Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය
- දැන්වීම් -




උත්පත්ති 30:26 - Sinhala Revised Old Version

26 මා නුඹට වැඩ කොට ලබාගත් මාගේ භාර්යාවන්ද මාගේ දරුවන්ද මට දී යන්ට හරින්න. මක්නිසාද මා විසින් නුඹට කළ මෙහෙය නුඹ දන්නෙහියයි කීය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

26 මාගේ භාර්යාවන් මට දෙන්න, මම ඔවුන් නිසා ඔබට සේවය කෙළෙමි. මාගේ දරුවන් ද මට දී මා යන්න හරින්න. ඔබට මා කළ සේවය ඔබ දන්නෙහි ය”යි කී ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

26 මාගේ භාර්යාවන් මට දෙන්න, මම ඔවුන් නිසා ඔබට සේවය කෙළෙමි. මාගේ දරුවන් ද මට දී මා යන්න හරින්න. ඔබට මා කළ සේවය ඔබ දන්නෙහි ය”යි කී ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




උත්පත්ති 30:26
9 හුවමාරු යොමු  

යාකොබ් රාඛෙල්ට ආදරේවූයේය. ඔහු කථාකොට: නුඹේ බාල දියණියවූ රාඛෙල් උදෙසා සත් අවුරුද්දක් නුඹට වැඩකරන්නෙමියි කීය.


යාකොබ් රාඛෙල් කරා පැමුණුණේය, ඔහු ලෙයාට වඩා රාඛෙල්ට ආදරේව තව සත් අවුරුද්දක් ලාබන් ළඟ වැඩකෙළේය.


ලාබන් යාකොබ්ට කථාකොට: මා කෙරෙන් මාගේ දූවරුන් කඩුවෙන් ගත් වාලුන් මෙන් ගෙන, මා වෙතින් හොරෙන් පිටත්වී ගිය එක මොන ක්‍රියාවක්ද?


යාකොබ් උත්තරදෙමින්: නුඹ බලාත්කාරයෙන් නුඹේ දූවරුන් මා කෙරෙන් පැහැරගන්නෙහි දෝහෝයි සිතා මා භයවූ නිසාය.


මා විසින් මාගේ මුළු ශක්තියෙන් නුඹලාගේ පියාට මෙහෙකළ බව නුඹලා දන්නහුය.


යාකොබ් අරාම් රටට පලාගියේය, ඉශ්‍රායෙල්ද භාර්යාවක් සඳහා වැඩකර, භාර්යාවක් සඳහා බැටළුවන් බලාගත්තේය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්