Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




උත්පත්ති 31:26 - Sinhala Revised Old Version

26 ලාබන් යාකොබ්ට කථාකොට: මා කෙරෙන් මාගේ දූවරුන් කඩුවෙන් ගත් වාලුන් මෙන් ගෙන, මා වෙතින් හොරෙන් පිටත්වී ගිය එක මොන ක්‍රියාවක්ද?

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

26 එවිට ඔහු ජාකොබ්ට කතා කොට, “මා රවටා මාගේ දූවරුන් කඩුවෙන් හිරබාරයට ගත්තවුන් මෙන් රැගෙන යාමෙන් ඔබ මට කෙළේ කුමක් ද?

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

26 එවිට ඔහු ජාකොබ්ට කතා කොට, “මා රවටා මාගේ දූවරුන් කඩුවෙන් හිරබාරයට ගත්තවුන් මෙන් රැගෙන යාමෙන් ඔබ මට කෙළේ කුමක් ද?

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




උත්පත්ති 31:26
17 හුවමාරු යොමු  

එහි සිටි ස්ත්‍රීන්ද ලොකු කුඩා සියල්ලන්ද වාලට ගෙන, කිසිවෙකු නොමරා ඔවුන් අල්ලාගන යන්ට ගියෝය.


දාවිත්ද: මම දැන් මක්කෙළෙම්ද? වචනයක් කීවා පමණක් නොවේදැයි කියා,


නුඹ කළේ මොකද කියා මට කියන්නැයි සාවුල් යොනාතාන්ට කීවේය. යොනාතාන් ඔහුට කියනුයේ: මාගේ අතේ තිබුණු සැරයටියේ අගින් මීපැණි ටිකක් ගෙන කෑවා සැබෑය; ඔන්න, මා නසින්ට ඕනෑයයි කීවේය.


යෝෂුවා ආකාන්ට කථාකොට: මාගේ පුත්‍රය, ඉශ්‍රායෙල්ගේ දෙවිවූ ස්වාමීන්වහන්සේට ගෞරව දී, උන්වහන්සේට ඇත්ත කියා, නුඹ කළ දේ මාගෙන් නොසඟවා මට දන්වන්නැයි කීවේය.


ඔවුන්ගේ සියලු දරුවන්ද භාර්යාවන්ද අල්ලාගෙන, ගෙවල තිබුණු සියලු දේද කොල්ලකා ගත්තෝය.


එවිට යාකොබ් කිපී ලාබන් සමඟ විවාදකොට උත්තරදෙමින්: නුඹ වේගයෙන් මා පස්සේ එළවාගන ආවේ මාගේ කුමන වරදක් නිසාද? මාගේ පාපය කිමෙක්ද?


දෙවියන්වහන්සේ අපගේ පියාගෙන් පැහැරගත් සියලු වස්තුව අපටත් අපේ දරුවන්ටත් අයිතිය. ඉතින් දෙවියන්වහන්සේ ඔබට කී සියල්ල කරන්නැයි ඔහුට කීවෝය.


අබිමෙලෙක්: නුඹ අපට කළ මේ දේ කිමෙක්ද? සෙනඟගෙන් යමෙකුට පහසුවෙන් නුඹේ භාර්යාව සමඟ සයනයකළ හැකිව තිබුණේය, එවිට නුඹ නිසා අප පිටට වරද පැමිණෙන්ට තිබුණේයයි කීය.


එවිට ඵාරාවෝ ආබ්‍රම් කැඳවා: නුඹ මට මේ කළේ මොකද? ඈ නුඹේ භාර්යාව බව කුමක් නිසා මට නොකීවෙහිද?


උන්වහන්සේ: නුඹ කුමක් කෙළෙහිද? නුඹේ සහෝදරයාගේ ලෙයේ ශබ්දය භූමියෙන් මට හඬගසයි.


ස්වාමිවූ දෙවියන්වහන්සේ: නුඹ කළ මේ දෙය මොකදැයි ස්ත්‍රියට කීසේක. ස්ත්‍රීද: සර්පයා මා රැවටුවේය, මම කෑවෙමියි කීවාය.


එබැවින් පුරුෂ තෙමේ තමාගේ පියාද මවුද අත්හැර තම භාර්යාවට ඇලුම්වන්නේය; ඔව්හු එක මාංසයක් වන්නෝය.


පිලාත් උත්තරදෙමින්: මම යුදෙව්වෙක්ද? නුඹේම ජාතියද නායක පූජකයෝද නුඹ මට භාරදුන්නෝය. නුඹ කළේ මොකදැයි ඇසුවේය.


ලාබන් යාකොබ් ළඟට පැමුණුණේය. යාකොබ් තමාගේ කූඩාරම කන්දේ පිහිටුවාගෙන තිබුණේය. ලාබන්ද තම සහෝදරයන් සමඟ ගිලියාද් කන්දේ කූඩාරම් පිහිටුවාගත්තේය.


මාගේ පුත්‍රයන්ද දූවරුන්ද සිඹගන්ට මට අවකාශ නොදී, ප්‍රීතියද ගීතිකාද රබානද වීණාද ඇතුව නුඹ පිටත් කරන පිණිස මට නොදන්වා,


තවද පහන්වූ කල ඒ ලෙයා බව ඔහු දැන ගත්තේය. එවිට ඔහු ලාබන්ට කථාකොට: නුඹ මට කළ මේ දෙය කුමක්ද? මා නුඹට මෙහෙකෙළේ රාඛෙල් උදෙසා නොවේද? කුමක්හෙයින් මට වංචා කෙළෙහිදැයි ලාබන්ට කීය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්