Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




උත්පත්ති 31:37 - Sinhala Revised Old Version

37 නුඹ මාගේ බඩු සියල්ල අතගා බැලුයෙහිය; නුඹේ ගෙයි බඩු සියල්ලෙන් නුඹට සම්බවුණේ කිමෙක්ද? එය මෙහි මාගේ සහෝදරයන්ද නුඹේ සහෝදරයන්ද ඉදිරියේ තබන්න, ඔව්හු අප දෙදෙනා අතරෙහි විනිශ්චය කෙරෙත්වා.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

37 මා සතු සියල්ල ඔබ සොයා බැලූ නමුත්, ඔබ සතු කිසිවක් සොයාගත්තෙහි ද? යමක් සොයාගත්තෙහි නම්, එය මාගේ පිරිස හා ඔබේ පිරිස ඉදිරියෙහි තබන්න. එවිට අප දෙදෙන අතර විනිශ්චය ඔවුන්ට තීරණය කළ හැක.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

37 මා සතු සියල්ල ඔබ සොයා බැලූ නමුත්, ඔබ සතු කිසිවක් සොයාගත්තෙහි ද? යමක් සොයාගත්තෙහි නම්, එය මාගේ පිරිස හා ඔබේ පිරිස ඉදිරියෙහි තබන්න. එවිට අප දෙදෙන අතර විනිශ්චය ඔවුන්ට තීරණය කළ හැක.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




උත්පත්ති 31:37
11 හුවමාරු යොමු  

නුඹලා නපුර කරන්නහුයයි නුඹලාට විරුද්ධව කථාකරන නුමුත්, ක්‍රිස්තුස්වහන්සේ තුළ තිබෙන නුඹලාගේ යහපත් හැසිරීමට දොස්තබන්නන් ලජ්ජාවට පැමිණෙන පිණිස, යහපත් හෘදයසාක්ෂියක් ඇතුව සිටින්න.


නුඹලා නපුරකරන්නෝයයි අන්‍යජාතීන් නුඹලාට විරුද්ධව කථාකරන නුමුත්, ඔවුන් නුඹලාගේ යහපත් ක්‍රියා දැක, විභාගකිරීමේ දවසේදී දෙවියන්වහන්සේට ගෞරවකරන පිණිස, ඔවුන් අතරේ නුඹලාගේ හැසිරීම ඔබිනලෙස පවත්වන්න.


අප ගැන යාච්ඤාකරන්න. මක්නිසාද අපි සියල්ලේදී යහපත්ලෙස හැසිරෙන්ට ආශාවෙන්, යහපත් හෘදයසාක්ෂියක් ඇතුව සිටින බව විශ්වාසකරමුව.


අදහන්නාවූ නුඹලා අතරෙහි අපි කොපමණ ශුද්ධව ධර්මිෂ්ඨව නිදොස්ව හැසුරුණෙමුද කියා නුඹලාත් දෙවියන්වහන්සෙත් සාක්ෂිකාරයෝය.


නෑසුවොත් සාක්ෂිකාරයන් දෙදෙනෙකුගේ හෝ තුන්දෙනෙකුගේ හෝ මුඛයෙන් සියලු වචන ස්ථිරවන පිණිස නුඹ සමඟ තවත් එක්කෙනෙකු නොහොත් දෙදෙනෙකු කැඳවාගන යන්න.


ඔව්හු කූඩාරම මැද සිට ඒවා යෝෂුවා ළඟටද සියලු ඉශ්‍රායෙල් පුත්‍රයන් ළඟටද ගෙනවුත් ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි තැබූහ.


කවරෙකු ළඟ නුමුත් නුඹේ දේවතාවෝ සම්බවෙත්ද ඔහු ජීවත් නොවේවා. නුඹේ යම් දෙයක් මා ළඟ තිබේද කියා අපේ සහෝදරයන් ඉදිරියේදී බලා එය ගන්නැයි කීවේය. මක්නිසාද රාඛෙල් ඒවා සොරාගත් බව යාකොබ් නොදත්තේය.


එවිට යාකොබ් කිපී ලාබන් සමඟ විවාදකොට උත්තරදෙමින්: නුඹ වේගයෙන් මා පස්සේ එළවාගන ආවේ මාගේ කුමන වරදක් නිසාද? මාගේ පාපය කිමෙක්ද?


දැනට විසි අවුරුද්දක් නුඹ සමඟ සිටියෙමි; නුඹේ බැටළුදෙන්නුද නුඹේ එළුදෙන්නුද ගබ්සානුවූවෝය, නුඹේ රැළවල බැටළුවන් මම නොකෑයෙමි.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්