Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




උත්පත්ති 31:10 - Sinhala Revised Old Version

10 තවද රැළ ගැබ්ගත් කාලයේදී හීනයකින් මම මාගේ ඇස් ඔසවා බලා උන් පිට නගින එළුවන් රේඛාද ලපද තිත්ද ඇතිවුන් බව දුටිමි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

10 “තවද සතුන් ගැබ්ගන්න කාලයේ දී මම සිහිනෙන්, නෙත් යොමා බැලූ විට මෙවැන්නක් දිටිමි: එනම්, දෙනුන් සමඟ පට්ටි ගසන බැටළුවෝ සියල්ලෝ ම වයිරම් වැටුණු, පුල්ලි සහ තිත් ඇත්තෝ වූ හ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

10 “තවද සතුන් ගැබ්ගන්න කාලයේ දී මම සිහිනෙන්, නෙත් යොමා බැලූ විට මෙවැන්නක් දිටිමි: එනම්, දෙනුන් සමඟ පට්ටි ගසන බැටළුවෝ සියල්ලෝ ම වයිරම් වැටුණු, පුල්ලි සහ තිත් ඇත්තෝ වූ හ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




උත්පත්ති 31:10
11 හුවමාරු යොමු  

ගිබියොන්හිදී ස්වාමීන්වහන්සේ රාත්‍රියේ ස්වප්නයකින් සාලමොන්ට පෙනුණුසේක. තවද දෙවියන්වහන්සේ කථාකොට: මා විසින් නුඹට දිය යුතු දෙය ඉල්ලන්නැයි කීසේක.


නුඹලා අතරෙහි අනාගතවක්තෘ කෙනෙක්වත් ස්වප්නකාරයෙක්වත් නැගිට,


ඒ දෙදෙනා ඉදිරියට ආවෝය. උන්වහන්සේද: මාගේ වචන අසන්න. නුඹලා අතරෙහි ප්‍රොපේත කෙනෙක් සිටීනම් ස්වාමිවූ මම ඔහුට දර්ශනයකින් ප්‍රකාශවෙන්නෙමි, හීනයකින් මම ඔහුට කථාකරන්නෙමි.


දෙවියන්වහන්සේ රාත්‍රියේ හීනයකින් අරාමියවූ ලාබන් වෙතට පැමිණ: නුඹ යාකොබ්ට හොඳවත් නරකවත් නොකියන ලෙස බලාගන්නැයි කීසේක.


එසේ කෝටු ඉදිරියේදී ගැබ්ගෙන රේඛා සහ තිත්ද ලපද ඇතිවුන් බිහිකළෝය.


එවිට ඔහු ස්වප්නයක් දුටුවේය: බලව, පොළොවෙහි තබනලද හිණිමගක් විය, එහි මුදුන අහස දක්වා විය. දෙවියන්වහන්සේගේ දූතයෝ එහි නගිමින්ද බසිමින්ද සිටියෝය.


දෙවියන්වහන්සේ ස්වප්නයෙන් ඔහුට කථාකොට: එසේය, නුඹේ සිතේ අවංකකමින් මේක කළ බව දනිමි, මට විරුද්ධව පව්කිරීමෙන් නුඹ වැළැක්කුවේ මමය. එබැවින් ඈට ස්පර්ශකරන්ට නුඹට ඉඩනෑරියෙමි.


මෙසේ දෙවියන්වහන්සේ නුඹලාගේ පියාගේ ගවයන් අරගන මට දුන්සේක.


එවිට දෙවියන්වහන්සේගේ දූතයා: යාකොබ් කියා හීනයෙන් මට කීසේක. මම මෙහියයි කීයෙමි.


උන්වහන්සේ: දැන් නුඹේ ඇස් ඔසවා බලව, සිව්පා රැළ පිට නගින සියලු එළුවෝ රේඛාද ලපද තිත්ද ඇති සත්තුය. මක්නිසාද ලාබන් නුඹට කරන සියල්ල දුටුවෙමි.


යෝසෙප් ස්වප්නයක් දැක ඒක තමාගේ සහෝදරයන්ට කීවේය. ඔව්හු ඔහු කෙරෙහි වඩ වඩා වෛර වූවෝය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්