Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




උත්පත්ති 34:13 - Sinhala Revised Old Version

13 එවිට යාකොබ්ගේ පුත්‍රයෝ වනාහි ෂෙඛෙම් තමන්ගේ සහෝදරීවූ දීනාට අවනම්බු කළ නිසා ඔහුටත් ඔහුගේ පියවූ හාමොර්ටත් වංචාවෙන් උත්තරදෙමින්:

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

13 ෂෙකෙම්, ඔවුන්ගේ සහෝදරී වන දීනා දූෂණය කළ බැවින් ජාකොබ්ගේ පුත්‍රයෝ ද ෂෙකෙම් සහ ඔහුගේ පියා වන හාමොර්ට කපටි ලෙස උත්තර දුන්හ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

13 ෂෙකෙම්, ඔවුන්ගේ සහෝදරී වන දීනා දූෂණය කළ බැවින් ජාකොබ්ගේ පුත්‍රයෝ ද ෂෙකෙම් සහ ඔහුගේ පියා වන හාමොර්ට කපටි ලෙස උත්තර දුන්හ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




උත්පත්ති 34:13
17 හුවමාරු යොමු  

කිසිවෙක් කාටවත් නපුරට නපුර නොකරන්ට බලාගෙන, එකිනෙකා ගැනත් සියල්ලන් ගැනත් නිතරම යහපත්වූ දේ කරන්න.


ප්‍රේමවන්තයෙනි, පළි නොගෙන, උදහසට ඉඩහරින්න. මක්නිසාද: පළිගැනීම මාගේය; මම විපාකදෙමියි ස්වාමීන්වහන්සේ කියනසේකැයි ලියා තිබේ.


අප නිදාඉන්දදී ඔහුගේ ගෝලයෝ රෑ ඇවිත් ඔහු සොරාගෙන ගියෝයයි කියන්න.


භක්තිවන්තයා දේශයෙන් නැතිවී ගියේය, මනුෂ්‍යයන් අතරේ අවංක කෙනෙක් නැත. ඔවුන් සියල්ලෝම ලේ වගුරුවන පිණිස රැක සිටිති; එක එකා තම තමාගේ සහෝදරයා දැලකින් අසුකරගන්ට යති.


එනම් ස්වාමීන්වහන්සේට විරුද්ධව අපරාධකිරීමත් බොරුකීමත් අපේ දෙවියන්වහන්සේ වෙතින් අහක්වයාමත් බලාත්කාරයද කැරළිගැසීමද ගැන කථාකිරීමත් බොරු වචන සිතෙන් උපදවා කථාකිරීමත්ය.


තොල්වල අපරාධයෙහි දුෂ්ටයාට මලපතක් තිබේ; එහෙත් ධර්මිෂ්ඨයා විපතෙන් මිදෙන්නේය.


ඔවුන් සෑම දෙන තමුන්ගේ අසල්වාසියා සමඟ නිෂ්ඵල දේ කථාකරති. ඔව්හු චාටු සහිත මුඛයෙන් හා දෙසිතින් කථාකෙරෙති.


නුඹලා දෙවියන්වහන්සේ උදෙසා අසාධාරණ ලෙස කථාකරනවාද? උන්වහන්සේ උදෙසා වංචාකාර ලෙස කථාකරනවාද?


නුඹලා නම් බොරු ගොතන්නෝය, නුඹලා සියල්ලෝම නොවටිනා වෙද්දුය.


සම්සොන්ද: මා පිලිස්තිවරුන්ට අනදරයක් කරන විට මේ වතාවේ ඔවුන් අරබයා මම නිදොස්යයි ඔවුන්ට කීවේය.


කොපමණ දායාද හා තෑගි මට නියමකළත් නුඹලා මට කියන ප්‍රකාරයට දෙන්නෙමි. කොහොම නුමුත් තරුණිය මට භාර්යාකොට දුනමැනවැයි කීවේය.


අචර්මඡේදිත කෙනෙකුට අපේ සහෝදරිය දීම අපට නින්දාවක් බැවින් මේ කාරණය කරන්ට අපට නුපුළුවන.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්