Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




උත්පත්ති 32:20 - Sinhala Revised Old Version

20 ඔබගේ මෙහෙකරුවූ යාකොබ් අප පස්සෙන් එන්නේය කියා කියන්නැයි කීවේය. මක්නිසාද: මට පෙරටුව යවන තෑග්ගෙන් ඔහු සමගිකරගෙන පසුව ඔහුගේ මුහුණ බලන්නෙමි; සමහරවිට ඔහු මා පිළිගන්නවා ඇතැයි ඔහු කීවේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

20 ඇරත්, ‘ඔබේ සේවක ජාකොබ් අපට පිටුපසින් එන්නේ ය’ කියා ද පවසන්නැ”යි කීවේ ය. මන්ද, ‘මට පෙරටුව යවන තෑග්ගෙන් ඔහුගේ සිත දිනාගත් පසු මට ඔහු මුණගැසෙන්න හැකි වනු ඇතැ යි ද, එවිට, ඔහු මා පිළිගන්නේ ය’යි ද ඔහු සිතී ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

20 ඇරත්, ‘ඔබේ සේවක ජාකොබ් අපට පිටුපසින් එන්නේ ය’ කියා ද පවසන්නැ”යි කීවේ ය. මන්ද, ‘මට පෙරටුව යවන තෑග්ගෙන් ඔහුගේ සිත දිනාගත් පසු මට ඔහු මුණගැසෙන්න හැකි වනු ඇතැ යි ද, එවිට, ඔහු මා පිළිගන්නේ ය’යි ද ඔහු සිතී ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




උත්පත්ති 32:20
14 හුවමාරු යොමු  

රහසින් දෙන තෑග්ගකින් උදහසද ඔඩොක්කුවට දෙන දීමනාවකින් තද කෝපයද සන්සිඳෙයි.


විරුද්ධව සිටින්නන් විසින් සැබෑව දැනගන්නා පිණිසද, යක්ෂයා තමාගේ කැමැත්ත කිරීමට අසුකරගත් ඔවුන් මත්කමෙන් පිබිද,


අප විනාශ නොවන ලෙස සමහරවිට දෙවියන්වහන්සේ හැරී, තැවී, තමන්ගේ බලවත් උදහසෙන් නොහැරෙනසේක්ද කියා දන්නේ කවුදැයි නිනිවයෙහි ප්‍රකාශකරන ලද්දේය.


රජුගේ උදහස මරණයේ දූතයන් වැනිය; එහෙත් ප්‍රඥාවත් මනුෂ්‍යයා එය සහනයකරන්නේය.


තරඟකාර මනුෂ්‍යයෙක් තරඟ උපදවයි; එහෙත් ඉවසිලි ඇත්තා ඩබරය සන්සිඳුවයි.


ඔහු කිසි මිදීමේ මුදලක් සලකන්නේ නැත; නුඹ බොහෝ තෑගි දුන්නත් ඔහු සතුටුවෙන්නෙත් නැත.


එවිට ඔහුගේ සේවකයෝ ඔහුට කථාකොට: ඉශ්‍රායෙල් වංශයේ රජවරුන් කරුණාවන්ත රජවරුන් බව අප විසින් අසා තිබේ. ඉතින් අපේ කටිවල ගෝණි රෙදි බැඳගෙන, හිස් පිට ලනු දමාගන, ඉශ්‍රායෙල් රජු ළඟට අපට යන්ට දෙනු මැනවි. සමහරවිට ඔහු ඔබගේ ප්‍රාණය ආරක්ෂාකරනවා ඇතැයි කීවෝය.


එබැවින් නුඹලාගේ ගඩුවල රූපද රට නාස්තිකරන නුඹලාගේ මීයන් සමාන රූපද සාදා ඉශ්‍රායෙල් දෙවියන්වහන්සේට ගෞරව දෙන්න. සමහරවිට උන්වහන්සේ ස්වකීය හස්තය නුඹලා කෙරෙන්ද නුඹලාගේ දෙවිවරුන් කෙරෙන්ද නුඹලාගේ දේශය කෙරෙන්ද අහක්කරගන්නවා ඇත.


ඔවුන්ගේ පියවූ ඉශ්‍රායෙල්ද: එසේ විය යුතුම නම් මේක කරන්න; මේ දේශයේ අනර්ඝ දේ වන ගුගුල් ටිකක්ද මීපැණි ටිකක්ද සුගන්ධ ද්‍රව්‍යද සුවඳලාටුද පිස්ටැසියා ඇටද කොට්ටම්බාද නුඹලාගේ භාජනවල දමා ඒ මනුෂ්‍යයාට තෑග්ගක් පිණිස ගෙනයන්න.


ඔහු දෙවෙනියාටත් තුන්වෙනියාටත් රංචු පස්සේ යන සියල්ලන්ටත් අණකරමින්: ඒසව් සම්බවූ කල නුඹලා එයාකාරයෙන් ඔහුට කථාකර–


මෙසේ ඒ තෑග්ග ඔහුට පෙරටුව ගියේය. ඔහු වනාහි ඒ රාත්‍රියේ අන්දායමෙහි නැවතුණේය.


මනුෂ්‍යයෙකුගේ තෑග්ග ඔහුට ඉඩ ලබාදී, උත්තමයන් ඉදිරියට ඔහු පමුණුවයි,


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්