Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




උත්පත්ති 30:25 - Sinhala Revised Old Version

25 රාඛෙල් යෝසෙප් බිහිකළ පසු යාකොබ් ලාබන්ට කථාකොට: මාගේම ස්ථානයටද මාගේ රටටද යන පිණිස මා හරින්න.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

25 රාකෙල් ජෝසෙප් ලැබූ පසු ජාකොබ් ලාබන්ට කතා කොට, “මාගේ ම ගෘහයට, මාගේ ම දේශයට යන පිණිස මා යන්න හරින්න.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

25 රාකෙල් ජෝසෙප් ලැබූ පසු ජාකොබ් ලාබන්ට කතා කොට, “මාගේ ම ගෘහයට, මාගේ ම දේශයට යන පිණිස මා යන්න හරින්න.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




උත්පත්ති 30:25
13 හුවමාරු යොමු  

ඔවුන්, එනම්, ඔහු සහ ඔහු සමඟ සිටි මිනිසුන් කා බී මුළු රාත්‍රියෙහි නැවතී උදය නැගුටුණු විට: මාගේ ස්වාමියා වෙතට මා යන්ට හරින්නැයි ඔහු කීවේය. ඇගේ සහෝදරයාද මවුද:


ස්වාමීන්වහන්සේ මාගේ ගමන සඵලකළ බැවින් මා ප්‍රමාද නොකර මාගේ ස්වාමියා වෙතට යන පිණිස මා හරින්නැයි ඔහු ඔවුන්ට කීය.


ලාබන් අලුයම නැගිට තම පුත්‍රයන්ද දූවරුන්ද සිඹ ඔවුන්ට ආශීර්වාදකොට පිටත්ව තමාගේ ස්ථානයට හැරී ගියේය.


මම වනාහි නුඹ කණුවක් ආලේපකර භාරයක් වුණු ස්ථානය වූ බෙතෙල්හිදී ප්‍රකාශවූ දෙවියන්වහන්සේය. ඉතින් නැගිට මේ දේශයෙන් පිටත්ව නුඹ උපන් රටට හැරී යන්නැයි කීසේකැයි කීය.


බලව, මම නුඹ සමඟ සිටිමි, නුඹ යන සියලු තැන්හිදී නුඹ ආරක්ෂාකර නැවත මේ දේශයට නුඹ පමුණුවන්නෙමි; මක්නිසාද මා විසින් නුඹට කී දෙය සිදුකරන තුරු නුඹ අත් නොහරින්නෙමියි කීසේක.


බලව, ස්වාමීන්වහන්සේ ඊට ඉහළින් සිට කථාකොට: මම නුඹේ පියවූ ආබ්‍රහම්ගේ දෙවිවූ, ඊසාක්ගේ දෙවිවූ ස්වාමීන්වහන්සේය. නුඹ නිදා සිටින දේශය නුඹටද නුඹේ වංශයටද දෙන්නෙමි;


මම නුඹ සමඟ සිට නුඹට ආශීර්වාදකරන්නෙමි; මක්නිසාද මම නුඹටද නුඹේ වංශයටද මේ සියලු දේශයන් දෙන්නෙමි, මම නුඹේ පියවූ ආබ්‍රහම්ට දිවුළ දිවිරීම ඉෂ්ටකරන්නෙමි;


ස්වාමීන්වහන්සේ ආබ්‍රහම් සමඟ කථාකොට නිමවූ වහාම යන්ට ගියසේක. ආබ්‍රහම්ද තමාගේ ස්ථානයට හැරී ගියේය.


ඇදහිල්ලෙන්, ඔහු අන් දේශයක මෙන් පොරොන්දුවේ දේශයෙහි පොරොත්තුවී, එම පොරොන්දුවට උරුමක්කාරයන් වූ ඊසාක් සහ යාකොබ් සමඟ කූඩාරම්වල වාසයකළේය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්