Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




උත්පත්ති 31:44 - Sinhala Revised Old Version

44 ඉතින් දැන් එන්න, මමත් නුඹත් ගිවිසුමක් කරගනිමු; ඒක මා සහ නුඹ අතරෙහි සාක්ෂියක් පිණිස වේවයි යාකොබ්ට කීවේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

44 එබැවින්, එන්න, ඔබත් මමත් ගිවිසුමක් පිහිටුවා ගනිමු. එය ඔබත් මාත් අතර සාක්ෂියක් පිණිස වේ වා!”යි කීවේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

44 එබැවින්, එන්න, ඔබත් මමත් ගිවිසුමක් පිහිටුවා ගනිමු. එය ඔබත් මාත් අතර සාක්ෂියක් පිණිස වේ වා!”යි කීවේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




උත්පත්ති 31:44
11 හුවමාරු යොමු  

අපේ දවන පූජාවලිනුත් අපේ යාගවලිනුත් අපේ ශාන්ති පූජාවලිනුත් ස්වාමීන්වහන්සේගේ සේවය උන්වහන්සේ ඉදිරියෙහි ඉෂ්ටකිරීම යුතු බවට අප සහ නුඹලාද අපට පසුව අපේ පරම්පරාද අතරේ එහි සාක්ෂියක් වන පිණිසත්, ස්වාමීන්වහන්සේ තුළ නුඹලාට කොටසක් නැත කියා මතු කාලයේ නුඹලාගේ පුත්‍රයන් විසින් අපේ පුත්‍රයන්ට නොකියන පිණිසත්ය.


මේ ව්‍යවස්ථා පොත රැගෙන මෙය එහි නුඹලාට විරුද්ධව සාක්ෂියක්ව තිබෙන පිණිස නුඹලාගේ දෙවිවූ ස්වාමීන්වහන්සේගේ ගිවිසුම් පෙට්ටිය ළඟ තබන්න.


එසේ ඔවුන් පිටට බොහෝ විපත්තිද දුක්ද පැමිණි කල්හි, මේ ගීතිකාව ඔවුන්ගේ දරුමුණුබුරන්ගේ මුඛවලින් පහවී නොයන බැවින් මෙය ඔවුන්ට උත්තර දෙන සාක්ෂිකාරයෙකු මෙන් සාක්ෂිදරනවා ඇත. මක්නිසාද මා විසින් දිවුළ දේශයට ඔවුන් පමුණුවන්ට මත්තෙන් දැන් පවා ඔවුන් කරන ඔවුන්ගේ යෝජනාව දනිමියි කීසේක.


එබැවින් මේ ගීතිකාව ලියාගෙන ඉශ්‍රායෙල් පුත්‍රයන්ට උගන්වන්න. මේ ගීතිකාව ඉශ්‍රායෙල් පුත්‍රයන්ට විරුද්ධව මා උදෙසා සාක්ෂියක් වන පිණිස ඒක ඔවුන්ගේ මුඛයෙහි තබන්න.


නපුරක් කරන පිණිස මා මේ ගොඩ පසුකර නුඹ වෙතට නේන බවටත් නුඹ මේ ගොඩ සහ මේ කණුව පසුකර මා වෙතට නේන බවටත් මේ ගොඩ සාක්ෂි වේවා, මේ කණුවද සාක්ෂි වේවා.


අද මේ ගොඩ මා සහ නුඹ අතරේ සාක්ෂියක්යයි ලාබන් කීවේය. එහෙයින් ඊට ගල්යේද් යන නම තබනලද්දේය.


ඒ දවසේදී ස්වාමීන්වහන්සේ ආබ්‍රම් සමඟ ගිවිසුමක් කරමින්: මිසරයේ ගංගාව පටන් මහත් ගංගාව, එනම්, ප්‍රාත් ගංගාව දක්වා තිබෙන්නාවූ


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්