුලීකාරයෙකු මෙන්ද,


ඔවුන් හැරීඑන්ට ආශාවෙන දේශයට නම් ඔව්හු හැරී නොඑන්නෝය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්